රාජපක්‍ෂ පාලනයේ සත්‍ය කතාව

Syndicated from lankanewsweb.net,

රාජපක්‍ෂ පාලනයේ සත්‍ය කතාව


පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජපක්‍ෂ පාලනයට එරෙහිව මතුවු ප‍්‍රධානතම සටන්පාඨයක් වුයේ වංචාව හා දූෂණයයි. එවැනි පසුබිමක් තුල, ජනතාවගේ හදවතේ ගැඹුරුම තැනින් මතුවු එම සාධාරණ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වීමේ යුතුකමක් ‘‘යහපාලන රජයට’’ විය. ජනවාරි අටවන දින සිදුවු ‘‘නිහඩ විප්ලවය’’ අර්ථ ගන්වමින් දූෂණය වංචාවට තිත තබමින්් එය මර්ධනය කිරීම සදහා පහත කි‍්‍රයා මාර්ග රජයක් ලෙස පසුගිය අටමාසය තුල කි‍්‍රයාත්මක කර ඇත.
දුෂණ මර්දන කටයුතු ස`දහා අග‍්‍රමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරිම. (ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය යන පක්‍ෂවල නියෝජිතයන්ද එය නියෝජනය කරන ලදි)
 
බරපතල මුල්‍ය අපරාධ හා දූෂණ පිලිබඳ තොරතුරු ලබාගැනීමට හා ඒවා නිසි පරිදි විමර්ශන ආයතනවලට යොමු කිරීම සඳහා, දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්්‍යාලයක්  පිහිටුවීම.
 
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් විමර්ශන රැුසක් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන තත්වයක් තුල බරපතල මුල්‍ය වංචා හා සියලූ ආකාරයේ මුල්‍ය විශුද්ධිකරණ වැරදි විමර්ශනනය කිරීම සදහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නමින් වෙනම පොලිස් කොට්ඨාශයක් පිහිටුවීම. රටේ විවිධ පොලිස් ස්ථානවල රාජකාරී කළ වංචා දූෂණ විමර්ශනයෙහි දක්‍ෂ නිළධාරීන්ව පොලිස්පති වරයා විසින් එහි සේවයේ යොදවා ඇත.
 
අකර්මන්‍යව පැවති අල්ලස් කොමිසමට නව ජීවයක් ලබා දෙමින් දක්‍ෂ වෘත්තියමය පසුබිමක් සහිත නිළධාරිණියක එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස පත්කිරීම.
 
දූෂිතයන් විසින් විදේශ රටවල තැන්පත් කර ඇති ධනය යළි මෙරටට රැුගෙන එම වෙනුවෙන් ඒ පිලිබ`ද හදුනාගැනීමේ සහ තොරතුරු රැුස්කිරීමේ ජාත්‍යන්තර ජාලයක් ඇති කිරීම සදහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම. 
 
රාජපක්‍ෂ සමයේ සිදුවු බරපතල දූෂණ අක‍්‍රමිකතා පිලිබඳ සොයා බැලීමට විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීම. 
 
මේ දක්වා ප‍්‍රගතිය
 
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමු වී ඇති පැමිණිලි සංඛ්‍යාව 200 කට අධිකය. සියලූ අභියෝග ජයගනිමින් ඒ අතරින් 20 කට ආසන්න ප‍්‍රමානයක් අවසානයක් කරා ගෙන ඒමට සමත් වී ඇත. බොහෝ විමර්ශන කටයුතු නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර, අනතුරුව චූදිතයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.
 
පොදුවේ ගත් විට බරපතල මුල්‍ය අපරාධ හා දූෂණ පිලිබඳ තොරතුරු 60 කට අධික සංඛ්‍යාවක් විවිධ අධිකරණයන්ට වාර්තා කර ඇත.
 
ඒ අනුව පහත සඳහන් තැනැත්තන් පිලිබඳ විමර්ශනයක් සිදුවන අතර, ඒ සියලූ දෙනා විවිධාකාර බරපතල දූෂණ සිදුකර ඇති බව පොලීසිය තහවුරු කරගෙන ඇත.
 
මහින්ද රාජපක්‍ෂ
බැසිල් රාජපක්‍ෂ
ගෝඨාභය රාජපක්‍ෂ
ශිරන්ති රාජපක්‍ෂ
නාමල් රාජපක්‍ෂ 
යෝෂිත රාජපක්‍ෂ 
සජින් ද වාස් ගුණවර්ධන
ගාමිණි සෙනරත්
බන්දුල ගුණවර්ධන 
විමල් වීරවංශ
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු
ඩග්ලස් දේවානන්ද
ලලිත් වීරතුංග
එරාජ් ප‍්‍රනාන්දු
අනුර පි‍්‍රයදර්ශන යාපා
මහින්දානන්ද අලූත්ගමගේ 
ඩිලාන් පෙරේරා
සුසිල් ප්‍රේමජයන්ත
රංජිත් ප්‍රේමසිරි
ප‍්‍රසන්න රණතුංග
නිශ්ශංක සේනාධිපති
අනූෂ පැල්පිට
 
මේ බොහෝ විමර්ශනයන් සදහා ස්වභාවයෙන්ම දීර්ඝ කාලයක් ගතවීම නොවැලැක්විය හැකි වුවද, ලෝකයේ සෙසු රටවල් වලට සාපේක්‍ෂව යම් ප‍්‍රමාණයක විමර්ශනයන් සංඛ්‍යාවක් දැනටමත් සිදුව ඇත. තවම දඩුවම් දී නැතැයි අසිහියෙන් කියවන දූෂිත පුද්ගලයන් හට අප පවසනුයේ ඇත්ත නැත්ත දැක ගැනීමට තවත් කෙටි කාලයක් ඉවසන ලෙසය. සාමාන්‍යයෙන් මුල්‍ය ගණුදෙනු පිලිබ`ද විමර්ශනයන් ඇරඹීම ස`දහා පමණක් වසරකට අධික කාලයක් ගතවන මුත් එබදු විමර්ශනයන් ගණනාවක් මාස කිහිපයක් තුල අධිකරණයට යොමු කිරීමට හැකිවීම පැහැදිලි ජයග‍්‍රහණයක් මය. මෙරටින් සොරාකෑ ධනය යලි මෙරටට රැුගෙන ඒම සදහා ජාත්‍යන්තරයේ සහයද මේ වන විට ලැබී තිබේ.
 
දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර ඇති ප‍්‍රධාන විමර්ශනයන් කිහිපයක්
 
ගෝඨාභය රාජපක්‍ෂගේ වීරකැටිය ව්‍යාපෘතිය හා ඔහුට අදාල සෙසු විමර්ශන
 
(අ) තම දෙමව්පියන් නමින් කෞතුකාගාරයක් හා ස්මාරකයක් ඉදිකිරීමට ජනතා බදු මුදලින් ගෝඨාභය රාජපක්‍ෂ වියදම් කර ඇති මුදල රුපියල් හයසිය විසි ලක්‍ෂ හැත්තෑ දහසකි. ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව යටතේ වීරකැටිය ව්‍යාපෘතිය නමින් ඒ සදහා විශේෂ ව්‍යාපෘතියක් පවත්වාගෙන ගියද, එහි විෂය පටිපාටියන්ට මෙය කිසිසේත්ම අදාල නොවේ.
 
