syndicated from readsrilanka.com,
එළඹෙන මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරය හිමි වන්නේ නම් එය සාමාන්‍ය අගමැතිධූරයක් නොවන බවත්, ඒ තුළින් ජනාධිපතිධුරයද අභිබවා යෑමට සූදානම් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහමැතිවරණ අපේක්ෂක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයාට වඩා බල සම්පන්න අග්‍රාමාත්‍ය ධූරයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවනු ඇති බවයි. එය විධායක ජනාධිපති ධූරයද අභිබවා යන්නක් විය හැකි බව එස්.එම්.චන්ද්‍රසේන මහතා පෙන්වාදෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ, මේ තුලින් මහින්දගේ සැබෑ සැලැස්ම අවබෝධ කරගත හැකිබවත්, ජනාධිපතිව සිටියදී එහි විධායක බලය හිමිව තිබියදී එම බලය තුල ඔහුගේ ඒකාධිපති වියරුව මනාව නිරූපණය වූ හෙයින් යළි එවැනි බලයක් වැරදීමකින් හෝ ලද හොත් සිදුවන දෙය සිතාගත නොහැකි බවයි.
Comments
Post a Comment