සීෂෙල්ස් දූපතේ විවෘත කළ ලංකා බැංකු ශාඛාව හරහා රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකරලා : FCID පරීක්ෂණ වලින් රහස් රැසක් එළියට: ගෝඨාභය අද ජනාධිපති කොමිසම ඉදිරියට

syndicated from lankaenews.com,



රාජපක්ෂ පවුල විසින් වංචනික ලෙස සොරකම් කල මහජන මුදල් බොහොමයක් පවතින්නේ සී ෂෙල්ස් රාජ්‍යයේ බවටත් මහින්ද රාජපක්ෂ විසින් එම දූපත් හි මෑතකදී විවෘත කරන ලද ලංකා බැංකු ශාඛාව රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කර ඇති බවටත් FCID ය වෙත ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ වලදී බොහෝ කරුණු හෙලිදරව් වී තිබේ.
පැමිණිල්ලේ සඳහන් කරුණු වලට අදාල ලේඛණ ලබා ගැනීම සඳහා සහ ගිණුම් හිමියන්ගේ විස්තර ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගෙන ඇති අතර ඒ සඳහා FCID ය කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත බී/663/15 දරණ බී වාර්තාව මගින් කරුණු දක්වා තිබේ. 
පරීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ සී ෂෙල්ස්හි ලංකා බැංකු ශාඛාවක් විවෘත කිරීමට කිසිදු සාධාරණ හේතුවක් තිබී නැති බවයි. නමුත් බැංකුව ආරම්භයේ සිටම හුවමාරු වූ මුදල් පිලිබඳ පරීක්ෂණ කිරීමේදී අසාමාන්‍ය මුදල් හුවමාරුවක් දැක ගත හැකි වී තිබේ. මේ අනුව රාජපක්ෂ පවුල මෙම ශාඛාව තම කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට සහ එමගින් එම පවුල මුදල් උපයා ගත් ආකාරයත් හෙලිදරව් වෙමින් පවතී. මිහින් ලංකා ගුවන් සේවය මගින් සීෂෙල්ස් වෙත ගමන් ගත් මගීන් පිලිබඳ වාර්තාද FCID ය මගින් පරීක්ෂා කරමින් සිටී. මේ සම්බන්ධයෙන් සී ෂෙල්හි ලංකා බැංකු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී. 
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් මග හරිමින් සිටි ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ අද උදෑසන පෙනී සිටීමට නියමිතය. රක්නා ලංකා ආයතනයේ කළ කී දෑ සම්බන්ධයෙන් ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනීම අද සිදුකරනු ඇතැයි කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

Comments