ගලන ගග ආපසු හැරවිය නොහැකිය.

syndicated from samabima.com,

මිට අවුරුද්දකට පෙර එනම් 2014 ජූලි මස 26 වනදා පොදු අපේක්ෂකයෙක්ද? පොදු වැඩපිළිවෙලක්ද? යන තේමාව ඔස්සේ සම්මන්ත‍්‍රණයක් සමබිම පුවත්පත විසින් මාතරදි සංවිධානය කරන ලදි. මෙම සම්මන්ත‍්‍රණය අමතා නිමල්කා ප‍්‍රනාන්දු, ගාමිණි වියන්ගොඩ, දිප්ති කුමාර ගුණරත්න සහ සුදර්ශන ගුණවර්ධන කතා කළහ. මාතර නගරයේදි මෙම සම්මන්ත‍්‍රණය පවත්වන අතරතුර, එයට සමගාමිව කොළඹ නගරයේදි අපට-එනම් සමබිම පළකරන රයිට්ස් නව් සංවිධානයට- විරුද්ධව කුමන්ත‍්‍රණයක් දියත් විය. (ඒ පිළිබඳව අපි ඉදිරියේදි කතා කරමු. )

මේ කාලය වන විට ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම පිළිබඳ කතාව කරළියට පැමිණ තිබිණි. මූලික වශයෙන්ම වාමාංශික සහ සිවිල් සමාජිය කණ්ඩායම් වෙතින් ‘පොදු අපේක්ෂක’ යෝජනාවට ජවය සැපයුණේ කිසියම් තනි පක්ෂයක අපේක්ෂකයෙකු හට එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ නොහැකිය යන අදහස මත පදනම්වය. නමුත්, එම යෝජනවේ සැගවුණු අර්ථය වූයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළහොත් නිසගයෙන්ම අපේක්ෂකයා විමට වරම් ලබන ප‍්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ නායක සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය දිමට ඇති නොකැමැත්තයි. යම් හෙයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා තරගයට ඉදිරිපත් වි ඔහු පරාජයට ලක්වූයේ නම් එය බරපතළ අවදානමක් බව ‘පොදු අපේක්ෂක’ තර්කය ගෙන ආ අය තර්ක කළහ. එහිරි ඔවුන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකළ තර්කය වූයේ රනිල් වික‍්‍රමසිංහ මහතා බැරි වෙලාවත් ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහු තම බලය සංකේන්ද්‍රණය කරගෙන විධායක ජනාධිපතිධූරය අහෝසි නොකරනු ඇති බවට වූ සැකයයි.

‘සමබිම’ තුළින් අප උත්සාහ කරන ලද්දේ පොදු වැඩපිළිවෙළක් පිළිබඳ කතිකාව සමාජ ගත කිරිමටය. එසේම පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුත්තේ එවකට ප‍්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බව අපගේ විශ්වාසය විය. එයට හේතුව 2008 වසරේ සිටම රනිල් වික‍්‍රමසිංහ සම්මුතික මත දරන දේශපාලන සහ සිවිල් සමාජ කණ්ඩායම් සමග සමිපව කටයුතු කළ කෙනෙකු වූ බැවිනි.

එදා ඒ සම්මන්ත‍්‍රණයේදි සුදර්ශන විසින් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් ජාතික දේශපාලනය ව්‍යාකූල වී ඇති මෙි මොහොතේ නැවත සලකා බලමු. රට වෙනස් කිරිමට නම් ව්‍යුහාත්මක වෙනසක් ඇති කළ යුතුය. ඒ සඳහා පොදු අපේක්ෂකයෙකු සෙවිමට වඩා වැදගත් වනුයේ පොදු වැඩපිළිවෙළක් ගොඩනැංවිමය. එම පොදු වැඩපිළිවෙළ පදනම් කරගත හැක්කේ කුමක් මතද?

