බ්ලූමැන්ඩල් වෙඩි තැබීම රවි ඝාතන තැතක් බව ස්ථිරයි: ආමි සම්පත් හෝ සංඛ හෝ පාතාලයන් සිටි බවට කිසිදු සාක්කියක් නෑ: පොලිසිය අංජනම් බැලීම නතර කළ යුතුයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක: මාධ්‍ය ලේකම්වරිය, අපරාධ විශ්ලේෂක ප්‍රකාශ මෙන්න
syndicated from lankaenews.com,
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග ගමන් ගත් ආධාර කරුවන්ට ඊයේ බ්ලූමැන්ඩල් හිදී සාහසිකයන් පිරිසක් විසින් ඉවක් බවක් නොමැතිව පොකුරු වෙඩි තබා එක් අයෙක් ඝාතනය කොට 13 දෙනෙකුට තුවාල සිදුකිරීමේ බරපතල අපරාධයක් මහ දවාලේ සිදු කොට මේ වන විට පැය 24 ක් ඉක්ම ගොස් ඇතත් පොලිසිය විසින් කිසිවෙකු මේ දක්වා අත් අඩංගුවට ගෙන නැති අතර පරීක්ෂණ සම්බන්ධයෙන් සතුටු විය හැකි ප්‍රගතියක්ද පෙන්වා නැත.
මේ තත්ත්වය වසා ගැනීම සඳහා පොලිසිය විසින්ම මෙය පාතාල කල්ලි දෙකක ගැටුමක් ලෙස ප්‍රචාරය කරමින් සිටියද පොලිස් මාධ්‍ය ප්‍රකාශක එවැන්නක් නිල වශයෙන් නොකියයි.
පොලිස්පතිවරයා විසින් මෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති අතර අද උදෑසන පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස්පතිවරයා අතර සාකච්ඡාවක් පැවැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.
මෙහිදී පරීක්ෂණ ආකාර දෙකක් ඔස්සේ සොයා බලන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා එකක් මේ ප්‍රහාරයට දේශපාලන කණ්ඩායමක් සම්බන්ධද? කියා සොයා බලන අතර අනෙක ප්‍රහාරයට පාතාල කල්ලි සම්බන්ධයක් පවතින්නේදැයි සොයා බලන බව පැවසීය.
ඊයේ බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ තිබූ රථයක තිබී ටී-56 මැගසින් 1 ක් සහ ටී-56 ජීව උණ්ඩ 20 ක් හමුවී තිබේ. නමුත් මෙතෙක් ප්‍රහාරයට පැමිණියේ එම රථය ද යන්න සනාථ වී නැත. ප්‍රහාරක ස්ථානයේ තිබී හමුවූ ටී-56 උණ්ඩ සහ රථයේ තිබී හමුවූ උණ්ඩ එකම සීරියල් කාණ්ඩයකට අයත්දැයි ලංකා ඊ නිව්ස් කළ විමසීමට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ එවැන්නක් සෙවිය නොහැකි බවයි. රථයේ අයිතිකරුවා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අයිතිකරුවා අනුරාධපුරයේ සංචාරයක යෙදී සිටි බවත් රථය කිසිවෙකුට කුලියට දී තිබුනාදැයි ප්‍රශ්න කරන බවත් පැවසීය.
ආමි සම්පත් සහ සංඛ නමැති පාතාල සාමාජිකයන් දෙදෙනා රවි කරුණානායක ඇමැතිවරයා සමග සිටි කණ්ඩායමේ සිටි බවත් ඔවුන් ඉලක්ක කර වෙඩි තැබූ බවත් ඒ දෙදෙනා වෙඩි වැදී පැන ගත් නමුත් මේ වන විට අතුරුදහන් බවටත් රාජපක්ෂ රෙජීමවාදීන් සහ ඔවුන්ගේ මාධ්‍ය පතුරුවන ආරංචි සම්බන්ධයෙන් ඇති සත්‍යතාවය කුමක්දැයි ලංකා ඊ නිව්ස් කළ විමසීමට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේ එවැන්නක් මෙතෙක් තහවුරු වී නැති බවයි. ඇසු දුටු සාක්කි කරුවන් විශාල පිරිසක් සිටින බවත් මේ වන විටත් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් ආමි සම්පත් කෙනෙක් හෝ සංඛ කෙනෙක් සිටි බවට කිසිවෙකු විසින් කට උත්තරයක් දී නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය. එවැනි දෙදෙනෙකුට වෙඩි වැදී කිසියම් පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවාදැයි ලංකා ඊ නිව්ස් කළ විමසුමට පිලිතුරු දුන් මාධ්‍ය ප්‍රකාශක වරයා කීවේ එවැන්නක් පවා වාර්තා වී නැති බවයි.