(ආ) මෙම ව්‍යාපෘතිය සදහා ශ‍්‍රම දායකත්වය නාවික හමුදාවෙන් ලබාගත්තද ඒ සදහා ලක්‍ෂ දෙසිය පනහක මුදලක් ගෙවා ඇත. 
මෙහි ජලපොකුණු නිර්මාණය සහ සුරතල් මසුන් සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්‍ෂ අටකි. වඩාත් වැදගත් කරුණ වනුයේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කැබිනට් අනුමැතියකින් තොරව මෙම ව්‍යාපෘතිය සිදු කිරීමය. 
 
(ඈ) ලංකා හොස්පිට්ල් හි සභාපති හා අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කරමින් වෛද්‍ය උපකරණ හා සෙසු උපකරණ මිලදී ගැනීමේදී හා එහි කොටස් අලෙවි කිරීමේදී බරපතල මුල්‍ය වංචාවන් හි නිරත ගෝඨාභය නිරතව ඇත.
 
(ඈ) සුප‍්‍රකට චාමර්ස්  ධාන්‍යාගාර භූමියේ තිබු ලක්‍ෂ දහයක පමණ කලූගල් ඉවත් කරගෙන යාම. එහි වටිනාකම රුපියල් 3000 ක් පමණ වේ. 
 
(ඉ) ලංකා ලොජිස්ටික් නමින් සමාගමක් පිහිටුවමින් ඒ හරහා අධික මිල ගණන් යටතේ හමුදාවන්ට අවි ආයුධ මිලදී ගැනීම.
 
(ඊ) දූෂිත මිහින් එයාර් සමාගම හරහා ගුවන් හමුදාවට එම්.වයි. 60 යානා මිලදී ගැනීමේදී සිදුවු අක‍්‍රමිකතා පිලිබ`දවද ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව නඩු ගොනු කර ඇත.
 
නාමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ හා විමල් වීරවංශ ගුවන් හමුදා ගුවන් යානා ජන්ද වැඩ සදහා භාවිතා කර පොලූ තැබීම.
 
නාමල් ගමන් වාර 6 ක් සදහාද, විමල් වීරවංශ ගමන් වාර 10 ක් සදහාද, බැසිල් රාජපක්‍ෂ ගමන් වාර 6 ක් සදහාද වශයෙන් එසේ ගුවන් ගමන් ගාස්තු නොගෙවා තිබුණි. මේ සම්බන්ධව පැමිණිල්ල විභාග කිරීමෙන් පසු රුපියල් මිලියන 23 ක මුදලක් යුධ හමුදා කෝප‍්‍රල්වරයෙකු අත එවා තිබු මුත් තවත් ලක්‍ෂ 160 ක මුදලක් ඔවුන් ඒ සදහා ගෙවිය යුතුව ඇත.
මේ අතර, සුසිල් ප්‍රේමජයන්ත පොලූ තබා ඇති ගුවන් ගමන් ගාස්තු හි වටිනාකම රුපියල් ලක්‍ෂ 23 ක් පමණ වේ.
 
ශිරන්ති රාජපක්‍ෂගේ සිරිලිය ගිණුම
 
සුදුවැල්ල මහජන බැංකු ශාඛාවේ ඇති මෙම ගිණුම විවෘත කිරීම සදහා ශිරන්ති ලබා දී ඇත්තේ ව්‍යාජ තොරතුරුය. ඒ සඳහා ඇය තම හැදුනුම්පත් අංකය ලෙස ලබාදී ඇත්තේ 222222222 V ය. එවැනි අංකයක් රටේ නොමැත. 2006 දී ඇරඹු මෙම ගිණුමේ ශේෂය රුපියල් ලක්‍ෂ 430 කි. අවස්ථා 88 කදී ලක්‍ෂ 820 ක මුදලක් මේ සඳහා තැන්පත් කර ඇති අතර, අවස්ථා 129 කදී ලක්‍ෂ 390 ක් ආපසු ලබාගෙන ඇත. මීට අමතරව සිරිලිය සවිය නමින් ලක්‍ෂ 100 ක ස්ථාවර තැන්පතුවක්ද ඇත.
 
කොළඹ 07, ටොරින්ටන් ඇවනිව් හි, අංක 260/17 දරණ නිවස මිලියන 35 ක් ගෙවමින් 2012 වසරේදී ශිරන්ති මිලට ගෙන ඇත. එහි සැබෑ වටිනාකම මිලියන 200 කි. (ලක්‍ෂ දෙදහසකි*.  හරිහමන් රැුකියාවක් නොකල ඇයට ඒ සා විශාල මුදල් කන්දරාවක් ලැබුනේ කෙසේද යන්න ගැටලූවකි. 
 
ආන්දොලාත්මක, ‘‘තාරුන්‍යට හෙටක්, නිල් බලකාය, සිරිලිය සවිය’’ ආදී ආයතන  ලියාපදිංචි කර ඇත්තේ, මෙම නිවසේ ලිපිනය ඉදිරිපත් කරමිනි. 
 
බැසිල් රාජපක්‍ෂ හා පුෂ්පා රාජපක්‍ෂ පදනම
 
බැසිල් තම සොහොයුරා දිනවීම වෙනුවෙන් දිවි නැගුම දෙපාර්තමේන්තුව යටතේ ඇති විශාල මුදල් සම්භාරයක් අවභාවිතා කරන ලදි. ඒ අතර, 
ඉසුරුමත් නිවහනක් ව්‍යාපෘතියේ මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම.
ලක්‍ෂ 50 කට අධික පෝස්ටර්, දිනපොත්, ලිත් මුද්‍රනය කර බෙදා හැරීම.
මැතිවරණය ඉලක්ක කරගනිමින් රුපියල් කෝටි 6 ක මුදලක් වියදම් කරමින් දිවි නැගුම සම්මේලනයක් පැවැත්වීම.
 
එදා ගාමිණි දිසානායක හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ මාසික වැටුප්ලාභියකු වු බැසිල් අද ලංකාවේ දේශපාලනඥයන් අතර, සිටින ධනවත්ව දේශපාලනඥයෙකි.
 
කැළණි ග`ග අසබඩ, මල්වානේ අක්කර 16 ක ඉඩමක ඉදි කරමින් ඇති ඔහුගේ සුඛෝපභෝගී නිවසේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 400 කි. ජනතා මුදල් අතදිග හැර තම ජේත්තුකාර ජීවිතය වෙනුවෙන් වියදම් කරන්නෙකු සේ ප‍්‍රකට බැසිල්, ගම්පහ ඔරුතොට පාරේ, කෝටි 20 ක මුදලක් වැය කරමින් පක්‍ෂ කාර්්‍යාලයක්ද ඉදි කර ඇත. 
 
බැසිල්ගේ පි‍්‍රය බිරි`ද වන පුෂ්පාද තම නමින් ඇති පදනම සදහා ස්වාමි පුරුෂයාගේ දේශපාලන හයිය මත රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය ආකාරයට මුදල් ලබාගෙන ඇත. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අවසරයකින් තොරව වරක් ලක්‍ෂ 194 ක මුදලක් ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය එසේ ඇයට ලබාදී ඇත. 
 
රාඩා ආයතනය හරහා මහා භාණ්ඩාගාරයේ රුපියල් ලක්‍ෂ 24,410 ක මුදලක් වංචා කර කොටි ත‍්‍රස්තවාදීන්ට ලබාදීම.
 
2005-11-28 වන දින උතුරු නැගෙනහිර පළාත සදහා, යලි ඉදිකිරීම් සහ සංවර්ධන ආයතනය (රාඩා) පිහිටුවන ලදි. ටිරාන් අලස් එහි සභාපති මෙන්ම අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකුද විය. මහාභාණ්ඩාගාරයෙන් ලද මුදල්ද සහිතව ලක්‍ෂ 24,410 ක ප‍්‍රතිපාදන රාඩා ආයතනය සතු විය. එම මුදලින් ලක්‍ෂ 10 ක් හැර සෙසු සියල්ල වියදම් කර ඇත. ඒ ති‍්‍රකුණාමලයේ, වව්නියාවේ සහ මුලතිව් හි නිවාස 1200 ක් ඉදිකිරීමට යැයි කියමිනි. 
 
2005 ක්වු දෙසැම්බර් මස 30 වන දින එල්ටීටීඊ යේ නායකයින් හමුවු ටිරාන් අලස් සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූවන්ට නිවාස ඉ`දිකිරීම සදහා යැයි කියමින් රාඩා හි මුදල් බැහැරට ඇදීම සැලසුම් කර ඇත.
 
නිවාස ඉදිකිරීම පුද්ගලික ආයතන 3 කට පැවරූ බව කියන මුත් ඒවා ලිපි ශීර්ෂවලට පමණක් සීමාවු ව්‍යාජ තොරතුරු සහිත සමාගම්ය. කිසිදු නිවසක් ඉහත කි මුදලින් ඉදිකර නොමැත. 
 
කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධව නඩුවක් පවතී. 5 දෙනෙකු රිමාන්ඞ් ගත කර ඉන් කිහිප දෙනෙකුට ඇප ලබාදී ඇත. මේ සම්බන්ධව ටිරාන් අලස්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වු අවස්ථාවේ ඔහු ශේ‍්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. 
 
මේ දක්වා මේ පිලිබ`දව මහින්ද රාජපක්‍ෂගෙන් ප‍්‍රශ්න කර නොමැති මුත් මෙම විමර්ශනයේදී ඔහුගෙන් ද ප‍්‍රශ්න කිරීම නොවැලැක්විය හැකි කාරණයකි. 
 
ඇවන්ගාඞ් ගණුදෙනුව
 
2011 වසරට පෙර නාවික හමුදාව සිදුකල ජාත්‍යන්තර මුහුදේ නාවික ආරක්‍ෂාව සැපයීමේ ව්‍යාපාරය දැන් සිදුකරනුයේ ඇවන්ගාඞ් සමාගමය. එය ගෝඨාභය රාජපක්‍ෂගේ තෝරා ගැනීමක් විය. මේ ව්‍යාපාරයට අදාල අවි ආයුධ සහ බොහෝ ආරක්‍ෂකයින් නාවික හමුදාවෙන් සැපයුවද, රජයේ ඒකාබද්ධ අරමුදලට මුදල් බැර නොවීම විශේෂත්වයකි. මෙම ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති නම් ගෝඨභයගේ මිත‍්‍රයාය. මෙම සමාගම තවත් අනුබද්ධ සමාගම් 14 ක් කාලයෙන් කාලයට පිහිටුවා ඇති මුත්, එහි ප‍්‍රධාන සමාගම ඇවන්ගාඞ් මෙරි ටයිම් සර්විසර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් ය. එම ආයතනය ඇමරිකානු ඩොලර් බැංකු ගිණුම් 19 ක් හා ශී‍්‍ර ලංකා රුපියල් බැංකු ගිණුම් 19 ක් පවත්වාගෙ යයි. විදේශ රටවල් 44 ක සමාගම් 200 ක් සමග ඇවන්ගාඞ් ගණුදෙනු කරයි.
 
2012 ක් වු ඔක්තෝබර් මස සිට මේ දක්වා රුපියල් බිලියන 30.09 ක මුදලක් ආදායම වශයෙන් පොත් වලට ඇතුලූ කර ඇති අතර, ගෙවීම් ලෙස රුපියල් බිලියන 30.07 ක් පෙන්වා ඇත. ත්‍යාග මුදල් වශයෙන් රුපියල් මිලියන 687 ක් ද, පරිත්‍යාග වශයෙන් රුපියල් මිලියන 166 ක්ද, සභාපතිවරයා නමින් රුපියල් මිලියන 1294 ක්ද සභාපතිවරයාගේ බිරි`ද නමින් රුපියල් මිලියන 190 ක්ද වියදම් කර ඇත. මෙම මුදල් විශුද්ධිකරණ කි‍්‍රයාවලියට අදාල විමර්ශනයේදී ගෝඨාභය ඇතුලූ රාජපක්‍ෂ රජයට සම්බන්ධ කිහිප දෙනෙකුගේ නම් අනාවරණය වී ඇත. 
 
මහින්දානන්ද අලූත්ගමගේ සිදුකර ඇති අයුතු දේපල රැස්කිරීම් හා පොදු දේපල අපහරණය.
 
1987 දී මුල්‍ය සමාගමක ණය එකතු කරන්නෙකු ලෙස කටයුතු කල රුපියල් 1200 ක මාසික වැටුපක් ලැබු මහින්දානන්ද තමාගේ හා බිරි`දගේ නමින් කෙටි කාලයක් තුල පහත දේපල අත්කරගෙන ඇත.
 
බොරැල්ල, කුරුප්පු පාරේ, අංක 66 දරණ පර්චස් 20.85 ක නිවස, 
නුවර ජොර්ජ් ආර්. ද සිල්වා මාවතේ, අංත 309-බී දරණ නිවස හා එම ලිපිනයේම සදහන් පර්චස් 18.03 ක ඉඩම, 
රාජගිරිය, නාවල පාරේ, චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ අංක 15/1 දරණ පර්චස් 15.05 ක ඉඩම, 
චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ, 3 වන පටුමගේ 15/31 දරණ ලිපිනයේ පර්චස් 17.05 ක ඉඩම.
ඇල්විටිගල මාවතේ, ටි‍්‍රලියම් රෙසිඩන්ස් හි අංක 159/9/2 දරණ නිවස. (ලක්‍ෂ 285 කට මිලදී ගෙන ඇත)
කොළඹ 07, කිංසි පාරේ අංක 70/3/1 දරණ නිවස (ලක්‍ෂ 270) කට මිලදී ගෙන ඇත. මේවාට අමතරව එංගලන්තයේ නිවසක්ද, සංගප්පුරුවේ ඩොලර් ලක්‍ෂ 5.05 තැන්පතුවක්ද මහින්දානන්දට ඇත. 
 
