රාජපක්ෂ රෙජීමය එල්ටීටීඊයෙන් ලබා ගත් වස්තුව වියදම් කර උතුරු නැගෙනහිර ජනතාවට සහන දෙන්න: රජය අපහසුතාවයට පත් කරන ෆෙඩරල් එපා - ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති එළියට
syndicated from lankaenews.com,

ජාතික ප්‍රශ්නය විසදීමට ඉන්දියාවේ මෙන් බලය බෙදාහැරීමේ ක්‍රමයක් මිස රට බෙදීමක් අවශ්‍ය නොවන බවත්, මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානයෙන් ලබාගත් වස්තුව සහ මුදල් වියදම් කොට යුද්ධයෙන් විපතට පත් වූ උතුරු නැගෙනහිර වැසියන්ට සහන සැලසිය යුතු බවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී තම පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති මාලාව එළිදක්වමින් අද 01 දා වවුනියාවෙදී පැවසීය.
එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන ලද්දේ වවුනියාවේ පිහිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීය.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මෙම ඉල්ලීම් ඇතුළත් කිරීමට හේතු තවදුරටත් පවසමින් ආනන්ද සංගරී කියා සිටියේ සිංහල,දෙමළ, හා මුස්ලිම් වැසියන් සහෝදරයින් මෙන් එක සමානව ජීවත්වන පරිසරයක් මිස ඔවුන්ව වෙන් කරණ දේශපාලන ව්‍යුහයක් ශීලංකාවට කිසිසේත්ම නොගැලපෙන බවයි.
රටේ වර්ථමාන තත්ත්වය දෙස බලන විට රටේ ආණ්ඩු මාරුවක් සිදුවී නැති අතර සිදුව ඇත්තේ නායකයා මාරුවීම පමණක් හෙයින් මේ අවස්ථාවේදී රජයට බල කරමින් යමක් ඉල්ලීම යුක්ති සහගත නැති බව කී ආනන්ද සංගරී දෙමළ ජාතික සන්ධානය රජය අපහසුතාවයට පත් කරමින් පෙඩරල් පාලනයක් ඇතුලුව උතුරු නැගෙනහිරට බලතල ඉල්ලා සිටීම දැඩි අසාධාරණයක් බැවින් තම පක්ෂය මැතිවරණ ප්‍රකාශානය හරහා රජයට බලපෑම් නොකරණ වගද කියා සිටියේය.
හොදම ක්‍රමය වන්නේ නව රජයක් බලයට පත්වීමෙන් පසුව ඔවුන්ට සහය දක්වා උතුරු නැගෙනහිර පළාත්වලට අවශ්‍ය දේ සාකච්ඡා කොට ලබා ගැනීම බව සඳහන් කළ හෙතෙම ඒ සදහා අතීතයේදී මේ රටේ සිටි පාලකයින් ඉදිරිපත් කළ විසඳුම් කෙරෙහි අවධානය යොමු කළ හැකි බවද කියා සිටියේය.
දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය විසදාගැනීමට බලයට පත්වන රජය සමග සාකච්ඡා කරණ බවද, වැරදි සිදුකොට ඇති අයව නඩු විමසීමකින් පසුව පුනරුත්ථාපනය කොට සමාජ ගත කිරීමට රජයට යෝජනා කරණ බවද ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කොට තිබේ.
යුද්ධයෙන් අවතැන්වූවන් සහ පීඩාවට පත්වූවන් පුනරුත්ථාපනය කිරීමටත්,ඔවුන්ට ස්ථිර නිවාස ඉදි කරවා ගැනීමටත් විශේෂ ව්‍යාපෘති රජයෙන් සකස් කරගතයුතු අතර ඊට එල්.ටී.ටී.ඊ.සංවිධානයෙන් ලබාගත් මුදල් හා වස්තුව වියදම් කළ යුතු අතර අඩුපාඩු පිරිමසා ගැනීමට පමණක් රජයෙන් මුදල් වියදම් කළයුතු බවටද ආනන්ද සංගරී තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් යෝජනා කොට ඇත.
දිනසේන රතුගමගේ වවුනියාවේ සිට

Comments
Post a Comment