කෙසේ වෙතත් ඊයේ සිදුවීමේදී රවි කරුණානායක මහතාගේ ආධාර කරුවන් මැතිවරණ නීතිය උල්ලංඝනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය. මැතිවරණ නීතිය අනුව ගෙන් ගෙට ගොස් කැන්වසින් කිරීමට අවසර ඇත්තේ 25 දෙනෙකුට පමණි. ඔවුන්ටද මහ පාරේ පෙළපාලි යා නොහැකිය. පෙරහැර යා හැක්කේ ආගමික කටයුත්තකට හෝ සාමාජීය කටයුත්තකට පමණක් යැයි මැතිවරණ නීතියේ පැහැදිලිව සඳහන් වන අතර ඊයේ 300 ක් පමණ ආධාර කරුවන් කැන්වසින් යෑම නීති විරෝධී නමුත් දැන් ගහෙන් වැටුනු මිනිහාට ගොනා අනින්නා සේ මේ වෙඩි වැදුනු පිරිසට එරෙහිව මැතිවරණ නීතිය යටතේ ක්‍රියා කිරීමට බලාපොරොත්තු නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.
මේ අතර රවි කරුනානායක මහතාගේ මාධ්‍ය ලේකම් වරිය නදීරා ලංකා ඊ නිව්ස් වෙත පැවසුවේ ඊයේ කැන්වසින් යෑම ආරම්භ කළ අවස්ථාවේ සිට සිදුවීම් වීඩියෝ ගත කර සහ ඡායාරූප ගත කර තිබුනේ තමාගේ මාධ්‍ය අංශය විසින් බවයි. පොලිසිය පැමිණ ඒ සියළුම වීඩියෝ සහ සේයාරූ පරීක්ෂා කළ නමුත් කිසිදු පාතාල සාමාජිකයෙක් ඒවායේ දක්නට සිටීයැයි පොලිසිය නොකී බව නදීරා පැවසුවාය. ඇමැතිවරයා වෙත මැතිවරණ කාලයේදී විශාල පිරිසක් සහාය දීමට පැමිණෙන නමුත් ඒ ඒ අය පුද්ගලිකව කව්දැයි තමන් නොදන්නා නමුත් ඊයේ සියළුම වීඩියෝ පට සහ සේයාරූ පොලිසියට ඉදිරිපත් කළ අවස්ථාවේ එ් අය අතර පාතාල සාමාජිකයන් සිටියේ නම් පොලිසිය දැන ගත යුතු බවත් පාතාලයන් හඳුනන්නේ තමන් නොව පොලිසිය බැවින් එවැන්නෙක් සිටියා නම් පොලිසිය හඳුනාගත යුතු නමුත් එවැන්නක් සිදු නොවුයේ යයි මාධ්‍ය ලේකම් වරයි නදීරා ලංකා ඊ නිව්ස් වෙත පැවසුවාය. වෙඩි තැබූ කළු පැහැති රථය ඊට පෙර සිටම ලුහු බැඳ ඇති ආකාරය පොලිසිය හඳුනාගත්තේ ද තමන් විසින් ඉදිරිපත් කරන ලද වීඩියෝ සහ සේයාරූ අනුව යැයිද නදීරා වැඩි දුරටත් කීවාය.
මේ අතර ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ලංකාවේ අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්‍රාමික විශ්ලේෂකයෙකුගෙන් විමසා සිටි විට ඔහු කීවේ වෙනත් කතාවකි. ලංකාවේ පාතාලයන්ගේ අපරාධ කරන ලතාව අනුව තම ඉලක්කය කව්දැයි හොඳින් හඳුනාගෙන ඉලක්කයට පහර දෙනවා මිස ලංකාවේ පාතාලයන් නිකම් ඉබාගාතේ වෙඩි නොතබන බව ඔහු පැවසීය. තමන්ට සතුරු වෙනත් පාතාල සාමාජිකයෙකු සෙනගක් අතරේ සිටින්නේ නම් පාතාලයන් කරන්නේ ඉබා ගාතේ වෙඩි තැබීම නොව අදාල ඉලක්කයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඉලක්කය විනාශ කිරීම තහවුරු කර ගන්නා බවයි. මෙහිදී එවැන්නක් සිදුව නැති නිසා මෙය පාතාලයන් අතර ගැටුමක් යැයි උපකල්පනය කිරීම අසීරු යැයි පැවසූ විශ්ලේෂක මහතා කීවේ සාක්කි නොමැතිව රාජපක්ෂලා වෙත ඇඟිල්ල දිගු කිරීම ද වැරදි බවයි. මන්ද යත් සැබෑ අපරාධ කරුවා මේ අවස්ථාව භාවිතා කරන්නේම මෙවැනි අවස්ථාවක රාජපක්ෂලා වෙත ඇඟිල්ල දිගු වන බව දන්නා බැවින් තමන්ට බේරී යෑමට එය ඉවහල් වන නිසා යැයි විශ්‍රාම ලත් අපගේ අපරාධ විශ්ලේෂක මහතා කීවේය. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය රවි කරුණානායක මහතා ඉලක්ක කර ගත්තක් බව පැහැදිලි යයිද එබැවින් පොලිසිය අංජනම් බලන්නේ නැතිව නිවැරදිව පරීක්ෂණ කළ යුතු යැයි ද මෙය පැහැදිලිවම මහ දවාලේ මහජන ආරක්ෂාව බරපතල ලෙස බිඳ වැටීමක් යැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

Comments
Post a Comment