Syndicated from lankaenews.com,
2015.සැප්.10, ප.ව.4.45
ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූ බවට චෝදනා නැගෙන මානව හිමිකම් කෙළෙසීම් ගැන මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැත්තේ මන්දැයි ජිනීවා තානාපති අංශ කුකසට පත්ව සිටින බව වාර්තා වේ. කොළඹ විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ තවමත් වාර්තාවේ පිටපතක් ලංකාන්ඩුවට ලැබී නැති බවය. පිටු 200 ඉක්මවනු ඇතැයි කියැවෙන එවැනි වාර්තාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ට කාලයක් අවශ්‍ය බවද විදේශ අමාත්‍යාංශය අදහස් කරන බව වාර්තා වේ.
මෙම වාර්තාව ලබන සඳුදා එනම් සැප්තැම්බර් 14දා ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසි වාරයට ඉදිරිපත් කැරෙන A/HRC/30/61 අංකය දරන වාර්තාව ලෙස දැනටමත් එහි වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. 30 වන සැසිවාරය ඔක්තොබර් 02 දා අවසන් වෙයි. කවුන්සිලයේ සාමාන්‍ය සම්ප්රදාය වන්නේ මෙවැනි වාර්තා කල් තබා අදාළ ආණ්ඩුවට යැවීම ය. මහ කොමසාරිස් සෙයිඩ් යටතේ කවුන්සිලය මන්දගාමී වී ඇතැයි එහි අභ්‍යන්තර අංශ මැසිවිළි නගති.
මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ මෙයට මාස පහකට පෙර මාර්තු මාසයේ දී ය. වාර්තාව අවසන් වශයෙන් සකස් කිරීම මෙයට දෙමසකට පෙර අවසන් වූ බව ද දැන ගන්නට තිබේ.
මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ මෙයට මාස පහකට පෙර මාර්තු මාසයේ දී ය. වාර්තාව අවසන් වශයෙන් සකස් කිරීම මෙයට දෙමසකට පෙර අවසන් වූ බව ද දැන ගන්නට තිබේ.
රාජ්‍ය නායකයින් හෝ ඇමැතිවරුන් විසින් මානව හිමිකම් කවුන්සිලය අමතන්නේ සැසිවාරයේ ප්‍රථම සතියෙහි දී ය. බොහෝ විට එම අවස්ථාවෙහිදී ශ්‍රි ලංකා ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරයකු විසින් උක්ත වාර්තාව සම්බන්ධයෙන් සිය මතය පළ කරනු ඇතැයි සැළකේ. එසේ නමුත් තවමත් එම වාර්තාව ලැබී නැති තත්වයක් තුළ ශ්‍රී ලංකාන්ඩුවට ප්‍රථම සතියෙහි ලැබෙන කාලය තුළ ඊට ප්‍රතිචාර දැක්වීම දුෂ්කර වීමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සැප්. 30 වන දින මහ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ඉදිරිපත් කරනු ඇත. ඉන් අනතුරුව වාර්තාව පිළිබඳ කවුන්සිලයේ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.
එයට පෙර ලබන 17වන බ්‍රහස්පතින්දා ජිනීවා හි ඇමෙරිකානු තානාපති දූත මණ්ඩලය ශ්‍රී ලංකාව පිළිබඳ මෙවර සැසි වාරයට ඉදිරිපත් කැරෙන යෝජනාව නොනිල වශයෙන් සාකච්ඡා කිරීම පිණිස තානාපති සහ සිවිල් සමාජ පිරිස් සහභාගි වනු ඇති පුළුල් රැස්වීමක් කැඳවා තිබේ. ඇමෙරිකානුවන් කියා ඇත්තේ මෙවර යෝජනාව ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ හවුලේ ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන බවය. එසේ නමුත් මහ කොමසාරිස් සෙයිඩ් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව තව දුරටත් ප්‍රසිද්ධ නොකර සිටිය හොත් එම සාකච්ඡා සභාවෙන් වැඩක් නැතිවනු ඇත.
කෙසේ වෙතත් මෙවර මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෘදු ආකල්පයක් ගන්නට ඉඩ ඇති බවට දැනටමත් ඉඟි පළ වී තිබේ. එසේ නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධ මහ කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්තාව විසින් ලංකාන්ඩුව මෙන්ම එල්ටීටීඊ සංවිධානය වෙත ද යුද අපරාධ සම්බන්ධයෙන් නිශ්චිත චෝදනා එල්ල කර ඇතැයි ද වාර්තා වේ. සුදු කොඩි රැගෙන බාර වූ එල්ටීටීඊ නායකයින් ඇතුළු පිරිස් ඝාතනය කිරීම, මැයි 19වන දින පියතුමකු සමඟ බාර වූ තවත් එල්ටීටීඊ නායක පිරිස් අතුරුදහන් වීම, යුද කලාපයේ රෝහල් වෙත ෂෙල් වෙඩි ප්රහාරයන් එල්ල කිරීම ඇතුළු සිද්ධින් ගණනාවක් සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි පරීක්ෂණ කණ්ඩායමට ලැබී තිබේ. එල්ටීටීඊ සංවිධානය වෙත පැවරෙන චෝදනාවන් අතර බලහත්කාරයෙන් පිරිස් සිය හමුදාවට බඳවා ගැනීම සහ යුද්ධයේ අවසාන දිනයන්හි රජයේ අනසක පැවැති පෙදෙස් කරා යාමට උත්සාහ කළ පිරිස ඝාතනය කිරීම ඇතුළු තවත් සිද්ධීන් ගණනාවක් ඇති බව ද වාර්තා වේ.

මෙම පරීක්ෂණ කමිටුව වෙත එම පරීක්ෂණයට අදාළ කාල පර්ච්ඡේදයට පෙර සිදුව ඇති බොහෝ සිදුවීම් විශේෂයෙන් මුස්ලිම් සහ සිංහල පිරිස් විසින් වාර්තා කර තිබූ නමුත් එම කරුණු වාර්තාවට ඇතුල් කර නැති බව ද කියැවේ.
-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරු ජිනීවා සිට-
Comments
Post a Comment