මහින්ද අගමැති සිහිනය අත්හැර පරාජය බාර ගනී..! දිනුවත් විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් ලෙස නම් දිව්රුම් නොදීමට තීරණය කරයි..!!
syndicated from lankaenews.com,
පරාජිත ජනාධිපති, කුරුණෑගල එජනිස අපේක්ෂක, මැදමූලන මහින්ද රාජපක්ෂ තම පරාජය ස්ථිර ලෙසම තේරුම් ගෙන ඇති අතර කුරුණෑගලින් පාර්ලිමේන්තුවට තේරී පත් වුවද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් නොදී එම අවස්ථාව කුරුණෑගල එජනිස ලැයිස්තුවේ ඊලඟට මනාප ගන්නා පුද්ගලයාට බාර දී හිස් අතින් මැදමූලනට යාමට තීරණය කර තිබේ.
එජනිස ආරංචි මාර්ග වලට අනුව එජනිසයට දිනා ගත හැක්කේ ආසන 70 ක පමණ ප්‍රමාණයක් බව මේ වන විට ඔවුන්ගේ සමීක්ෂකයන් විසින් දන්වා ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරටුවලින් ප්‍රශ්න කළත් සියයට 98 ක්ම දෙනා පවසන්නේ මේ පාර දිනන්නේ යූඇන්පිය බවයි. මේ තත්ත්වය මත මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත් වුවද නිසැක වශයෙන්ම ඔහුට සිදුවන්නේ පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීමට ය. මන්ද යත් විපක්ෂ නායක ධූරය නිමල් සිරිපාල ද සිල්වා කිසිදු ලෙසකවත් පරිත්‍යාග කිරීමට සූදානමක් නැති බැවිනි.
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් නොදී ඉවත්වීමට තීරණය කර ඇත්තේ විපක්ෂ නායකධුරය නොලැබීමටත් වඩා තමන් ඉන්පසුව මුහුණ දෙන වරප්‍රසාද ප්රශ්නය නිසා බව දැනගන්නට තිබේ.
ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වීම නිසා අගමැති වීම සිහිනයක් වන අතර ඔහුට ලැබෙන්නේ ස්ථිර වශයෙන්ම සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාදයන්ය. මන්ද යත් කිසිදු පුද්ගලයෙකුට රජයේ වැටුප් දෙකක් ලබා ගත නොහැකි වනවා මෙන්ම රජයකින් ලබා දෙන වරප්‍රසාද දෙකකට උරුම කම් කිව නොහැකිය. ඒ අනුව ආසන්න තත්ත්වය වන මන්ත්‍රී වරප්‍රසාදය මිස පැරණි හිටපු ජනාධිපති වරප්‍රසාදයට හිමිකම් කිව නොහැකිය. මෙතෙක් මෙවැනි අර්බුදයකට මුහුණ දී නැති නිසා අනිවාර්යයෙන්ම මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා ගත යුතු වන අතර මරාකරණය වූ අධිකරණයක් දැන් නැති නිසා රාජපක්ෂට වාසි තීන්දුවක් ලබා ගැනීම එහිදී අසීරු වනවා ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂට හිමිවිය යුත්තේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පමණක් යැයි තීන්දුවක් ලැබුනහොත් ඔහු ජීවිත කාලය පුරාවටම අසරණ වන බැවින් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වුවද දිව්රුම් නොදීමට මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ. හිටපු ජනාධිපතිවරයෙකුට කැබිනට් ඇමැතිවරයෙකුට සමාන වරප්‍රසාද ප්‍රමාණයක් හිමිය. ඔහු මිය ගියහොත් එම වරප්‍රසාද මදක් අඩුවෙන් ඔහුගේ බිරිඳට හිමිවනු ඇත. එය සමාන්‍යයෙන් නියෝජ්‍ය ඇමැතිවරයෙකුගේ වරප්‍රසාද වලට සමානය. මහින්ද සාමාන්‍ය විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දුන්නොත් ඒ සියල්ල ඔහුට අහිමි වනවා ඇත.
මේ අතර වෙනත් මාධ්‍යය විසින් වාර්තා කර තිබුනේ මහින්ද රාජපක්ෂට නම්බු පිටින් විශ්‍රාම යාමට අවස්ථාව සලසා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බවයි. සිංගප්පුරුවේ ලී ක්වාන් යූ ට හා මැලේසියාවේ මහතීර් මොහොමඩ් ට ඒ රටවල් ලබාදුන් ආකාරයේ ජ්‍යෙෂ්ට ඇමැති තනතුරක් මහින්ද රාජපක්ෂට ද ලබාදෙන ලෙස ගෝඨාභය ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලී ක්වාන්යූලා මහතීර් මොහොමඩ් ලා ඒ රටවල් ලෝකයේ හිනි පෙත්තට ගෙන ආ නමුත් මහින්ද රාජපක්ෂ යනු රටේ මහජන දේපොල කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරමින් පිටරටවල තැන්පත් කර ගත්, ශ්‍රී ලංකාවට ලෝකයේ තිබූ ගරුත්වය නැති කොට රට අගාධයට ඇද දැමූ රාජ්‍ය නායකයෙක් බවයි.

Comments
Post a Comment