“භාරත ඝාතන නඩුව නවත්වන්න මහින්ද රාජපක්ෂ විශාල ලෙස බලපෑම් කළා“ - ත්‍රිපුද්ගල විනිසුරුවන් ඉදිරියේ විභාගය අරඹද්දී හිරුණිකා කියයි
syndicated from lankaenews.com,
පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ තම වෘත්තීය සමිති උපදේශකයා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා මරා දැමීම සම්බන්ධ නඩුව ඉදිරියට ගෙන නොයන්නැයි ඔහු බලයේ සිටියදී තමන්ට බලපෑම් කළ බව භාරතගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද අධිකරණ භූමියේදී පැවසුවාය.
භාරත ඝාතන නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කරන ලද අතර අද ප්‍රථම වරට එම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුව කැඳවනු ලැබීය. මහාධිකරණ විනිසුරුවරිය පද්මිනී රණවක ගුණතිලක, විනිසුරු ශිරාන් ගුණතිලක සහ විනිසුරු එම්.සී.බී.එස් මොරායස් මහත්වරුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝජය කරති.
2011 ඔක්තෝබර් මස 08 වන දා අංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමකට සම්බන්ධ වී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, රාජු උරුගේ ගාමිණි නැමැත්තා ඝාතනයට තැත් කිරීම, එදින ඡන්දය භාවිත කිරීමට පැමිණ සිටි පිරිස ගිනි අවි පෙන්වා සාපරාධි ලෙස බිය ගැන්වීම , නීති විරෝධී රැස්වීමකට සම්බන්ධවීම විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති චෝදනා වේ.
දුමින්ද සිල්වා සහ තවත් විත්තිකරුවන් 12 දෙනෙකු නඩුවේ චුදිතයන් ලෙස නම් කර ඇති අතර ඉහත චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඝාතන නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර ඇති ජනක ප්‍රියන්ත ගලබොඩ නැමැත්තා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ මීට පෙර සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ භාරත ඝාතනයෙන් පසුව 2011 වසරේ නොවැම්බර් මාසයේ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් සුදු වෑන් රථයකින් පැමිණ ඔහු පැහැරගෙන ගිය බවත් ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනම නඩුවක් විභාග වෙමින් පවතින බවයි.
එම සාක්ෂිය පිළිගත් අධිකරණය අදාළ විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට තීරණය කරන ලදී. මෙම ආන්දෝලනාත්මක නඩුව ඔක්තෝබර 12 වැනි දා සිට සෑම සතියකට සඳුදා සිට බදාදා දක්වා විභාගයට ගැනීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළහ.
නඩු විභාගයෙන් අනතුරුව අධිකරණ භූමියේදී මාධ්‍ය ඇමැතූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ මෙම නඩුව වෙනුවෙන් වසර 3 ක් සටන් කළ බවත් නඩුව ඉදිරියට ගෙන යන්න එපා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇයට විශාල ලෙස බලපෑම් කළ බවයි. චුදිත දුමින්ද සිල්වාට වත්මන් යහපාලනය යටතේ නාම යෝජනා නොලැබීම ගැන සතුට පළ කළ ඇය දැන් ඔවුන්ට කිසිදු බලයක් නැති බැවින් මෙම නඩුව සම්බන්ධයෙන් සාක්කි දීමට බිය නැතිව ඉදිරියට එන්නැයි ජනතාවට ආයාචනා කළාය.
නඩු විභාගය සඳහා දුමින්ද සිල්වා සහ හිරුණිකා ප්රේමචන්ද දෙදෙනාම අධිකරණයට පැමිණ සිටි අතර සේයාරුවේ දැක්වෙන්නේ එහි අවස්ථාවකි. සේයාරුව ඩේලිමිරර්

Comments
Post a Comment