2020 න් මෙහා වෙන ආණ්ඩුවක් නෑ -ජනපති : තව කැබිනට් ඇමැති 3 යි: නියෝජ්‍ය ඇමැති 24 යි: රාජ්‍ය ඇමැති 19 යි දිව්රුම් දෙති


Syndicated from lankaenews.com,
2015.සැප්.09, ප.ව.6.20

 
  
තවත් කැබිනට් අමාත්‍යවරු 3 දෙනෙක් සමග රාජ්‍ය ඇමැතිවරු 19 ක් සහ නියෝජ්‍ය ඇමැතිවරු 21 ක් අද සවස ජනාපතිවරයා ඉදිරියේ දිවුරුම් දී දුන්හ. නියෝජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකු දිව්රුම් දීමට පැමිණ සිටියේ නැත.
‘මේ ආණ්ඩුව වැඩිකල් යන්නේ නෑ කියලා. මේ ආණ්ඩුව වැඩිකල් යන්න කලින් පෙරලන්න පුළුවන් කියලා සමහරු කියනවා. නමුත් 2020 ට මෙහා කිසිම කෙනෙක් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්න එපා‘ යි ඇමැති ධූර දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ‘හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කෙනෙක් වෙලා ඉඳල අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එහෙනම් කැබිනට් අමාත්‍යවරයෙක් වී සිට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වීම ලොකු දෙයක් නෙමේ“ යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය. 
අද පත්කළ කැබිනට් ඇමැතිවරු තිදෙනා නම්
1 විජිත් විජිතමුණි සොයිසා  - වාරි මාර්ග හා ජල කළමනාකරණ
2 ෆයිසර් මුස්තාෆා  - පළාත් සභා සහ පළාත් පාලන
3 මලික් සමරවික්‍රම - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ 
අද පත් කළ රාජ්‍ය ඇමැතිවරු 19 දෙනා මෙසේය.
1 ඩිලාන් පෙරේරා - මහාමාර්ග  (රාජ්‍ය)
2 ඒ එච් එම් ෆවුසි -  ජාතික ඒකාග්‍රතා  (රාජ්‍ය)
3 ප්‍රියංකර ජයරත්න - නීතිය හා සාමය, බන්ධනාගාර (රාජ්‍ය)
4 ලක්ෂ්මන් යාපා - මුදල් (රාජ්‍ය)
5 ටී බී ඒකනායක - ඉඩම් (රාජ්‍ය)
6 රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සමිති (රාජ්‍ය)
7 දිලිප් වෙදආරච්චි - ධීවර ඇමැති  (රාජ්‍ය)
8 නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ඇමැති  (රාජ්‍ය)
9 පාලිත රංගේ බණ්ඩාර - වෘත්තීය පුහුණු ඇමැති  (රාජ්‍ය)
10 රුවන් විජයවර්ධන - ආරක්ෂක  ඇමැති  (රාජ්‍ය)
11 මොහාන් ලාල් ග්‍රේරු - විශ්ව විද්‍යාල අධ්‍යාපන ඇමැති  (රාජ්‍ය)
12 චම්පික ප්‍රේමදාස - කර්මාන්ත ඇමැති  (රාජ්‍ය)
13 වී.රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන ඇමැති (රාජ්‍ය)
14 ඒ.එල්.එම්.හිස්බුල්ලා - පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් ඇමැති (රාජ්‍ය)
15 ඩබ්ලිව්.මහේෂ්වරන් - ළමා කටයුතු ඇමැති (රාජ්‍ය)
16 සුජීව සේනසිංහ - ජාත්‍යන්තර වෙළඳාම් ඇමැති (රාජ්‍ය)
17 වසන්ත අලුවිහාරේ - කෘෂිකර්ම (රාජ්‍ය)
18 වසන්ත සේනානායක - වාරිමාර්ග හා ජලසම්පත් (රාජ්‍ය)
19 සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - නගර සැලසුම් (රාජ්‍ය)
අද පත් කළ නියෝජ්‍ය ඇමැතිවරු 24 මෙසේය
1 සුමේධා ජී.ජයසේන - වන ජීවී නියෝජ්‍ය
2 සුසන්ත පුංචිනිළමේ - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය
3 අමීර් අලි - ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය
4 ලසන්ත අලගියවන්න - මහා නගර නියෝජ්‍ය
5 ඉන්දික බණ්ඩාරනායක - නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය
6 ෆයිසාල් කාසිම්  - සෞඛ්‍ය නියෝජ්‍ය
7 දුනේෂ් ගන්කන්ද - ආපදා කළමනාකරන නියෝජ්‍ය
8 දුලිප් විජේසේකර - තැපැල් හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය
9 ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය
10 නිශාන්ත මුතුහෙට්ටිගම - නාවික හා වරාය නියෝජ්‍ය
11 අනෝමා ගමගේ - ඛනිජ තෙල් නියෝජ්‍ය
12 ආචාර්ය හර්ෂ ද සිල්වා - විදේශ කටයුතු නියෝජ්‍ය
13 අජිත් පී.පෙරේරා - විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය
14 රංජන් රාමනායක - සමාජ සේවා නියෝජ්‍ය
15 අශෝක අබේසිංහ - ප්‍රවාහන නියෝජ්‍ය
16 අරුන්දික ප්‍රනාන්දු - ස්වදේශ කටයුතු නියෝජ්‍ය
17 එරාන් වික්‍රමරත්න - රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය
18 තාරානාත් බස්නායක - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය
19 එච්.එම්. හාරිස් - ක්‍රීඩා නියෝජ්‍ය
20 කරුණාරත්න පරණවිතාන - පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය
21 නිමල් ලංසා - සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය
22 සිරිපාල ගම්ලත් - විදේශ රැකියා නියෝජ්‍ය (අද දිව්රුම්දීමට පැමිණියේ නැත)
23. අනුරාධ ජයරත්න  - මහවැලි සංවර්ධන නියෝජ්‍ය  (අද දිව්රුම්දීමට පැමිණියේ නැත)
24. එස්.දුෂ්මන්ත - අධිකරණ නියෝජ්‍ය  (අද දිව්රුම්දීමට පැමිණියේ නැත)

Comments