මහින්ද රාජපක්ෂට නොතීසි බාර දුන්, සිරිලිය ගිණුම සොයන අල්ලස් කොමිසමේ පොලිස් පරීක්ෂකගේ නිවසට වෙඩි තබලා: සීසීටීවී කැමරාවෙන් මාට්ටු (Video)
syndicated from lankaenews.com,
මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට මාස කිහිපයකට පෙර නොතීසි බාර දුන් අල්ලස් කොමිසමේ චින්තක නමැති පොලිස් පරීක්ෂකවරයාගේ මාතර - වල්ගම ප්රදේශයේ පිහිටි නිවසට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබේ. වෙඩි තැබීම සිදුකර ඇත්තේ ඊයේ රාත්රියේ දී ය.
වෙඩි තැබීමෙන් ජීවිත හානි නොමැති නමුත් නිවසට හානි සිදුවී ඇත.
මහින්දට නොතීසි බාර දීමෙන් පසුව චින්තකගේ නිවසට පැමිණි මැර පිරිසක් නිවසේ තිබූ බඩු භාණ්ඩ විනාශ කර පලා ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් මාතර පොලිසිය නිසි ලෙස පරීක්ෂණ සිදුකර නැත. මහින්දට සිතාසි බාර දීම පමණක් නොව ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුම සම්බන්ධයෙන්ද, මහින්දානන්ද අලුත්ගමගේ ගේ දූෂණ සම්බන්ධයෙන් ද චින්තක පොලිස් පරීක්ෂකවරයා පරීක්ෂණ පවත්වන්නෙකි.
නිවසට පහර දී බඩු භාණ්ඩ විනාශ කිරීමේ සිද්ධියෙන් පසු පැමිණි ජීවිත තර්ජන හේතුවෙන් චින්තක විසින් රහසිගත සීසීටීවී කැමරා පද්ධතියක් නිවසේ සවිකර තිබී ඇත. ඊයේ රාත්රී මෝටර් සයිකලයකින් පැමිණි දෙදෙනා වෙඩි තබනු එම කැමරා වල පැහැදිලිව සටහන්ව ඇති අතර එය පහත දැක්වෙන වීඩියෝවෙන් දැක්වේ. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව අද දහවල් ඒ නිවස ගැන ඔත්තු බැලූ සැකකටයුතු පුද්ගලයෙක් අල්ලා ගෙන ඇති නමුත් ඔහු කිසිවක් ප්රකාශ නොකරන බව පැවසේ.
නව රජය බලයට පත්වීමෙන් පසු පරාජිත රාජපක්ෂ රෙජීමයේ දූෂිතයන්ගේ වංචා දූෂන සෙවීම ගැන උරණ වූ පළාත් සභා මන්ත්රී ඩී.වී.උපුල් වංචා සොයන පොලිස් නිලධාරීන්ට ගල් ගසා මරණ බව ප්රසිද්ධියේ පැවසීය. ඔහු නියෝජනය කරන්නේද මාතර වන අතර ඔහු එම ප්රකාශය කෙළේ නාමල් රාජපක්ෂද සිටි වේදිකාවක ඔහුගේ උගැන්නුම් බස් මත බව වාර්තා විය.
වෙඩි තබන වීඩියෝව

---------------------------
Comments
Post a Comment