ලංකාව හමුවෙි විවරව ඇති මාවත් දෙකකි. එකක් ගුණදාස අමරසේකර අනුදත් මාර්ගයයි. ඒ අනුව මුළු ලොව අන් සියලු රටවල් අප බිලිගැනීමට, විනාශකොට දැමිමට බලා සිටිති. අප එයට යට නොවි සටන් කළ යුතුය. දෙවන ලෝක යුද සමයෙහි ලාංකිකයන් ‘බජිරි’ නම් ආහාර වර්ගය අනුභව කොට දුක සේ ජිවත් වූ පරිදි අප ජාත්‍යන්තර බලවෙග වෙතින් සම්බාධක පැමිණුනහොත් දුෂ්කර ජිවිතයකට හුරුවිය යුතුය. අනෙක් විකල්පය නම් ජාත්‍යන්තර ප‍්‍රජාවෙි බලවත් රටවල් සමග අත්වැල් බැඳගෙන සමෘද්ධිය කරා ගමන් කිරිමයි. අප රටේ අපනයන මූලික වශයෙන්ම යොමුවි තිබෙන්නේ යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලටය. මෙය අපිට රනිල් වික‍්‍රමසිංහ මහතා අනුදත් මාර්ගය ලෙස හැඳින්විය හැකිය. මෙි මාර්ග දෙක අතරින් ලංකාවෙි මහජනයාට වඩා වාසිදායක වූ න්‍යාය පත‍්‍රයක් සාදා ගත යුතුය. අපේක්ෂකයෙකු අවශ්‍ය වන්නේ අන්න ඒ ආකාරයේ වැඩ පිළිවෙළක් සම්මත කොට ගෙන එය ක‍්‍රියාත්මක කිරිමටය.

ජාත්‍යන්තර ප‍්‍රජාවෙි බලවත් රටවලට ලංකාව යටත් කරගැනීමට අවශ්‍යතාවයක් නැත. එම රටවල්වලට අවශ්‍ය තම රටවල සහ සමස්ත ලෝකයේ ස්ථාවරභාවය පවත්වා ගෙන යෑමයි. ඒ සඳහා පවතින තත්ත්වය නඩත්තු කළ යුතුය. කිසියම් රටක ස්ථාවරභාවය බිදවැටි, මානව ආරක්ෂාව තර්ජනයට ලක් වී අස්ථාවර තත්ත්වයකට පත්වුවහොත් ලෝක රටාවෙි ස්ථාවරභාවය තර්ජනයට ලක්වෙි. අස්ථාවර රටවල ජනතාව තම ගැලවිම සොයා සරණාගතයන් ලෙස බලවත් රටවල් වෙත සංක‍්‍රමණය විම ඔවුන් කෙරෙහි ආර්ථික, සාමාජිය සහ සංස්කෘතික ගැටළු ඇති කරයි. එම රටවල්වල අපේක්ෂාව වන්නේ එවැනි තත්ත්වයක් ඇති විමට ඉඩ නොදි අදාල රටවල සාපේක්ෂ ස්ථාවරභාවයක් පවත්වාගෙන යාමයි. මෙම තත්ත්වය විශ්ලේෂණය කොට ඒ අනුව අපගේ උපාය උපක‍්‍රම සකසා ගැනීම අප විසින් කළ යුතුවෙි.
ජනවාරි 08 වන දා ලංකාව මෙතෙක් පැවැති න්‍යාය පත‍්‍රයෙන් කැඩි වෙන්වී නව ආරම්භයක් සනිටුහන් කළේය. මෙතෙක් තෝරා ගෙන තිබූ ගුණදාස අමරසේකර මාර්ගය වෙනුවට රනිල් වික‍්‍රමසිංහ මාර්ගය ජනතාව විසින් තෝරාගෙන ඇත. අගෝස්තු 17 වෙනිදා එන්නේ එකී තීරණය තහවුරු කර ශක්තිමත්, ඉදිරිගාමි සහ නූතන පාර්ලිමෙින්තුවක් බිහිකිරිමෙි අරගලයයි. එහිදි මාර්තු 12 ව්‍යාපාරය විසින් ඉදිරිපත් කොට දේශපාලන පක්ෂ විසින් පිළිගනු ලැබූ නිර්ණායක පදනම් කරගෙන වඩා යහපත් ජනතා නියෝජිතයන් තෝරා පත් කරගැනීමට ඡන්ද දායකයන්ට වගකීමක් ඇත.

ගලන ගග ආපසු හැරවිය නොහැකිය. ගල් පර සහ බාධක ගංගාවේ සුන්දරත්වය වැඩිකරනවා පමණකි.

උපුටා ගැනිම : සමබිම 2015 ජුලි කලාපය

Comments