ඉතා කෙටි කාලයක් තුලදී ඔහු උපයාගෙන ඇති මේ වත්කම්, වාර්ෂික වත්කම්, බැරකම් ප‍්‍රකාශ තුල ඇතුලත් කර නැත. එසේම විදේශයන්හි ඇති බැංකු ගිණුම් ප‍්‍රකාශයට පත්කර නොමැත.
 
නොරච්චෝලේ තාප බලාගාරය ඉ`දිකිරීමේදී ඩොලර් ලක්‍ෂ 254 ක මුදලක් කොමිස් ලෙස ලබාගැනීමේ චෝදනාවද මහින්දානන්දට එරෙහිව එල්ලවී ඇත.
 
මීට අමතරව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තිරුබදු රහිත සංකීර්ණයේ ඇති චේම්බර් ඔෆ් ගිෆ්ට් හා වී-ඩූ ලංකා (V-Doo lanka) ආයතනයහි හිමිකරුද මහින්දානන්දය.
 
කි‍්‍රඩා අමාත්‍යාංශයේ කොන්ත‍්‍රාත්තු, තමන්ට හිතවත් කවිදු බිල්ඩර්ස් ආයතනයට ලබාදී ඇති මහින්දානන්ද කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් විදේශ සංචාරයන්හි නිරත වෙද්දී ගුවන් ටිකට් පත් ලබාගෙන ඇත්තේ ලොහාන් රත්වත්තේට අයත් සමාගමකිනි. ඔහු මේ සියල්ල සිදුකර ඇත්තේ තම අභිමතයටය. 
 
ජනාධිපතිවරණ කාලසීමාවේදී කැරම් බෝර්ඞ් 14,000 ක් හා දාම් බෝඞ් 14,000 ක් මිලදී ගෙන ඇති මුත් ඒවා කි‍්‍රඩා අමාත්‍යාංශයේ ගබඩාවට ලැබී නොමැත. පසුව කැරම් බෝඞ් 14,000 මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් භාන්ඩ බෙදා හරින ලද ගබඩාවක තිබි සොයා ගන්නා ලදි. එම ගබඩාවේ තිබි මහින්ද රාජපක්‍ෂගේ හා ඔහුගේ පුත‍්‍රයාගේ ජායාරූප සහිත බිත්ති ඔරලෝසු ලක්‍ෂයක්ද සොයා ගන්නා ලදි. ලක් සතොස හරහා කැරම් බෝඞ් හා දාම් බෝඞ් මිලදී ගැනීම් කර ඇති අතර ඉන් එම ආයතනයට සිදුවු අලාභය රුපියල් ලක්‍ෂ 390 කි.
 
ප‍්‍රසන්න රණතුංගගේ නීති විරෝධි මුදල් උපයා ගැනීම හා තර්ජනය කිරීම්.
 
එස්. ජී. මෙන්ඩිස් නම් තැනැත්තා විසින් බහලූම් පර්යන්ත අංගනයක් හා ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමේදී එම ඉඩමේ සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සහ ඉඩම පිරවීමට ප‍්‍රසන්න රණතුංග එක`ග වී ඇත.
 
එසේම එම සංකීර්ණය පලාත් සභාවට කුලියට ගැනීමටද ඔහු එක`ග වී ඇත. ඒ, එම ව්‍යාපාරයෙන් ලැබෙන ලාභයෙන් සියයට 31‍ තමන්ට ඉල්ලමිනි. පසුව අක්කර 2.08 ක්වු මෙම ඉඩම ලක්‍ෂ 2090 ක මුදලකට අයිතිකරු විකුණා ඇති අතර, එවිට ලක්‍ෂ 700 ක් අල්ලස් වශයෙන් ඉල්ලමින් බලහත්කාරයෙන් මෙන් චෙක්පත් 19 ක් මහාඇමතිවරයාගේ බිරි`ද මැදිහත්ව ලබාගෙන ඇත. ඉන් ලක්‍ෂ 150 ක් මුදල් බවට  කරගෙන ඇත. 
 
විමල් වීරවංශ හා ඔහුගේ බිරි`ද සිදුකර ඇති අක‍්‍රමිකතා වලින් බි`දක්
 
වීරවංශගේ බිරි`ද හෝකන්දර පිහිටි ඉඩමකින් කට්ටි 7 ක් මිලදී ගෙන ඇත. ඒ 2008 දී හා 2012 දීය. ඒ සැබෑ මිල ගණන් වෙනුවට අඩු මිලක් දක්වමිනි. කුඩා කොමියුනිකේෂන් ආයතනයක් පවත්වාගෙන ගිය වීරවංශට ඉඩම් කැබලි 7 ක් මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය ගැන අපරාධ පරීක්‍ෂණයකින් විමසද්දී ඒ සදහා ඉතාලියෙන් මුදල් ලැබුණු බව ශෂී වීරවංශ පැවසූවද එය තහවුරු කිරීමට ඇය අපොහොසත් විය. 
 
වීරවංශ ඇමතිව සිටියදී ඔහු තම අමාත්‍යාංශය යටතේ තිබු සීමාසහිත  ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගමට අයත් මත්තේගොඩ හා කහතුඩුව මධ්‍යම පාන්තික නිවාස යෝජනා ව්‍යාපෘතියෙහි නිවාස 7 ක් තම ඥාතී හිතවතුන්ට ලබාදී ඇත්තේ සොච්චම් මුදලටය. තම මස්සිනා වන ඩබ්ලිව්.එස්. ඩබ්ලිව්. හේමසිරිට ලක්‍ෂ 105  ක් වටිනා නිවසක් ලබාදීමේදී වටිනාකමින් 15‍්‍ර  ක් වත් අයකරගෙන නොමැත. විමල්ගේ බාල සොහොයුරා වන ආනන්ද පි‍්‍රයදර්ශන ද නිවසක් ලබාගෙන ඇති අතර, අනුලක්‍ෂ අනුදහක් පමණ වු එම නිවසට ඔහු ගෙවා ඇත්තේ ලක්‍ෂ 10 ක් පමණි. විමල් වීරවංශගේ තවත් මස්සිනා කෙනෙකු වන පී.ඩබ්ලිව්. රූපසිංහ, නෑනා කෙනෙකු වු ජේ රණවීර ඇතුලූ සත් දෙනෙකුට මෙසේ නිවාස ලබාදී ඇත. එම හත් දෙනාගෙන් හය දෙනෙකුම වීරවංශගේ ඥාතීන්ය. මීට අමතරව ව්‍යාජ උප්පැන්න සහතිකයක් භාවිතා කරමින් ව්‍යාජ හැදුනුම්පතක් හා ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් ලබාගැනීම පිලිබ`දවද ශෂි වීරවංශට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත. 
 
වීරවංශ හිටපු අමාත්‍යවරයා තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සදහා දිනපොත් 4000 ක් මුද්‍රණය කිරීමට යැයි කියමින් ‘‘ ඕෂන් විව්’’ සමාගම හරහා ලක්‍ෂ 140 ක මුදලක් නුගේගොඩ ඉමාෂි ආයතනය වෙත ගෙවා ඇතත් සැබවින්ම මුද්‍රණය කර ඇත්තේ දිනපොත් 2000 ක් පමණි. 
 
