කිලීගේ වහලා සුජීව සේනසිංහ බලු වෙයි: බ්ලූමැන්ඩල් ප්‍රහාරය ගැන කී ගොබ්බ කතාව ගැන සීඅයිඩිය ප්‍රශ්න කරන්න යයි
syndicated from lankaenews.com,
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉලක්ක කරමින් පසුගියදා බ්ලූමැන්ඩල් හි දී සිදුකරන ලද සූක්ෂ්ම සංවිධානාත්මක වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා එය හුදු පාතාල කල්ලි දෙකක ගැටුමක් යැයි මෙතෙක් තීරණය කර නොතිබියදී අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ නමැති කිලී මහාරජාගේ සුරතලා විසින් එම මෘග ප්‍රහාරය පාතාල කල්ලි ගැටුමක් යැයි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
සුජීව සේනසිංහගේ ප්‍රකාශය අනුව ඔහු එම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බව ඉඟි පහල කරන හෙයින් ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු යැයි පරීක්ෂකයෝ තීරණය කර ඇත.
බ්ලූමැන්ඩල් ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සොයා ගෙන ඇති කරුණු අනුව එය දේශපාලන අරමුණක් අනුව සූක්ෂ්ම ලෙස සංවිධානය වූ කණ්ඩායමක් විසින් සිදුකරන ලද්දකි.
මෙම ප්‍රහාරය ආමි සම්පත් නමැති පාතාල නායකයා ඝාතනයට තැත් කිරීමක් ලෙස පළමුවෙන්ම ව්‍යාජ ආරංචියක් පතුරුවා ඇත්තේ මරාවාදී සට්ටැඹියෙක් ලෙස නම් දැරූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වත්මන් කොළඹ උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ය. ඔහු ජාතික පුවත්පතක් හිමි කොළඹ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේද අනුදැනුම මත මෙකී ව්‍යාජ ප්‍රවෘත්තිය පතුරුවා තිබේ. පෙරේදා බ්ලූමැන්ඩල්හි සංචාරයක යෙදුනු පොලිස්පතිවරයාටද මෙය පාතාල සාමාජිකයන්ගේ ප්‍රහාරයක් නොවන බව වැටහීම නිසා අජිත් රෝහණට ව්‍යාජ තොරතුරු පතුරුවන්නට එපා යැයි බැන වැදී තිබේ.
පොලිස්පතිවරයා අජිත් රෝහණගෙන් අසා ඇත්තේ ඡන්ද ව්‍යාපාර වල අත් පත්‍රිකා බෙදීම සඳහා මෙතෙක් සහභාගී වී ඇත්තේ කුමන පාතාල නායකයාදැයි කියන ලෙසය. පාතාල නායකයෙකු කිසියම් දේශපාලකයෙකුට සහාය දෙනවා වුව ඔහු මුදල් ප්‍රමාණයක් දී ගෝලයන් සපයනවා හැර තමා විසින්ම මහ දවාලේ අත් පත්‍රිකා බෙදීමට යන්න එනවාදැයි ඇසූ විට අජිත් රෝහණ ගොලු වී තිබේ. ආමි සම්පත් නමැති පාතාල නායකයා හො වෙනත් පාතාලයෙකු රවි කරුණානායකගේ එදා පෙලපාලියේ යනු ඇසින් දුටු සාක්කියක් ඇතිනම් තමන්ට සොයා දෙන ලෙසද අජිත් රෝහණට පොලිස්පති පවසා ඇත.
මෙවැනි තත්ත්වයක් තිබියදී කිලී මහාරාජාගේ සල්ලිවලට කහින සුජීව සේනසිංහ නමැති ගොබ්බ දේසපාලුවා අහිංසක කාන්තාවක් ඝාතනය කරමින් 13 දෙනෙකුට තුවාල සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය හුදු පාතාල කල්ලි දෙකක ගැටුමක් යයි පවසමින් සැබෑ මිනීමරුවන් සහ ඔවුන් මෙහෙයවූවන්ගේ දේශපාලන අරමුණු ආරක්ෂාකර තිබේ.
