මහින්දගේ ‘ප්‍රතිපත්ති ප්‍රකාශය‘ අනාගතයට වසකි. එය ශ්රීලනිපය පිළිගන්නේ නැත -ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයෙන් නිල නිවේදනයක්
syndicated from lankaenews.com,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේ සහ පක්ෂ සභාපතිවරයාගේ අනුදැනුමකින් තොරව රාජපක්ෂලාගේ දූෂිත ගෝලබාලයන් විසින් ලියන ලද ‘අනාගතයට සහතිකයක්‘ නම් එජනිසයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විය. ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය එය දකින්නේ ‘අනාගතයට වහ ටිකක්‘ හැටියටය. තවත් අයෙක් දැක තිබුනේ ‘අනාගත්තාට සහතිකයක්‘ හැටියටය. රටක අනාගතය කියන්නේ තරුණ තරුණියන්ය. දරු දැරියන්ය. ඒ පරම්පරාවට සහතිකයක් දීමට එජනිසය එළිදැක්වූ ප්‍රකාශය පිළිගත නොහැක්කේ ඇයි?
මහින්ද රාජපක්ෂ 2005 දී ශ්‍රීලනිපයේ සහ සන්ධානයේ නායකයා වෙමින් ප්‍රකාශයට පත් කළ මැතිවරණ ප්රකාශනය මහින්ද චින්තනය නම් විය. ඒ නම ඇසු විද්වත්හු සිනාසුනහ. ඊට හේතු දෙකකි. පළමුවැන්න වසර තිස් ගණනක් රට පාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දගේ එදා ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා වැළලෙන නිසාය. දෙවැන්න ලෝකයේ පුද්ගලයෙකු නමින් ඉදිරිපත් කළ හැම ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ම ආඥාදායකයෙකු බිහි කළ නිසාය. මහින්ද රාජපක්ෂ පාලනයේ නව වසර ඉක්මන විට මේ කියන සිද්ධීන් දෙකම රටේ දැක ගත හැකි විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය වූයේ ඓතිහාසික කාර්ය භාරයක් ඉටු කිරීම වෙනුවෙනි. එහෙත් එතනෝල්කාරයන්, කුඩුකාරයන් සමග තුනෙන් දෙකක් අටවා ගත් මහින්ද රාජපක්ෂ, බණ්ඩාරනායකලා, කොබ්බෑකඩුවලා, ඉලංගරත්නලා බිහි කළ ශ්‍රීලනිපයේ පරිශුද්ධභාවය විනාශ කළේය. කරුණා අම්මාන්, කුමරන් පද්මනාදන් වැනි ජන ඝාතක ත්රස්තවාදීන් නීතිය හමුවට පැමිණිය යුතුව තිබින. එහෙත් මහින්ද රාජපක්ෂ ඔවුන් ආණ්ඩුවේ ඇමතිවරුන් කලා පමණක් නොවේ. ශ්‍රිලනිපයේ ගෞරවනීය තනතුරු දෙමින් පක්ෂයේ පාරිශුද්ධ භාවයද අපවිත්‍ර කෙළේ ය. ශ්‍රිලනිපය මෙහෙය වූ නායකයන් සිවු දෙනාගෙන් දෙදෙනෙකු අම්මාවරුන් වූහ. ඒ විශිෂ්ඨ නායිකාවන් සිය පාලන කාලයෙහි විශේෂයෙන් කාන්තාවන්ගේ ගෞරවය ආරක්ෂාව සහතික කර තිබින. මහින්දගේ පාලනය තුළ බණ්ඩාරනායකලා දුන් ආරක්ෂාව සහතික කළේ නැත. නිදහස් ලංකා ඉතිහාසයේ වැඩිම ස්ත්‍රී දූෂණ ප්‍රමාණයක් වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේය. එයාර් ලංකා සේවිකාවක් නාමල් රාජපක්ෂ භාරදෙන තරමට මහින්ද චින්තනය විනාශකාරී විය.
