syndicated from lankatruth.com,
මේ වනවිට එජනිස බලගැන්වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්ව සිටින බව අද (10) පුවත්පත් වල මුල් පිටුවේ පළවූ ප්රචාරක දැන්වීමකින් අනාවරණය වෙයි.
මේ වනවිට එජනිස බලගැන්වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්ව සිටින බව අද (10) පුවත්පත් වල මුල් පිටුවේ පළවූ ප්රචාරක දැන්වීමකින් අනාවරණය වෙයි.
දේශපාලක නිරික්ෂකයින් අදහස් දක්වන්නේ පොදු අපේක්ෂක වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරම්භයේ පටන්ම සහයෝගය දැක්වූ රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අර්ජුන
රණතුංග ඇතුළු පිරිස ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් නෙරපාහරිමින් මහින්ද
රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම නිසා ජනාධිපතිවරයාගේ දේශපාලන දෙබිඩි බව
ප්‍රකටවූ බවයි.
ඉහත
සිදුවීමට සමගාමීව මහින්ද රාජපක්ෂ මහතාද "අගමැති වුණොත් ජනාධිපති මෛත්‍රී
සමග සමීපව වැඩකරනවා" යනුවෙන් ඊයේ (09) ඔවුන් කැඳවාතිබූ මාධ්‍ය හමුවකදී
අදහස් දක්වා තිබුණි. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය කෙසේවත් ලබා
නොදෙනබව ජනාධිපතිවරයා කළ ප්‍රසිද්ධ ප්‍රකාශයද පිළිගත නොහැකි මට්ටමකට පත්ව
ඇතිබව දේශපාලක නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ.
මැතිවරණයේ
ඡන්ද ප්‍රකාශකිරීමට දින ආසන්න වෙද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා එජනිස
දිනවීම වෙනුවෙන් ඉදිරිපත්වීමට පටන්ගෙන ඇතැයි ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශකරති.
කෙසේ
වෙතත් මෛත්‍රීපාල මහතා මැතිවරණයට පෙර කියාසිටි මැදිහත්බව බිඳගෙන තිබෙන්නේ
යැයි මෙම සිදුවීමත් සමග ප්‍රදර්ශනය වෙයි. එසේම මහින්ද රාජපක්ෂ මහතාට
හීලෑවූබවක් ද මෙයින් ප්රකටවීම වැළැක්විය නොහැකි යයි දේශපාලක නිරීක්ෂකයෝ
අවධාරණය කරති.
Comments
Post a Comment