syndicated from lankanewsweb.net,
ඉදිරි මහමැතිවරණයෙන් පසු පිහිටුවන එජාපෙ රජය යටතේ ආරක්ෂක ලේකම් ධූරයේ වෙනසක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත්කිරීමට නියමිතය. ඔහු මේ වනවිට මහජන බැංකුවේ සභාපති ලෙස කටයුතු කරන අතර දිගු කලෙක සිට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර ද දරයි. ඔහු මීට පෙර අමාත්‍යංශ කීපයක ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ.
හේමසිරි ප්‍රනාන්දුගේ ඉවත්වීමෙන් හිස්වන මහජන බැංකු සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන නිශ්ශංක නානායක්කාර මහතා පත්කිරීමට නියමිතය. එසේම ඔහු එක්සත් ජාතික පක්ෂ සභාපති ලෙස පත්කිරීමට ද ඉඩ තිබේ. එක්සත් ජාතික පක්ෂ වත්මන් සභාපති මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම්කොට ඇති අතර ඔහු කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත්වුවහොත් නිශ්ශංක නානායක්කාර මහතා එජාප සභාපති තනතුරට පත්වීමට නියමිතය
Comments
Post a Comment