සුජීව සේනසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ දුෂ්කර කාල වකවානුවේදී එම පක්ෂය තව තවත් දුෂ්කර තාවයට පත්කළ පුද්ගලයෙකි. කිලී මහාරාජා සජීවී ලෙස ප්‍රචාරය කරමින් සජිත් ප්‍රේමදාස සහ පිරිවර සිරිකොතට ගල් ගසද්දී සුජීව සේනසිංහ සිටියේ ගල් ගසන පිලේය. ගල් ප්‍රහාර වළක්වා ගැනීමට ඉදිරියට ආවේ එදා කඩුවෙල ආසනයේ සිටි පත්බේරියලා මිස කඩුවෙල සිටි සුජීව නම් නොවේ. එදා සිට අද දක්වා පත්බේරියලා කඩුවෙල එජාපය දිනවීමට කැස කවද්දී සුජීව සේනසිංහ තක්කඩියෙක් සේ පැන යමින් සිටී. පසුගියදා අතුරුගිරියේදී පත්බේරිය විසින් සංවිධානය කළ රැස්වීමකට රෝසි සේනානායක, රවි කරුණානායක, විජේදාස රාජපක්ෂ ආදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අනෙකුත් එජාප නායකයන් පැමිනියා කියා එම රැස්වීම වර්ජනය කිරීමට තරම් නරුම වූවෙකි සුජීව සේනසිංහ. රට ගොඩ දැමීමට නම් එජාප නායක රනිල් අවශ්‍යයැයි අද විපක්ෂයද ඇතුළුව රටම බලාපොරොත්තුවෙද්දී සුජීව සේනසිංහ නමැති ආධුනික පඟර නැට්ටා සිටියේ රනිල් එළවා සජිත් නායකයා කිරීමේ කිලී මහාරාජාගේ ව්‍යාපෘතියේ වහලෙකු වශයෙනි. ගෝඨාභය රාජපක්ෂ කොම්පඤ්ඤවීදියේ ජනතාවගේ ඉඩ කඩම් අල්ලා ගනිමින් ඒ මිනිසුන් මහ පාරට ඇද දමද්දී ඒ ගැන සොයා බලා ක්‍රියා කිරීමට එජාප නායකයා විසින් සුජීව සේනසිංහ පත් කළ විට ඔහු කෙළේ පාරට වැටෙන අසරණයන්ගෙන් රු.ලක්ෂ 15 බැගින් එකතු කරමින් තම මඩිය තර කර ගැනීමය. සුජීව සේනසිංහ මිනිසුන්ගෙන් එලෙස අල්ලස් ඉල්ලනවා පටිගත කර ගත් ගෝඨාභය කෙළේ සුජීව සේනසිංහට එරෙහිව ක්‍රියා කරන බව පවසමින් සුජීව සේනසිංහ හීලෑ කර ගැනීමය. කොම්පඤ්ඤවීදියේ මිනිසුන්ගේ ඉඩම් පවරා ගැනීමට විරුද්ධ සටන සුජීව සේනසිංහ විසින් පාවාදුන්නේ එලෙසය.
සුජීව සේනසිංහ නමැති ගොබ්බ තක්කඩි උද්දච්ඡ පාහර දේශපාලුවාගේ නියම තත්ත්වය කුමක්දැයි හෙළිකරන ආසන්න සිදුවීමක් ජනතාවට හෙලි කළ යුතුය. මොහු දැනට දරණ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ බලය භාවිතා කරමින් පසුගිය දිනෙක නීතිපති යුවන්ජන මහතා අමතමින් පවතින නීති කර්තව්‍යයන් කිහිපයක තත්ත්වය විමසා තිබේ. තම නියෝජ්‍ය ඇමැතිවරයාගේ විමසුමට නීතිපතිවරයා පිළිතුරු දිය යුතු බැවින් තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් යුවන්ජන නීතිපතිවරයා විසින් සුජීව සේනසිංහ වෙත කර ඇත. පසුව එදා රාත්‍රී නීතිපතිවරයා පුදුමයට පත් කරමින් තමන් කී දෑ හඬ පටිය සමග කිලී මහාරාජාගේ නාලිකාවේ ප්රවෘත්ති සමග ප්‍රචාරය කර ඇත. මෙය මුළුමනින්ම සදාචාර විරෝධී තක්කඩි පාහර වැඩකි. සුජීව සේනසිංහ නමැති පුද්ගලයා කෙතරම් කිලී මහාරාජාගේ පක්කලියෙක්දැයි මෙයින් තේරුම් ගත හැක්කේ නීතිපතිවරයා විසින් නියෝජ්‍ය ඇමැතිවරයාට පුද්ගලිකව කී සියල්ල පටිගත කර කිලී මහාරාජාට ලබා දීම නිසාය. මෙවැනි අවලං වැඩ දේශපාලකයන් නොව ගමේ ගොඩේ සිටිනා බල්ලෙක් වත් කරන්නේ නැත. සුජීව සේනසිංහ වැනි ද්‍රෝහී උද්දච්ඡ ගොබ්බයන් යලිත් පාර්ලිමේන්තුවට යවනවාදැයි කොළඹ දිස්ත්‍රික්කයේ අලියාට කතිරය ගසන මිනිසුන් තීරණය කළ යුතුය. මන්ද යත් කොළඹ දිස්ත්‍රික් අලියා ලැයිස්තුවේ බල්ලන් හැර ඕනෑ තරම් මහත්ම මහත්මීන් සිටින බැවිනි.

Comments
Post a Comment