Syndicated from lankaenews.com,
පාර්ලිමේන්තු සම්ප්රදාය සහ ප්රකාශනයන්ට අනුව විපක්ෂනායක ධුරය හිමිවිය යුත්තේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට බව දෙමළ ජාතික සන්ධානය නිවෙදනයක් නිකුත් කරමින් පවසයි.
දෙමළ ජාතික සන්ධාන නිවේදනයෙන් පවසන්නේ තම පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය බවයි.
පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගත් අතර දෙවනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කර ගත්තේය. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ජාතික ආණ්ඩුවක් බිහිකරන බව මේ වන විට නිවේදනය කර තිබේ.

එබැවින් එක්සත් ජාතික පක්ෂය සමග නිදහස් සන්ධානයට ඒකාබද්ධ ආණ්ඩුවක් ලෙස කටයුතු කිරිමට සිදු වන බව පවසන දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂ වශයෙන් ද ඊට සහය පළ කිරිමට නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ට සිදු වන බව පෙන්වා දෙයි.
එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ ආසන 16 කට හිමිකම් කියන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට විපක්ෂනායක ධුරය හිමිවිය යුතු බවයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රජය දෙමළ ජනතාවට සමාන පුරවැසියන් සේ සලකන බවට පොදුවේ කැපවී තිබේ. කෙසේ වෙතත් උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ තමන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස පිළිගැනිමට මැලිකමක් දක්වන්නේ නම් එම කැපවීමේ අවංක භාවය පිළිබඳ ගැටළු මතුවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
මෙරට ජාතික ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිවරයා සහ රජය කැපවන්නේ නම් ක්‍රියාවෙන් ද එය පෙන්නුම් කළ යුතු බව අවධාරණය කරන දෙමළ ජාතික සන්ධානය ජාතික ගැටළුව විසඳීම වෙනුවෙන් රජය සමග වැඩදායි ලෙස සම්බන්ධ වී කැපවීමෙන් තම කාර්යභාරය ඉටු කරන බව ද ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජවිපෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එම පක්ෂයේ අත්දැකීම් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන නිහාල් ගලප්පත්ති මහතාද පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනේ විපක්ෂ නායක ධූරය දෙමළ ජාතික සන්ධානයට හිමිවිය යුතු බවයි.
මේ අතර කොටසක් ආණ්ඩුවේත් හිඳින අතරේ විපක්ෂයේද අසුන් ගැනීමට නියමිතව සිටින එජනිසයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම් පවසන්නේ තමන්ට විපක්ෂ නායක ධූරය හිමිවිය යුතු බවයි. ඔවුන්ගේ විපක්ෂ නායකයා ලෙස යෝජනා වී ඇත්තේ කුප්‍රකට අශීලාචාර පුද්ගලයෙක් ලෙස ප්‍රකට කුමාර වෙල්ගම නමැති ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු එජනිසයේ විධායක කමිටුවෙන් ඉවත් කරන ලද මන්ත්‍රීවරයා ය.
Comments
Post a Comment