සජින් වාස් ගුණවර්ධනගේ දූෂණ ගණුදෙනු. 
 
(අ) රජගෙදර සුරතලා වු සජින් වාස්ට අයත් කොස්මොස් සමාගම, පීපල්ස් ලීසිං සමාගමේ රුපියල් මිලියන 140  ක් වටිනා වාහන සදහා ලීසිං පහසුකම් ලබාගෙන වාරික නොගෙවා ඇති අතර, එම මුදල් බොල් ණය ලෙස කපා හැර ඇත. 
(ආ) කොස්මොස් ඒවියේෂන් සමාගම හරහා ගුවන් නියමු පාඨමාලා යැයි පවසා අයතා ලෙස මුදල් ලබාගෙන වංචා කිරීම පිලිබ`දව විමර්ශනයක් පවතී.
 
(ඇ) කොළඹ 07, ඇල්බට් ක්‍රෙසන්ට්, අංක 22/1, හි පදිංචි වර්ජිනියා පෙරේරා මහත්මියට අයත් මහනුවර දිගන වික්ටෝරියා වයිට් ක්ලබ් හි පිහිටි නිවස විකිණීමට තීරණය කල අවස්ථාවේදී  එය රුපියල් ලක්‍ෂ 600 කට මිලදී ගැනීමට එක`ග වු සජින් රුපියල් ලක්‍ෂ 150 ක් ලෙස වටිනාකම ස`දහන් කර ඔප්පුව ලියා ඇති අතර, ඉතිරි රුපියල් ලක්‍ෂ 450 සදහා වර්ජිනියා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයාගෙන් ලබාගත් ණය මුදලක් පියවන ආකාරයෙන් පොරොන්දු පත‍්‍රයක් ලියා ඇත. එම ව්‍යාජ පොරොන්දු පත‍්‍රයේ ස`දහන් කර ඇත්තේ සජින් වාස් මහතාගේ භාර්්‍යාව අධ්‍යක්‍ෂක වරියක ලෙස කටයුතු කරන Cosmos Leisure (pvt) Ltd. ආයතනයයි. ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 450 ක ඉතිරි මුදලින් රුපියල් ලක්‍ෂ 211 වරින් වර වර්ජිනියා පෙරේරා මහත්මියට ගෙවා ඇති අතර, ඉතිරි රුපියල් ලක්‍ෂ 239 ගෙවීම මේ දක්වා පැහැර හරිමින් සිටි. ඒ වෙනුවට රුපියල් ලක්‍ෂ 200 ක් වටිනා CAA – 6019  දරණ  BMW මෝටර් රථය ලබාගැනීමට තමාට බලකරන බව වර්ජිනියා පෙරේරා මහත්මිය පොලීසියට පැමිණිලි කර ඇත. 
 
ඩිලාන් පෙරේරාට අදාල දූෂණ විමර්ශන
 
(අ)විදේශ බලපත‍්‍ර ඇතුලූ කූඨ ලේඛණ සැකසීමේ චෝදනා එල්ලවී ඇති ජුනයිදීන් ඉර්ෆාන් ඒ ස`දහා තමන් ඩිලාන් පෙරේරා ඇමතිවරයාට මාසිකව රුපියල් ලක්‍ෂ 25 බැගින් ලබාදෙන ලද බව දිව්රුම් ප‍්‍රකාශයක් මගින් ප‍්‍රකාශ කර ඇති අතර  ඒ පිලිබ`දව විමර්ශන පවතී.
 
(ආ)විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශය විසින් රක්‍ෂණ ක‍්‍රමයක් පිලිබ`ද දැනුවත් කිරීමේ වැඩසටහනකට ආහාරපාන සැපයු බවට ව්‍යාජ ලේඛණ සකස් කර රාවනා ඇල්ල ෆුඞ් ඇන්ඞ් කේටර්ස් ආයතනයට 1,693,000 ක මුදලක් ගෙවා ඇත. නමුත් අදාල ගෙවීමට ඉදිරිපත් කර ඇති බිල්පත් හිස් බිල්පත් ලෙස තමන්ගේ කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (පරිපාලන) සුසිල් රණසිංහ මහතා ඉල්ලා ගත් බවත්, ආහාර පාන සැපයීම සිදු නොවු බවත්, හෝටලයේ හිමිකරු පොලීසියට ප‍්‍රකාශ කර ඇත. තවද සිරිලිය සංවිධානයට පිරිනැමීම සදහා රුපියල් මිලියන 2 ක් සුසිල් රණසිංහ මහතා තමාගෙන් ඉල්ලූ බවත්, එම මුදල කාර්්‍යාංශය මගින් ආපසු ගෙවන බවත්, ප‍්‍රකාශ කල බැවින් රාවනා ඇල්ල ආයතනයේ හිමිකරු ඔහුගේ ලංකා බැංකු අංක 6074462903 දරණ ජංගම ගිණුමෙන් රුපියල් මිලියන 2 ක් වටිනා අංක 340155 දරණ මුදල් චෙක්පත 2013-03-27 වන දින සුසිල් රණසිංහ මහතාට ලබාදුන් බවත් හෝටලයේ හිමිකරු ප‍්‍රකාශ කර ඇත. කෙසේ වුවද මෙම මිලියන 2 ක චෙක්පත 2013-04-01 දින මහජන බැංකුවේ අංක 010100120012392 දරණ ඩිලාන් පෙරේරා පදනම නම් ගිණුමට බැර වී ඇති බවට අනාවරණය වී තිබේ.
 
(ඇ) ඩිලාන් පෙරේරාගේ දේශපාලන දිවියට වසර 25 ක් සපිරීම වෙනුවෙන් පැවැත්වු පින්කම් වෙනුවෙන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මුදල් රුපියල් ලක්‍ෂ 35 ක් වියදම් කර ඇත. 
 
(ඈ) රටවිරු සංවිධානය බලගන්වන මුවාවෙන් 2014. 12. 01 සිට විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශයේ 116 ක් දෙනාට කුලී වාහන ලබාදී 2015 ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා යොදවා ඇත. මේ සදහා වැටුප් දීමනා, තේ දීමනා, වාහන කුලී ලෙස රුපියල් 9,439,884 ක් එක් මාසයක් වෙනුවෙන් ගෙවා ඇත. 
 
ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහි චෝදනා
 
(අ) ‘‘ඉසුරු සවිය’’ 2011 සමුපකාර උත්සවය කුරුණෑගල පැවැත්වීමේදී රුපියල් මිලියන 167 ක් අයථා ලෙස වියදම් කොට එයින් රුපියල් මිලියන 20 බැගින් වු නිවාස දෙකක් මිලට ගැනීම, රුපියල් මිලියන 67 ක් වියදම් කොට කි‍්‍රඩංගනය අලූත්වැඩියා කිරීම පිලිබද විමර්ශනයක් කි‍්‍රයාත්මකය.
 
