Syndicated from lankanewsweb.net,
මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කොට සියදිවි නසාගත් පුද්ගලයෙක් පිළිබඳව ඇමරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයෙන් වාර්තා වේ. WDBJ7 නැමැති රූපවාහිනී නාළිකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙඩිවැදීමෙන් මියගොස් තිබේ. මෙම වෙඩිතැබීම සජීවී විකාශයක් අතරතුර සිදුවී ඇති අතර එය රූපවාහිනියෙන් විකාශය වී තිබේ.
වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ 24 හැවිරිදි ඇලිසන් පාර්කර් නැමැති නිවේදිකාව සහ 27 හැවිරිදි ඇඩම් වර්ඩ් නැමැති කැමරාකරුවෙකි. අදාල සජීවී වැඩසටහනට සම්බන්ධ වී සිටි කාන්තාව තුවාල ලබා සිටින බව වාර්තා වේ.
ඝාතනය සිදුකර ඇත්තේ Vester Flanagan නැමැති පුද්ගලයා වන අතර ඔහු මෙම ඝාතනයෙන් පසු සියදිවි නසාගෙන තිබේ. Vester Flanagan ද WDBJ7 රූපවාහිනී නාලිකාවේ හිටපු මාධ්‍යවේදියෙකු වන අතර 2013 දී ආයතනය විසින් සේවයෙන් ඉවත් කර තිබේ. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් ආයතනය සමග කිසියම් වෛරයකින් පසුවී තිබේ. රූපවාහිනී නාලිකාවේ කටයුතු කරන සමයේ මෙම පුද්ගලයා Bryce Williams යන නම භාවිතා කර ඇති අතර ඔහු කලු ජාතිකයෙකි. ඒ නිසා ඔහු අවමානයට පත්ව ඇති අතර ඔහු සමලිංගිකයෙකු යැයි චෝදනාවට ලක්ව තිබේ. මේ නිසා ඔහු කටයුතු කර ඇත්තේ දැඩි කනස්සල්ලෙනි.
ප්‍රාන්ත පොලිස් ප්‍රධානීන් පවසන්නේ තමාට වූ අසාධාරණවලට එරෙහිව ආයතනයෙන් පළිගැනීම සඳහා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
Comments
Post a Comment