syndicated from lankaenews.com,
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට ගත් තීරණය මහ මැතිවරණයෙන් පසුව ස්ථිර කර ඇතැයි වාර්තා වේ.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට ගත් තීරණය මහ මැතිවරණයෙන් පසුව ස්ථිර කර ඇතැයි වාර්තා වේ.
ඔහු පසුගිය මාස කිහිපය පුරාවට දේශපාලනයෙන් ඈත් වී සිටියද සිය සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පසුගිය මහ මැතිවරණය අවස්ථාවේදී ඔහුගේ ඡන්ද කටයුතු සඳහා සහාය දැක්වීමට උත්සාහ කර තිබේ. නමුත් බැසිල් විසින් මැතිවරණ වලදී දක්ෂ ලෙස හසුරුවන ලබන කර්තව්‍යන් පවා ඉටු කිරීමට ඔහුට ඉඩ දී නැත. බැසිල් රාජපක්ෂ සම්පූර්ණයෙන්ම නොතකා හැර ඒ වෙනුවට මැතිවරණ කටයුතු නොදන්නා ගෝඨාභය මහින්දගේ මැතිවරණය සඳහා යොදා ගෙන තිබේ.
මහ මැතිවරණයෙන් පසුව එජනිසයට සම්බන්ධ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, උප කුලපතිවරුන්, විද්වතුන්, නීතීඥවරුන්, හිටපු අමාත්‍ය ලේකම්වරුන්, වෘත්තිකයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ආදී පිරිසක් බැසිල් රාජපක්ෂ හමුවී තිබේ. එම අවස්ථාවේදී බැසිල් අවධාරණය කර ඇත්තේ තමන් දේශපාලනයෙන් ඉවත් වීමට ගත් තීරණය වෙනස් නොවෙනා බවයි.
ඉදිරියේ දී මහින්දගේ සහ ගෝඨාභයගේ දේශපාලන ක්‍රියාකාරකම් හෝ මතවාදයන් පිළිබඳව උපදෙස් හෝ අදහස් සැපයීමෙන් ඉවත් වී සිටියද ඔවුන් සමඟ තමන් තුළ පවතින හිතවත්කම නොනැසී පවත්වා ගන්නා බවද බැසිල් රාජපක්ෂ පවසා ඇත.
රාජපක්ෂ රෙජීමයේ ‘මිස්ටර් ටෙන් පසෙන්ට්‘ ලෙස ප්‍රසිද්ධ වූ බැසිල් පසු කලෙක ‘මිස්ටර් හන්ඩ්‍රඩ් පසෙන්ට්‘ ලෙස ප්‍රසිද්ධ විය. රටේ ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යෑමට නම් බැසිල්ට ගෙවිය යුතු කොමිස් මුදල අනුව එලෙස නම් පට බැඳින. රෙජීමය විසින් සිදු කරන ලද දැවැන්ත මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිවද පරීක්ෂණ සිදු කරමින් පවතී. රෙජීමය විසින් නීතියේ ආධිපත්‍යයට එරෙහිව සිදුකළ ප්‍රධාන විනාශය වූ හිටපු අගවිනිසුරුවරිය නීති විරෝධීව පන්නා දැමීමේ ක්‍රියාවලියේ මූලිකයා වූයේ බැසිල් රාජපක්ෂ ය. ඒ බැසිල්ට අවශ්‍ය අයුරින් සමෘද්ධී මුදල් භාවිතා කිරීමට ඉඩ නොදෙමින් හිටපු අගවිනිසුරුවරිය දුන් තීන්දුවක් නිසා ඇයගෙන් පලිගැනීමට වූ වුවමනාවයි. අගවිනිසුරුවරිය නීති විරෝධීව පන්නා දැමීම ශ්‍රී ලංකාවත් පාලක රාජපක්ෂ රෙජීමයත් ජාත්‍යන්තරය ඉදිරියේ ඉමහත් පිළිකුලට ලක්වූ ප්‍රධාන සාධකයක් විය. කෙසේ වෙතත් රාජපක්ෂ රෙජීම සමයේ සිදු කරන ලද ඝාතන, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, පහර දීම්, ගිනි තැබීම් ආදී මෘග ක්‍රියා සම්බන්ධයෙන් මෙතෙක් බැසිල්ගේ නමක් ගෑවී නැත
Comments
Post a Comment