(ආ) මලයාසියානු ජාතික ව්‍යාපාරිකයකු වන ඩාටෝ සාරිව ආයෝජනයන් සදහා ලංකාවට ගෙන්වා ඔහුගෙන් රුපියල් මිලියන 160 ක් වයඹ පලාතේ රගර් කි‍්‍රඩාව දියුණු කිරීමේ මුවාවෙන් ලබාගෙන එය තමාගේ සහ තම පුත‍්‍රයාගේ මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීම. 
 
(ඇ) වෙළද අමාත්‍යවරයා වශයෙන් සිටියදී ජොන්ස්ටන් මහපොල අරමුදල යටතේ අන්තර්ජාලය හරහා ලොතරැයියක් පවත්වාගෙන යාමට මලයාසියානු ජාතිකයෙකුට අවසර දී ඇති අතර, එය අන්තර්ජාලය හරහා කෙරෙන සූදුවකට සමාන විය. එහි ප‍්‍රතිලාභ සරසවි සිසුන් සදහා වු මහපොල අරමුදලට නොදී අවභාවිතයක් සිදු කර ඇත.  
 
(ඈ)ලක්‍ෂ 60 ක් වටිනා භාණ්ඩ සතොස මගින් මුදල් නොගෙවා රැුගෙන ගොස් ජනාධිපතිවරණ අවස්ථාවේදී බෙදා දීම පිලිබ`ද චෝදනා විමර්ශනය කොට ඔහු අධිකරණයට යොමු කොට රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටියේය. 
 
ඩග්ලස් දේවානන්දට අදාල චෝදනා
 
යාපනය පේදුරු තුඩුව ප‍්‍රදේශයේ ඇති වැලි නිධි වලින් වැලි ප‍්‍රවාහනය කරනු ලබන ලොරි රථ සෑම ගමන් වාරයකදීම හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ මහේෂ්වරී පදනමට මුදල් ගෙවිය යුතු විය. ඒ අනුව ලොරි රථවලින් එක් ගමන් වාරයකට රුපියල් තුන්සිය බැගින් අයකර ගෙන ඇත. 2010 වසරේ සිට ඒ හරහා දැනට ලක්‍ෂ 200 ක් පමණ උපයා ඇති බව කියවෙයි. වැලි ප‍්‍රවාහන බලපත‍්‍රයක් ලබාගැනීමට ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයට ගිය විට මහේෂ්වරී පදනමට මුදල් ගෙවා පැමිණෙන ලෙසට අයදුම්කරුවන්ට සාමාන්‍යයෙන් දන්වන අතර, බලපත‍්‍ර ලබාදෙන්නේ එසේ මුදල් ගෙවා පැමිණෙන අයටය. වැලි කියුබ් එකක් සදහා රුපියල් 3000 කට ආසන්න මුදලක් මහේෂ්වරි පදනම විසින් ලබාගන්නා බවත්, මෙමගින් 2007 වර්ෂයේ සිට රුපියල් මිලියන 1000 ක් පමණ ඇමතිවරයා උපයා ගෙන ඇති බව ඇස්තමේන්තු කල හැකිය. 
 
බන්දුල ගුණවර්ධනට  අදාල චෝදනා
 
(අ) බන්දුල ගුණවර්ධන විසින් රාජ්‍ය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබු ප‍්‍රදීප් ගුණවර්ධන කෙටිකලක් තුල අති විශාල දේපල සම්භාරයක හිමිකරුවකු බවට පත්විය. ඒවා සංස්ථාවේ මුදල් වංචා කොට ලබාගත් බව හා ඒ සදහා අමාත්‍යවරයාගේ අනුග‍්‍රහය හා අනුමැතිය ලැබී ඇති බවට විමර්ශනය පවතී. 
(ආ) රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව :ීඔක්‍* විසින් සමාගම් 4 ක් මගින් කිරිපිටි සහ සහල් ආනයනය කිරීමේදී ඒවා අසාමාන්‍ය මුදලකට ලබා ගෙන ඇත.තවද, ගබඩා සංකීර්ණයක් බදු ගැනීමේදී අසාමාන්‍ය මිල ගණන් ගෙවීම, රුපියල් මිලියන 340 ක පරඝනක මිලදී ගැනීමට ඛධඛක්‍ සමාගමෙන් ණය මුදලක් ලබාගැනීමේදී සිදුකල වංචා පිලිබදද විමර්ශන ආරම්භ වී ඇත.
 
2015 ජනාධිපති මැතිවරණයට චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි ලිමිටඞ් මගින් මුදල් ලබාගැනීම
 
චයිනා හාබර් සමාගමට අයත් ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුවේ අංක 13359190/19 දරණ ජංගම ගිණුමෙන් පහත පරිදි මුදල් ලබාගෙන ඇත.
 
ඊ. එච්. ආර්. එච්. ෆ‍්‍රැන්සිස්කෝ යන අය මාර්ගයෙන් චෙක්පත් 3 කින් මිලියන 89 ක මුදල් මාරු කරගෙන ඇත. මෙම මුදල් 2015 මහින්ද රාජපක්‍ෂගේ රූපය ඇතුලත් නිල් බලකායේ ටීෂර්ට් 245,000 ක් සහ හිස් වැසුම් 125,000  වෙනුවෙන් ලබාගෙන ඇත. ඇණවුම ලබාදී ඇත්තේ 2015 මැතිවරණ කාලයේ අරලියගහ මන්දිරයේ මැතිවරණ ප‍්‍රචාරක අංශයේ සේවය කල හේමා මාදිවල විසිනි.
 
ඉහත බැංකු ගිණුමෙන්ම 2014-12-31 වන දින චෙක් පත් 2 ක් මගින් රුපියල් මිලියන 58 ක මුදලක් පි‍්‍රයන්ත සමරසිංහ නමැති අය විසින් ලබාගෙන ඇත. පසුව හේමා මාදිවලට එම මුදල් ලබා දී ඇත. 
 
හෙජින් ගණුදෙනුව
 
(අ) ලෝක වෙළද පොලේ මිල උච්චාවචනය පදනම් කරගෙන හෙජින් ගණුදෙනුවට එළඹුණි.
 
(ආ) ඉතිහාසයේ කිසිම දිනක මෙවැනි ගණුදෙනුවකට තෙල් සංස්ථාව ඉදිරිපත් වී නොමැති අතර, ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව, ඩොයිෂ් බැංකුව සහ සිටි බැංකුව යන විදේශ බැංකුවල උවමනාව සහ පෙළබීම මත එවකට මහබැංකු අධිපති නිවාඞ් කබ්රාල් විසින් කැබිනට් මන්ඩලය වෙත පුද්ගලිකවම කරුණු දක්වා කැබිනට් මන්ඩලයද නොමග යවමින් සත්‍ය තොරතුරු වසන් කරමින් අමාත්‍ය මණ්ඩලයේ එක`ගත්වය මීට ලබාගන්නා ලදි. මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු 3 ක් ඉදිරිපත් විය. 
 
(ඇ)හෙජින් ගණුදෙනුවේදී යොදා ගත් සූත‍්‍රය ‘සීරෝ කොස්ට් කොලර් මෙතඞ්’ ලෙස හදුන්වනු ලබන අතර, තෙල් මිල වැඩි වුවහොත් යම් සීමාවක් ඉකුත් වු පසුව, බැංකුව ගෙවීම් කල යුතු වන්නේ, එම සීමා දක්වා ඇති වෙනස පමණි. තෙල් මිල අඩුවුවහොත් අසීමාන්තික ලෙස සංස්ථාව විසින් බැංකුවට ගෙවිය යුතුය.
 
(ඈ) මින් අති විශාල පාඩුවක් සංස්ථාවට සිදුවු අතර, එය රුපියල් බිලියන 50 කට අධිකය. තවමත් බේරුම්කරණ නඩු පවතින අතර එක් නඩුවකින් තෙල් සංස්ථාව පරාජයට පත්වීම නිසා ‘ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් ගෙවීමට ශී‍්‍ර ලංකා රජයට සිදුවිය.
 
(ඈ) පරීක්‍ෂණ වලදී හෙලි වි ඇති පරිදි හෙජින් පිලිබද අධ්‍යනය කොට කැබිනට් මණ්ඩලයට වාර්ථාවක් සැපයු කිිසිවෙකු හෙජින් යනු කුමක්දැයි දැන සිට නැත. මහින්ද රාජපක්‍ෂ, කබ්රාල් හා ජයසුන්දරගේ අවශ්‍යතාවයන්ට හා බලකිරීමට අනුව මෙය සිදුවු බව හෙලිව තිබේ. 
 
කොළඹ කටුනායක අධිවේගී  මාර්ගය ඉදිකිරීම් මුලික අක‍්‍රමිකතා
 
මූලික ඉංජිනේරු ඇස්තමේන්තුව රුපියල් මිලියන 9516 කි. රජයේ වියදමින් ව්‍යාපෘතිය කිරීම සදහා 2000 වර්ෂයේ ඔක්තෝබර් වැඩ අරඹන ලදි.
 
2003 ජනවාරි මස මුදල් නොමැතිකම මත වැඩ නතර කරන ලදි. ඒ වන විට රුපියල් මිලියන 5444 ක් එනම්, ඇස්තමේන්තුගත මුදලෙන් 57‍්‍ර ක් වියදම් කොට තිබිණි.
 
මෙම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස නිම කිරීමට 2008-08-17 දින චීනයේ මෙටර්ජිකල් ගෘප් කෝපරේෂන් සමග මාර්ග සංවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹෙන ලදි. ඉතිරි කොටස සදහා වියදම රුපියල් මිලියන 37822 ක් ලෙස ඇස්තමේන්තු කොට ඇමරිකානු ඩොලර් මිලියන 292 ක් හෙවත් රුපියල් මිලියන 32120 ක් චීනයේ එක්සිම් බැංකුවෙන් ණය ලබාගෙන ඇත. 
 
දෙවන වර චීන සමාගම සමග ගිවිසුම් ගත වීමේදී කිසිදු ටෙන්ඩර කැදවීමක් හෝ නිසි ඇස්තමේන්තුවක් සකස් කොට නොමැත. ගිවිසුම් අත්සන් කොට පසුව එම මුදලට ගැලපෙන ලෙස ඇස්තමේන්තු සකසා ඇත. මෙම ව්‍යාපෘතියෙහි සමස්ථ වියදම මූලික ඇස්තමේන්තුවට සාපේක්‍ෂව 437% ක වැඩිවීමකි. දෙවන වර ගිවිසුම ඉතා දූෂිත බව බැලු බැල්මට අවබෝධ වේ. එක් මීටරයක් සදහා වියදම රුපියල් 1,676,977/- කි. එය අසාමාන්‍ය අගයකි.
 
විගණන වාර්ථාවට අනුව ප‍්‍රථම වටයේ සමස්ථ ඇස්තමේන්තු වියදමින් 57% ක  මුදල් වියදම් කොට තිබුණද, දෙවන වර  ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේදී අවසන් කොට ඇති වැඩ ප‍්‍රමාණය 35% ක් ලෙස ගණනය කළ බව, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් හා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල රංජිත් පේ‍්‍රමසිරි මහතා සදහන් කර ඇත. ඒ තුලින් ද පැහැදිලි වන්නේ දෙවැනි ඇස්තමේන්තුව දූෂිත ලෙස සකස් කර ඇති බවයි. 
 
මුල් ඇස්තමේන්තුවට අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අවසන් කලේ නම් රුපියල් මිලියන 9516 කින් එය අවසන් කල යුතුව තිබුණි.
 
වසර 05 ක  කාලය තුල මිල ඉහළ පහළ යෑම් සැලකිල්ලට ගෙන මුල් ඇස්තමේන්තුවේ ඉතිරි වු 65% ක වැඩ කොටස නිම කර ගැනීමට දෙවැනි ඇස්තමේන්තුව ලෙස ඉදිරිපත් කර කොට ඇති මිලියන 32120 ක මුදල කිසි සේත් සාධාරනීකරණය කල නොහැකි බව පැහැදිලිය. වසර 05 ක කාලයට සාපේක්‍ෂව මිල ගණන් දෙගුණයකින් ඉහල ගියේ යැයි උපකල්පනය කලද දෙවැනි අධියර සදහා වැය විය හැකිව තිබුනේ රුපියල් මිලියන 12370 කි.
 
මේ අනුව රුපියල් මිලියන 19750 ක මුදලක් වියදම් කලේ කෙසේ දැයි යන්න පැහැදිලි ප‍්‍රශ්නාර්ථයකි.  
 
එබැවින් මෙම මාර්ගය ඉදි කිරීමේදී අවම වශයෙන් රුපියල් මිලියන 19,750 ක පමණ මුදලක් දූෂිත සහ වංචා සහගත ලෙස අවභාවිතා  වී ඇතැයි සිතිය හැක. මේ සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් පරක්‍ෂණ පවත්වාගෙන යයි. මෙම දූෂිත ගණුදෙනු සදහා එවකට මහාමාර්ග අමාත්‍යාංශයේ ඇමති ලෙස කටයුතු කල මහින්ද රාජපක්‍ෂ මහතා හා ලේකම් ලෙස කටයුතු කල රංජිත් පේ‍්‍රමසිරි සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකෙරේ.
 
අනුර පි‍්‍රයදර්ශන පිලිබ`ද චෝදනා
 
රුපියල් මිලියන 69 ක් වටිනා භාණ්ඩ තෙල් සංස්ථාවේ මුදලින් ලබාගෙන ඒවා තම නිවසට ගෙන්වා 2015 ජනාධිපතිවරණය මුලික කරගෙන ගංවතුර සහනාධාර ලෙස බෙදා දී ඇත. මේ සදහා මුදල් නිකුත් කර ඇත්තේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අනුමැතියකින් තොරවය. මෙම පැමිණිල්ල විමර්ශනය අවසන්ව ඇත.  
 
