Syndicated from lankaenews.com,
ජාතික ආණ්ඩුව වැඩ ආරම්භ කරන ආකාරය අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කෙළේය. ඒ කොළඹ කොටුවේ නිරීක්ෂණ චාරිකාවකට පසුව මාධ්‍ය අමතමිනි. ඔහු කොළඹ කොටුවේ නිරීක්ෂක චාරිකාවක යෙදුනේ කොළඹ නගරයේ යටත් විජිත සමයේ සිට පැවැතෙන ඉපැරැණි ගොඩනැගිලි වල පෞරාණික අගය විනාශ නොකර ඒවා සංවර්ධනය කිරීම ගැන සොයා බැලීමට ය.
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, කොටුව ශාන්ත පීතර දේවස්ථානය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රේගු ගොඩනැගිල්ල, විදේශ අමාත්‍යංශයේ කන්සියුලර් අංශය සහිත ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි රාශියක් නිරීක්ෂනය කළ අගමැතිවරයා අවිධිමත් ලෙස පෞරාණික ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම වහාම නතර කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට නියෝග කෙළේය. ඉන්පසුව ජාතික ආණ්ඩුවක් හදා ගැනීම ගැන කතා කළ අගමැතිවරයා මෙසේ කීය.
“අපි සැප්තැම්බර් 3 වෙනිදා පාරිලමේන්තුවට ඉදිරිපත් වෙලා එහි අනුමැතිය අරගෙන ඊට පසුව කැබිනට් මණ්ඩලයයි රාජ්‍ය ඇමැතිවරුයි නියෝජ්‍ය ඇමැතිවරුයි දිව්රුම් දෙනවා. මේක අපි කරන්නේ 19 වෙනි සංශෝධනය අනුව යි. 19 වෙනි සංශෝධනයෙන් කැබිනට් මණ්ඩලය ඇමැති වරු 30 කට සීමා කළා . ඒ අවස්ථාවේදී අපි කීවා ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට ඉඩ තිබෙනවා කියලා. ඒකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ඒ අනුමැතිය ගන්න පුළුවන්. ඒ අනුමැතිය අපට ලැබෙන්නේ සැප්තැම්බර් 3 වෙනිදා. සැප්තැම්බර් 1 දා අපි රැස්වෙලා කතානායක තුමා තෝරනවා. අපි යෝජනා කරන්නේ කරු ජයසූරිය මහත්මයා. සන්ධානයෙන් නියෝජ්‍ය කතානායකතුමා යෝජනා කරලා තියෙනවා ඊට පසුව ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්රකාශනය ගැන පාර්ලිමේන්තුව අමතනවා. දෙවෙනිදා ශ්‍රීලනිපයේ සම්මේලනය තියෙනවා. අපි තුන්වෙනිදා යලි රැස්වෙලා ඇමැතිවරු සංඛ්‍යාව වැඩි කරගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලනවා. මේක ටිකක් කල් ගියත් අලුත් ක්‍රමවේදයක්, මං කියන්නේ මේක හොඳයි. මොකද අපි පාර්ලිමේන්තුවට යටත්ව තමයි මේක කරන්නේ කියලා විශේෂයෙන් ප්‍රකාශ කරනවා. ඇයි මෙහෙම ජාතික ආණ්ඩුවක් ඇති වුනේ කියලා අහනවානම් මං කියන්න කැමතියි, මේ ඡන්දෙදි එක්සත් ජාතික පක්ෂයට තමයි බහුතරයක් ලැබුනේ ඒත් කාටවත් බහුතරයක් ලැබුනේ නෑ. අපිට 107 යි සන්ධානයට 95 ක් විදිහට. අනෙක්වා අනෙක් පක්ෂ වලට බෙදිලා තිබුනා. එතැනදි ජනාධිපතිතුමයි මමයි හිටපු ජනාධිපතිවරිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි කතා කරළා අපි එකට එකතු වෙලා වැඩ කරමුයි කියා එකඟතාවයකට ආවා. එ් අනුව තමයි මේ ජාතික ආණ්ඩුව බිහිවෙන්නේ. “ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment