වසර හයකට පසු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - ප්‍රභාකරන් මියගියේ සයනයිඩ් කාලා

syndicated from lankanewsweb.net,








වසර හයකට පසු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - ප්‍රභාකරන් මියගියේ සයනයිඩ් කාලා

නන්දිකඩාල් කලපුවේ කැලෑව පීරද්දී ප්‍රභාකරන්ගේ මළසිරුර හමු වූ බවත්, ඒ වනවිටත් ඔහු සයනයිඩ් කරළ මුව තුළට ඔබාගෙන තිබූ බවත්, හිසට වෙඩි තබා මළ සිරුර විකෘති කිරීම් සිදු කෙරුණේ ප්‍රභාකරන් මියයාමෙන් පසුව බවත් අවසන් සටනේ තීරණාත්මක කාර්යභාරයක යෙදී සිටි යුද හමුදා සෙබළෙක් විසින් හෙළි කරයි. 
යුද ජයග්‍රහණය උලුප්පා දැක්වීම සදහා හමුදාව අතින් ප්‍රභාකරන් මැරුම් කෑ බව එවකට ජනමාධ්‍යවලින් ප්‍රචාරය කරන්නට සැලැස්සුවේ ආරක්ෂක අංශයේ ඉහළ උපදෙස් මත බවත් අනාවරණය වේ. පසුව හිසට වෙඩි තබා අවශ්‍ය රූපවාහිනී දර්ශන සදහා නිකුත් කළ බවද ඔහු පවසයි. මෙය දැඩි රහසක් ලෙස තබාගැනීමට තමන් ඇතුළු ඊට සමීපව සිටි පිරිසට සිදු වූ බවත්, මළ සිරුර සොයාගත් අනෙකුත් හමුදා සෙබලුන් තිදෙනා ජීවතුන් අතර සිටින්නේදැයි යන්න තමන් නිශ්චිතව නොදන්නා බවත් ඔහු පවසා සිටී.
 
ප්‍රභාකරන් කොළඹට රැගෙන ආ බවත්, පසුව නැවත නන්දිකඩාල් කලපුව වෙත ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළ බවට පළ වූ පුවත මහින්ද රාජපක්ෂට සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමේ අරමුණින් සිදු කරන ලද්දකි. කරුණා අම්මාන් විසින්ම එය අසත්‍යයක් බව පසුව පවසන ලදි.  එවැනි අසත්‍ය ප්‍රචාරයක් ගෙනගියේ ප්‍රභාකරන්ගේ මරණය පිලිබද ඇත්ත වසන් කිරීමටය. 
 
අදාළ හමුදා සෙබළා වැඩිදුරටත් පවසන්නේ ප්‍රභාකරන්ගේ මෘත ශරීරය පිලිබදව පශ්චාත් මරණ ප රීක්ෂණයක් සිදු කළේ නම් ඔහුගේ මරණයට හේතුව නිශ්චිත වශයෙන්ම හෙලිදරවු වන බවයි. ඒ මොහොතේ කිසියම් පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එය හිසට පමණක් සීමා කරන ලදි. සයනයිඩ් කා මියගිය නිසා ඔහුගේ දෑස් විවෘතව පැවැති බවත්, කටින් සෙම පෙරී තිබූ බවත් හමුදා සෙබළා කියයි. 
 
ප්‍රභාකරන්ගේ සිරුර අවට තිබූ තවත් සිරුරු කිහිපයකින් පෙනී ගියේ ඔවුන්ද සිය දිවි නසාගෙන ඇතැයි යන්න බවත්, එහි තිබූ සිරුරු 17ක් හමුදා ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ බව පෙනෙන්නට තිබූ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. මෙම සයනයිඩ් කෑ මළසිරුරු අසල තිබු ආයුධවල එක් පතුරමක් හෝ නොතිබූ බවත් හමුදා සෙබළා අනාවරණය කරයි.

Comments