මර්වින් සිල්වා පිලිබද මුල්‍ය චෝදනා
 
කොළඹ 07, බාන්ස් පෙදෙසේ, 43 වත්තේ පදිංචිව සිටි පවුල් 25 කට බලහත්කාරයෙන් මෙන් එක් පවුලකට රුපියල් ලක්‍ෂ 40 බැගින් ගෙවා ශිරන්ති රාජපක්‍ෂගේ කාල්ටන් පෙරපාසලට යැයි කියමින් පර්චස් 157 ක් වු මුලූ ඉඩමම මර්වින් සිල්වා විසින් ව්‍යාජ ඔප්පු මත ලබාගෙන ඇත. පසුව එය පර්චසය රුපියල් ලක්‍ෂ 80 බැගින් විකිණීමට සැලසුම් කිරීම පිලිබ`දව විමර්ශනය පවතී. මෙහිදී අපේක්‍ෂිත අයුතු ලාභය රුපියල් ලක්‍ෂ 11,500 කි. 
 
එස්. බී. දිසානායක.
 
නැසීගිය වෛද්‍ය ශිවා චින්නතම්බි මහත්මිය විසින් ඇයගේ අන්තිම කැමති පත‍්‍රයට අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් සදහා පරිත්‍යාග කරන ලද රුපියල් ලක්‍ෂ දෙදාස් හාරසියක් වටිනා කොළඹ 07, හේවා ඇවනිව් හි පිහිටි අංක 11 දරණ නිවස රජයේ මුදලින් අලූත් වැඩියා කොට එස්. බී. දිසානායක ඇමතිවරයාගේ පෞද්ගලික පරිහරණය සදහා යොදාගෙන තිබුණි. එම නිවසේ තිබු සියලූ වටිනා ගෘහ භාණ්ඩ හා දේපල අස්ථාන ගත කර ඇති බවද වාර්ථා වේ.  
 
ගාමිණි සෙනරත්ගේ අයථා ලෙස උපයා ගත් දේපල.
 
මහින්ද රාජපක්‍ෂගේ කාර්්‍ය මණ්ඩල ප‍්‍රධානියාවු ගාමිණි සෙනරත් හා ඔහුගේ  බිරි`ද සහ පවුලේ ඥාතීන් සමග එක්ව සමාගම් ලියාපදිංචි කොට අයුතු අන්දමින් විශාල ලෙස දේපල රැුස්කරගෙන ඇත. පී‍්‍රන්ට් එක්ස් එල් පුද්ගලික සමාගම, රත්න පබිලිකේෂන් ඇන්ඞ් පි‍්‍රන්ටර්ස්, රත්න පොත් ප‍්‍රකාශකයෝ සමාගම සහ රත්න මෙට්ල් ඉන්ඩස්ටි‍්‍රස් පුද්ගලික සමාගම, ඒ සමාගම් වේ.
 
ගාමිණි සෙනරත් අයත් කරගෙන පාලනය කරන දේපල අතර පහත දේපලද වේ.
කොළඹ 07, ග්‍රෙගරි පාරේ 47/2 දරණ මිලියන 45 ක වටිනාකමක් දක්වා  බිරි`දගේ නමින් ගෙන ඇති නිවස,
අතුරුගිරියේ, ස්ථාන 4 කින් මිලියන 140 කට ලබාගෙන ඇති දේපල හතරක්,
පාදුක්ක ලීන වත්තේ මිලියන 75 කට ලබාගෙන ඇති ගොවිපල.
නුවරඑළියේ, බදුල්ල පාරේ, අංක 66 දරණ මිලියන 60 කට මිලදී ගෙන ඇති දේපල. 
මීට අමතරව ගාමිණි සෙනරත්ට අයත් සමාගම් නමින් ඉඩකඩම් 33 ක්ද ලබාගෙන ඇත. 
 
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම
 
2006 වසරේ එවකට ව්‍යවසාය ප‍්‍රවර්ධන අමාත්‍ය හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කල රෝහිත බෝගොල්ලාගම ‘‘ශී‍්‍ර ලංකා වෙළද ප‍්‍රදර්ශනය හා ගැණුම්කරුවන්ගේ හමුවට’’  සහභාගී වීම සදහා භාණ්ඩාගාර චක‍්‍රලේඛන වලට පටහැනිව රුපියල් 375,000 ක වැඩිපුර මුදලක් ලබාගෙන ඇත. එසේ තමාට හිමි මුදල හා වැඩිපුර මුදලක් ආයෝජන මණ්ඩලයෙන් ලබාගත් බෝගොල්ලාගම  තමා නවාතැන් සහ අහාර පාන ලබාගත් ලන්ඩන් නුවර පාර්ක් ලේන් හිල්ටන් හෝටලයට පොලූ තබමින් ඉන් ඉවත්ව ගොස් ඇත. 
 
මෙසේ තමාට නවාතැන් හා ආහාරපාන සැපයූ හෝටලයට ගාස්තු නොගෙවා හොරෙන් පැනයාම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියකි. පසුව ලංකා තානාපති කාර්්‍යාලය විසින් හෝටල් ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 11,150 ක් ගෙවා ඇති අතර, එය ලංකා මුදලින් රුපියල් එකොලොස් ලක්‍ෂ හැත්තෑ දහසකි.  
 
කෙහෙලිය රඹුක්වැල්ල
 
2015 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ජාතික රූපවාහිනිය සතු අරමුදලින් රුපියල් 990,000 ක මුදලක්  යොදා ජී. අයි පයිප්ප බට මිලදී ගෙන ඒවා තම මැතිවරණ කොට්ඨාශයේ පක්‍ෂ කාර්්‍යාලවලට රඹුක්වැල්ල බෙදා දී ඇත. 
 
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව මිනිමැරුම් චෝදනා.
 
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ලවු මිනීමැරුම් චෝදනාවකට එරෙහිව පොලිස් පරීක්‍ෂණ දැන් අවසන්ව ඇති අතර, ඔහු ඇතුලූ චූදිතයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් පවතී.
 
මෙම පුද්ගල ඝාතනය සිදුවී ඇත්තේ 1999 වසරේ ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ සමය තුලය. 1999-12-14 දින තෙන්නකෝන් මහතා  ඇතුලූ පිරිසක් මාතලේ, මහවෙල, දිඹුල්ගමුව, ප‍්‍රදේශයේදී එක්සත් ජාතික පක්‍ෂ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ මහතාගේ අධාරකරුවන් පිරිසකට වෙඩි තබා ඇත. එහිදී සමන් තිලක් කුමාර නමැති එක්සත් ජාතික පක්‍ෂ ආධාරකරු ඝාතනය කර තවත් අයෙකුට බරපතල තුවාල සිදු කර ඔවුන් ගමන් ගත් ජීප් රථයට අලාභයක්  සිදු කර ඇත.
 
ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ එච්.එම්.රූපසිංහ නොහොත් තට්ට රූපේ යන ඔහුගේ අධාරකරුවකු මෙම අපරාධයේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
 
විමර්ශන වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම එක්සත් ජාතික පක්‍ෂ ආධාරකරුවන් මැතිවරණ ප‍්‍රචාරක පති‍්‍රකා ගෙවල්වලට බෙදා දෙමින් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක යෙදී සිටියදී එහි පැමිණ ජනක බණ්ඩාර තෙන්නකෝන් මෙම පිරිසට වෙඩි තබන ලෙස රූපසිංහට (තට්ට රූපේට) නියෝග කර ඇත. පොලිස් පරීක්‍ෂණ අනුව මෙම චෝදනාව තහවුරු වී ඇත. 

Comments