syndicated from lankanewsweb.net,
ඝාතනය කළ බවට සැක කෙරෙන සුප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ
මළසිරුර අද (10) ගොඩගනු ලැබීය. ඒ ඔහුගේ සිරුර මිහිදන් කර තිබූ දෙහිවල
ජුම්මා මුස්ලිම් පල්ලියට අයත් සුසානභූමියේදීය. තජුඩීන්ගේ මරණය සැකසහිත බවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටීමෙන් අනතුරු අධිරණය
තජුඩීන්ගේ මළසිරුර නැවත ගොඩගැනීම සඳහා නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගයට
අනුව ඔහුගේ සිරුර අද ගොඩ ගත්තේය.
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්රහර්ෂා රණසිංහ මහත්මියගේ සහ කොළඹ
අධිකරණ වෛද්‍ය නිළධාරී අජිත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු
සිදුවිය. තජුඩීන්ගේ මළසිරුරේ කොටස් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ අධිකරණ
වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත ගෙනයාමට නියමිතය.
මේ අවස්ථාවට වසීම් තජුඩීන්ගේ ඥාතීන් පිරිසක් ද පැමිණ තිබේ.
මේ අතර මෙම ඝාතනය සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි
ඉල්ලමින් දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ද පවත්වා
තිබේ. ඔවුන් පවසා ඇත්තේ මෙම ඝාතනයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය
ක්‍රියාත්මක වියයුතු බවයි.
Comments
Post a Comment