“දූෂිත රාජපක්ෂ සහ චෞරයන් යලි පාර්ලිමේන්තුවට එපා“ - නිව්යෝර්ක් ශ්‍රී ලාංකිකයෝ හෙට වීදි බසිති

syndicated from lankaenews.com,




“දූෂිත රාජපක්ෂ සහ චෞරයන් යලි පාර්ලිමේන්තුවට එපා“ යැයි බල කෙරෙන දැවැන්ත උද්ඝෝෂනයක් සහ රැලියක් හෙට (02) ඇමරිකාවේ අගනුවර වන නිව්යෝර්ක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.
එ.ජා.මූලස්ථානය ඉදිරි පිට දෙවන ඇවනියුහි 47 වන වීදියේ දී (2nd Avenue, 47th Street) මෙම උද්ඝෝෂනය සහ රැළිය හෙට අගෝස්තු 02 දා දහවල් 12  ට පැවැත්වෙන අතර නිව්යෝර්ක්හි පදිංචි සියළු දේශප්‍රේමී යහපාලනප්‍රේමී ජනතාවට පක්ෂ පාට නොබලා සහභාගී වන්නැයි සංවිධායක වරු ආරාධනා කරති.
ජනවාරි 08 වෙනිදා ශ්‍රී ලංකාව දිනා ගත් යහපාලනය ඉදිරියට ගෙන යෑම සඳහා කවර වර්ගයේ හෝ දූෂිතයන් හොරුන් පාර්ලිමේන්තුවට පත් නොකර ගන්නැයි ශ්‍රී ලංකාවාසී ජනතාවට දැනුම් දීම සඳහා මෙම උද්ඝෝෂනය පැවැත්වෙන බව සංවිධායකවරු පවසති.

Comments