තංගල්ලේදී විදේශීය කාන්තාවක සමූහ දූෂණයට ලක් විය. ඇයගේ පෙම්වතා ඝාතනය කෙළේ එහිදීය. අපරාධයේ ප්‍රධාන සැකකරු මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ලද ප්‍රාදේශීය සභාපතිවරයෙකි. පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේ නැත. තංගල්ල දූෂණය හා ඝාතනය ගැන නීතිය ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍ය රජය මැදිහත් වූ පසුවය. අකුරැස්සේ අධමයෙකු වූ සාරුවා සුනිල් ලාබාල දැරියන් 200 ක් කෙලෙසා සාදයක් පැවැත් වූ බව වාර්තා විය. ඔහුද මහින්ද රාජපක්ෂ නිර්මාණය කළ ප්‍රාදේශීය සභාපතියෙකි. කුලියාපිටියේ මන්ද බුද්ධික තරුණියක තිදෙනෙකු අතින් දූෂණය විය. ඔවුන්ට නඩු නොපවරා නිදහස් කළේ නීතිපති විසිනි. එදවස නීතිපති දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ යටතේ පාලනය විය.
රටේ නීතිය සියල්ලට ඉහළින් පැවතිය යුතු බව සාධාරණ සමාජයක පරම විශ්වාසයයි. එහෙත් මහින්ද රාජපක්ෂ යාපනයේ විද්‍යා දැරිය දූෂණය කොට මරා දැමීම පවා සිය වාසියට හරවා ගන්නට උත්සාහ කෙළේය. එහෙත් බණ්ඩාරනායකවරුන් රට පාලනය කළ යුග වල නීතියේ කඩුව කාගේත් හිසට ඉහළින් එල්ල වී තිබිණ. අල්ලස් නීතිය අනුව මුලින්ම දඬුවම් ලැබුවේ ශ්‍රිලනිප මන්ත්‍රී සිව් දෙනෙකි. එදා බණ්ඩාරනායක නීතිය වසා හොරුන් රැක්කේ නැත. ඒ ශ්‍රිලනිප සම්ප්රදාය විය. මහින්ද එම සම්ප්රදායේ නොවන බව නව වසර පුරා සහතික කොට ඇත. මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලියට ඊට වඩා සහතිකයක් මේ රටට දීමට නොහැකිය. මහින්දගේ 2015 ප්‍රතිපත්ති ප්‍රකාශය අනාගතයට සහතිකයක් නොවේ. රටේ ‘අනාගතයට වහ ටිකක්‘ පමණි.
71 කැරළි සමයේ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය වූයේ හමුදා සොල්දාදුවන් අතිනි. වැරදිකරුවන්ට දැඩි දඬුවම් නියම විය. අගමැතිනිය එහිදී රටේ නීතිය වසා ස්ත්‍රී දූෂකයන් රැක්කේ නැත. ක්‍රිශාන්ති කුමාර ස්වාමී දූෂණය කොට ඝාතනය කළේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේය. ඊට චෝදනා ලැබ දඬුවම් නියම වූයේ හමුදා භටයන්ට ය. එහෙත් මහින්ද රාජපක්ෂ යුගයේ රගර් ක්‍රීඩක තාජුදීන්ගේ ඝාතන තොරතුරු සැඟවීය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සැඟවීය. එසේම ලංකාවේ පළමු අගවිනිසුරුවරිය තනතුරෙන් පහ කළේ නින්දා අපහාස කරමිනි.
2015 ජනවාරි විප්ලවය නිර්මාණය වූයේ මේ සංසිද්ධීන් නිසාය. මහින්ද ඇති කළ පීඩාව නිසා රත් වූ සිවිල් සමාජය පුපුරන්නට පටන් ගත්තේය. ඒ චලනය ශ්‍රීලනිපයේ ආත්මයද ගිනියම් විය. ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන සියළු තනතුරු විසි කෙරුවේ ඒ නිසාය. ඔහු විප්ලවයට නායකත්වය දුන්නේ ශ්‍රීලනිපයේ ඓතිහාසික පාරිශුද්ධභාවය වෙනුවෙනි.
ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය ‘අනාගතයට වහ ටිකක්....‘ ලෙස දකින්නේ ඒ නිසාය. අවනීතිය රජ කරවන බවට රටට දෙන සහතිකය සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය පුරාම ලියවී ඇත. ගැහැණියකගේ ගෞරවය දැරියකගේ පාරිශුද්ධභාවය අපේක්ෂා කරන කිසිදු කාන්තාවකට මහින්දලා දෙන සහතිකය විශ්වාස කරන්නේ නැත. රාජකාරිය දේවකාරිය ලෙස සළකන කිසිදු රජයේ සේවකයකු මහින්දලා දෙන සහතිකය පිළිගන්නේ නැත. කළුතර කොච්චියේදී මාල කැඩූ හොරුන්, එතනෝල්, මත් ද්‍රව්‍ය රටේ ප්‍රචලිත කළ තක්කඩීන් අයිආර්සීකාරයන් සමග පාර්ලිමේන්තු යන මහින්ද රාජපක්ෂ රටට දෙන සහතිකය රටේ අනාගතයට දෙන වහ ටිකක් වනු නිසැකය.
ජනවාරි 9 වනදා ජනතාව අපේක්ෂා කළ ආකාරයට යහපාලනය උදා වෙමින් පවතී. මේ මහ මැතිවරණය රටේ නීතිය විසින් පාලනය වේ. පෝස්ටර්, කටවුට් නැත. ඒ නිසාම ඡන්ද ගෝරි නැත. අරක්කු බෙදිලි තහනම් ය. ඡන්ද දන්සැල් දක්නට නැත. මහින්දගේ හෙන්චයියන් මේ තත්වය දකින්නේ මහා අපරාධයක් ලෙසට ය. රටේ නීතිය ක්‍රියාත්මක කරන්නන් ගල් ගසා මරන බවට උපුල් කී කථාව මහින්ද ප්‍රතික්ෂේප කර නැත. පොලීසිය නීතිය සුරැකීම නිසා නිශාන්ත මුතුහෙට්ටිගම කෝප වී ඇත. කෙහෙලිය රඹුක්වැල්ල ‘අපි බලා ගනිමු‘ කියා පොලීසියට තර්ජනය කර ඇත. උපුල් ලා, මුතුහෙට්ටිගමලා, කෙහෙලිය ලා තාම හිතන්නේ රට මහින්දගේ කියා ය.
දැරියකට, ගැහැනියකට පාරේ යන නිදහස, අසාධාරණයක් ගැන පැමිණිලි කිරීමේ අයිතිය වර්තමානයේ සුරක්ෂිතව ඇත. මහින්ද රටට දෙන සහතිකයෙහි ඒ අයිතිය අහෝසි වේ. පොලීසියට ගල් ගසා මරණ බවට මහින්ද සහතික දී හමාරය. දැරියන් කෙලෙසා සාද පවත්වන නිදහස මහින්ද සහතික කර හමාරය. මේ රටක් එක්ව උත්සාහ කරන්නේ ඒ අවදානමෙන් නිදහස්වීමට ය. එහිදී සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද වෙනුවෙන් එළි දැක් වූ සහතිකය පිළිගන්නේ නැත. මහින්ද දිනන්නේ නැති බව කාටත් වඩා හොඳින් දන්නේ ශ්රීලනිපය යි. ඒ කියන්නේ රටට වහ ටිකක් දෙන්නට ශ්රීලනිපය සම්මාදන් නොවන බව ජනතාව තේරුම් ගත යුතුය.
තුසිත හල්ලොලුව
කැඳවුම්කරු
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

Comments
Post a Comment