රනිල් මාර-පනරියාට කුකුල් කොටුව බාර දීමට යයි: SMS යවා විරෝධය පාන්නැයි දූෂන විරෝධී සංවිධාන ජනතාවගෙන් ඉල්ලයි
Syndicated from lankaenews.com,
පසුගිය දින සීයේ ආණ්ඩු කාලයේදී හෙලිදරව් කර ගැනීමට උත්සාහ කළ රාජපක්ෂ
යුගයේ මෙගා දූෂන වලට සම්බන්ධ වූවන් බේරා ගැනීමට ඔවුන්ගේ මුදල් කුට්ටි වලට
යට වී හිටපු ආරක්ෂක ඇමැති වරයෙක්ද හිටපු නීතිපතිවරයෙක්ද වූ ජනාධිපති නීතිඥ
තිලක් ජානක මාරපන හෙවත් තිලක් මාරපන මහතා රහසේ ක්‍රියා කළ බව ප්‍රසිද්ධ
රහසකැයි දූෂන විරෝධීහු පවසති.
දැන් ඔහු එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති අතර ඔහුට පොලිසිය බාර නීතිය හා සාමය අමාත්‍යාංශය බාර ඇමැති ධූරය ලබා දීමට යන බවට ආරංචි පැතිර ගොස් තිබේ. මෙම ආරංචිය නිසා දූෂණ විරෝධී සංවිධාන බලවත් කැළඹීකට ලක්ව ඇත.
පසුගිය දින සීයේ කාලයේදී තිලක් මාරපන මහතා දූෂිතයන් බේරා ගැනීමට ඍජුවම පොලිසි වලට දුරකථන ඇමැතුම් ලබා දුන් නමුත් බොහෝ පොලිස් නිලධාරීහු ඔහුගේ උපදෙස් පිලිගත්තේ නැත. ඉන්පසුව ඔහු නීතිපති වරයා සමග එකතු වී දූෂිතයන් බේරා ගැනීමට නොයෙකුත් ගේම් ගැසුවේ ය. මේ සියලු තොරතුරු දන්නා දූෂන විරෝධී සංවිධාන තිලක් මාරපනට පොලිසිය බාර දුනහොත් දූෂන සොයන පරීක්ෂණ වලට සිදුවන සන්තෑසිය ගැන අතැඹුලක් සේ දනිති. එය නරියාට කුකුල් කොටුව බාරදුන්නා හා සමාන ය. තිලක් මාරපනට පොලිසිය බාර දුනහොත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ක්ලීන් සූට් එකේ අවසානයද එයම යැයි පවසන දූෂණ විරෝධී සංවිධාන තිලක් මාරපනට පොලිසිය බාර දීමට එරෙහිව නැගී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලයි.
ඒ සඳහා අග්‍රමාත්‍ය ලේකම්වරයාගේ 077 411 7826 දරණ ජංගම දුරකථනයට එස්එම්එස් පණිවුඩ යවමින් තිලක් මාරපනට පොලිසිය බාර දීමට විරෝධය දක්වන්නැයි දූෂන විරෝධී සංවිධාන ජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment