ප්‍රගීත්ට මඩ ගැසූ ‘ජේවීපී නිව්ස්‘ ජවිපෙ නොවේ - ටිල්වින් කියයි



   Syndicated from lankaenews.com,



ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් මඩ ප්‍රචාරයක් ගෙන යන ජේවීපී නිව්ස් නමැති වෙබ් අඩවිය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ එකක් නොවන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 
ජවිපෙට සම්බන්ධ ලංකා ටෘෘත් නමැති වෙබ් අඩවියට ප්‍රකාශයක් කරන ටිල්වින් සිල්වා “පළමුවෙන්ම කිව යුත්තේ ජවිපෙට මෙතෙක් ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ලිපියක් ලැබී නැති බවය. එමෙන්ම අදාළ පුවත පල කරමින් කියා ඇති වෙබ් අඩවිය ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සම්බන්ධයක් ඇති එකක්  නෙවෙයි. සමාජ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ මෙවැනි විවිධ නම්වලින්. මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමත් ඒවා මගින් විවිධ වැරදි ප්‍රවෘත්ති නිර්මානය කිරීමත් විටෙන් විට දැකිය හැකියි. ඉහත වෙබ් අඩවිය ජවිපෙට සම්බන්ධ නැති බවට මීට පෙරද ජනමාධ්‍යටත් ප්‍රකාශ කර තිබෙනවා.“ යි පවසා ඇත.
අවසාන ලෙස ප්‍රවෘත්තිය අදාල වෙබ් අඩවිය ජවිපෙට සම්බන්ධ එකක් නොවන බවත් අදාළ ප්‍රවෘත්තිය සමග ජවිපෙට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එවැන්නක් ප්‍රචාරය කරමින් ජවිපෙට එරෙහිව අවලාද එල්ල කිරීම ඉතාම කණගාටුවට කරුණක් බවත් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.
ජේවීපී නිව්ස් නමැති දෙමළ බසින් පවත්වාගෙන වෙබ් අඩවියක  ප්‍රගීත් එක්නැලිගොඩ මහතාට සහ ඊපීඩීපී පක්ෂයේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතාට එරෙහිව ප්‍රචාරය කරන ලද අමූලික අසත්‍ය මඩ ප්‍රචාරයකට පිලිතුරු දෙමින් ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා මහතාගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා ජවිපෙ නායක අනුර දිසානායක මහතාට ඊයේ ලිපියක් යවා තිබිණ. එම ලිපිය ඊයේ ලංකා ඊ නිව්ස් හි පළ කරන ලදී.

Comments