syndicated from lankadaily.com,
ඊයේ(09) පෙරවරුවේ මගියකු යටකර මරා දැමූ
බවට චෝදනා එල්ල වී තිබෙන ගාල්ල දිස්ත්රික් එජනිස අපේක්ෂක මනුෂ නානායක්කාර
විසින් පසුගිය සෙනසුරදා ස්වර්ණවාහිණී ආයතනයේ පැවැති දේශපාලන සංවාදයක් අතර
තුරදී ඉන්දියාවේ හින්දු පුවත්පතෙහි පිටපතක් පෙන්වමින් එහි සඳහන් පුවතක්
අනුව එජාපය ජයග්රහණය කළ හොත් 'ඊළම"ලබා දෙන බව රනිල් වික්රමසිංහ මහතා තමාට
පොරොන්දු වූ බවට යාපනයේ එජාප අපේක්ෂිකා විජයකලා ලක්ෂ්මී පවසා ඇතැයි
පැවසුවේය.
එහෙත් එම හින්දු පුවත්පතෙහි පිටපතක් ලෙස
පෙන්වූ කඩදාසිය තනිකරම බොරුවක් බව මේවන විට සනාතව ඇත. එය මනූෂ නානායක්කාර
විසින් සකස් කරන ලද්දක් වන අතර, කූට ලේඛන සකස්කර ප්රසිද්ධියේ පෙන්වා
ඡන්දදායකයන් මුලා කිරීමට එරෙහීව, කළුතර දිස්ත්රික් එජාප අපෙක්ෂක අජිත් පී
පෙරෙරා මහතා අද දින පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Comments
Post a Comment