අන්තරයට මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෙළපාලි යෑමට අවසර දුන්නේ කව්ද? වැඩිහිටි සිසුන්ට සහ මහජනතාවට කියා නීති දෙකක් නැත: මැතිවරණ නිරීක්ෂකයන් බුදිද?
syndicated from lankaenews.com,
මේ රටේ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකි. එහිදී පෙළපාලි යා හැක්කේ අවමංගල්‍ය ආගමික සහ සංස්කෘතික පෙළපාලි පමණය. කිසිදු ආකාරයක විරෝධතා පෙළපාලි පැවැත්වීම මැතිවරණ නීතිය යටතේ වරදකි. මෙම නීතිය දේශපාලන පක්ෂ වලට පමනක් නොව එම පක්ෂ වලට අනුබද්ධ බහුජන සංවිධාන වලටද පොදුය.
මෙම නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ කොළඹ විරෝධතා පෙළපාලියක් පැවැත්වීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යනු සාධාරණ ලෙස නිලවරණ පවත්වා සරසවි සිසුන් නියෝජනය කරන ආයතනයක් නොවන බවත් එය පෙරටුගාමී පක්ෂයේ අතකොලු සංවිධානයක් බවත් කිසිවෙකුට නොරහසකි. පෙරටුගාමී පක්ෂයද මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂයකි. එහි නායකයා රටේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් නීතිය ඉදිරියට නොපැමිණ සැඟවී සිටින්නෙකි. මෙවන් පක්ෂයක අතකොළු සංවිධානයකට මැතිවරණයක් අවස්ථාවකදී පෙළපාලි පැවැත්වීමට ඉඩ දෙන්නේ නම් අනෙකුත් දේශපාලන පක්ෂවලටද අයත් බහුජන සංවිධාන මැතිවරණ අවස්ථාවේදී පෙළපාලි යනු ඇත.
උසස් අධ්‍යාපනය හදාරන වයස අවුරුදු 18 ට වැඩි සිසුන්ටද රටේ පොදු මහජනතාවටද බලපාන්නේ එකම නීතියකි. නීති දෙකක් තිබිය නොහැකිය. අන්තරය මැතිවරණ නීතිය උල්ලංඝනය කර තිබේ. මැතිවරණ සමයේ අධෝවාතයක් ගියද මැතිවරණ නීති උල්ලංඝනය කළ අවස්ථා ලෙස ගණන් තබා ගන්නා මැතිවරණ නිරීක්ෂක සංවිධාන මෙය නොදුටුවේ මන්ද?
ඊයේ අන්තරය නමින් හඳුන්වාගන්නා පිරිස පෙළපාලි ගියේද විශ්ව විද්‍යාල සිසුන්ගේ අයිතිවාසිකම් පිලිබඳ සාධාරන ඉල්ලීමක් මුල් කරගෙන නොවූ අතර එය අනෙකුත් උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නැයි කරන ඉල්ලීමක් විය. පුද්ගලික සරසවි තහනම් කරන්නැයි ඔවුන්ගේ මූලික ඉල්ලීම විය. ‘ගෙවන්න බෑ. ගෙවන්නේ නෑ‘ ඔවුන්ගේ සටන් පාඨයක් විය. මෙය විහිලුවකි. රජයේ නොමිලේ සරසවි අධ්‍යාපනය හදාරන ඔවුන් කිසිදු මුදලක් ගෙවන්නේද නැත. ඔවුන්ට රජයෙන් මුදල් ගෙවන්නේය. එසේ තිබියදී ‘ගෙවන්න බෑ‘ කියන්නේ කව්ද? කාටද?
දැනුම ලබා ගැනීම යනු පුද්ගලික නිදහසකි. දැනුම වර්ධනය කර ගැනීම සහ දැනුම බෙදා හැරීම යනුද පුද්ගලික නිදහසකි. එය රාජ්‍යයට පවරන්නැයි ඉල්ලීම යනු පසුගාමී උන්මාද ගෝත්‍රික ඉල්ලීමකි. ලෝකයේ දැනුම වර්ධනය වී ඇත්තේ අදත් වර්ධනය වන්නේ රාජ්‍යයක කිසියම් නිලධාරී කන්ඩායමකගේ මෙහෙයැවීමකින් නොවේ. එවැනි දේ කරන්නට උත්සාහ කළ තැන්හි සිදුව ඇත්තේ දැනුම එකතැන පල්වීමකි. රටවල් වලපල්ලට යෑමකි.
ලංකාවේ අතීතයේ සිටම පුද්ගලික පාසැල් පද්ධතියක් තිබේ. එය යථාර්තයකි. එම සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ඉඩක් නැත. එම සිසුන් පෙරටුගාමී පක්ෂ නායකයාගේ ගෙදර ගොස් අධ්‍යාපනය හදාරන්නද? නැතිනම් අන්තරේ සිසු නායකයා වූ නජිත් ඉන්දිකගේ ගෙදර ගොස් අධ්‍යාපනය හදාරන්නද? එසේ නම් පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් බිහිවිය යුතුමය. සියලු දෙනාට විදේශ සරසවි වෙත යෑමේ හැකියාවක්ද නැත. එසේ නම් ලංකාවේ පුද්ගලික සරසවි පද්ධතියක් තිබිය යුතුය. කළ යුත්තේ පුද්ගලික සරසවි වලට විරුද්ධ වීම නොව දියුණු රටවල මෙන් පුද්ගලික පාසැල් මෙන්ම පුද්ගලික විශ්ව විද්‍යාලයන්ද නිසි ස්වාධීන කොමිසමක නියාමනයකට ලක්වීමය. ලෝකයේ දියුණු රටවල මුදල් තිබූ පමණින් සමාගමකට හෝ සල්ලිකාරයෙකුට සරසවියක් ආරම්භ කළ නොහැක. ලෝකයේ කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතන සියල්ලම පුද්ගලික ආයතන බවද මතක තබා ගත යුතුය. ඒවාට ශතවර්ෂ ගණනක් පුරා දිවෙන නිසි නියාමන ඉතිහාසයක්ද තිබේ. ඒ ආකාරයට පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනයකට ලක් කළ යුතුවා මිස රජයේ නිදහස් අධ්‍යාපනය ලබමින් අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය වාරණය කරන්නැයි ඉල්ලීම නීචය, ගෝත්‍රික ය. එය රටේ පවත්නා නීතියද උල්ලංඝනය කරමින් කරන්නේ නම් දඬුවම් ලැබිය යුතු බරපතල වරදක්ද වන්නේය.
අත්දැකීම් නැති, ලෝකය ගැන අවබෝධයක්ද නැති, තවම හරියාකාරව උසස් අධ්‍යාපනයද නිමා කර නැති, හැඟීම්බර තරුණ දරුවන් පිරිස හදාගත යුතුය. විකෘති චර්යාවන්ගෙන් පීඩිත, කසිකබල් නාකි තට්ට අවස්ථාවාදී කැන්ගරුවෙකුට ජාතියේ දරුවන් විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය.
(සේයාරූ ලංකාදීපයෙනි)

Comments
Post a Comment