‘දූෂිතයන්ට එරෙහි පරීක්ෂණ නොකඩවා ගෙනගොස් ශ්‍රීලනිපය සුද්ද කරන්න‘ -ආචාර්ය අමුණුගම ජනපතිගෙන් ඉල්ලයි: ශෂී වීරවංශ කබ්රාල් ගම්මන්පිල කැඳවා ප්‍රශ්න කරමින් CID ය FCID ය යලි වැඩ අල්ලයි

syndicated from lankaenews.com,

 
පෙර ආණ්ඩුවේ සිටි, දැනට පාර්ලිමේන්තුවට තේරී පත්වූ දූෂිතයන්ට එරෙහිව සිදුකරගෙන යන පරීක්ෂන එලෙසම නොකඩවා පවත්වා ඒ අයට නීතියෙන් දඬුවම් දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශුද්ධ කරන්නැයි ආචාර්ය සරත් අමුණුගම මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙසේ ඉල්ලා සිටියේ අද උදේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ය.
කිසිවෙකු ආචාර්ය අමුණුගමගේ ඉල්ලීමට බාධා කෙළේ නැත.
මේ අතර පොලිසි මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය FCID ය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID අද යලිත් තම විමර්ශන ආරම්භ කෙළේය. පසුගිය මැතිවරණ කාලෙය්දී මැතිවරණ කොමසාරිස් වරයාගේ ඉල්ලීම නිසා ප්‍රශ්න කිරීම් අත්හිටුවා තිබුනද අද යලි එම ප්‍රශ්න කිරීම් ආරම්භ කරමින් මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් FCID ය කැඳවා ප්‍රශ්න කෙළේය.
විමල් වීරවංශ ගේ බිරිඳ ශෂී වීරවංශ ද අද යලිත් CID යට කැඳවා ප්‍රශ්න කළ අතර ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ පැමිණිල්ලක් මත උදය ගම්මන්පිලවද CID යට කැඳවා අද ප්‍රශ්න කෙළේය.


Comments