සම්මුති ආණ්ඩුවක් හදන්නේ පරාජිත දූෂිත ඇමැතිවරුන්ට ඇමැතිකම් දෙන්න නොවේ: නව ඇමැති මණ්ඩලය 50 යි: සභානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දින සීයේ ඇමැතිවරු එලෙසමයි: නව අැමැති මුහුණු: නව පාර්ලිමේන්තුව සැප් 01
syndicated from lankaenews.com,
සම්මුති ආණ්ඩුවක් හදන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දූෂිත ඇමැතිවරුන්ට යලි ඇමැති ධූර ලබා දීමට නොවන බවත් ජනතාව වරමක් ලබා දුන් වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමට බවත් ඇමැති ධූර ඉල්ලා කරදර කරන ශ්‍රීලනිප පිරිස් වලට එක්සත් ජාතික පෙරමුණ විසින් දැනුම් දී තිබේ. ඒ පිලිබඳ තමන් විශ්වාස කරන්නේ ජනාධිපතිවරයා මිස හිටපු දූෂිත ඇමැතිවරුන් නොවන බවත් එජාපෙ වැඩි දුරටත් දැනුම් දෙමින් තම ස්ථාවරය දැඩි කර තිබේ.
සම්මුති ආණ්ඩුවක් හදන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දූෂිත ඇමැතිවරුන්ට යලි ඇමැති ධූර ලබා දීමට නොවන බවත් ජනතාව වරමක් ලබා දුන් වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමට බවත් ඇමැති ධූර ඉල්ලා කරදර කරන ශ්‍රීලනිප පිරිස් වලට එක්සත් ජාතික පෙරමුණ විසින් දැනුම් දී තිබේ. ඒ පිලිබඳ තමන් විශ්වාස කරන්නේ ජනාධිපතිවරයා මිස හිටපු දූෂිත ඇමැතිවරුන් නොවන බවත් එජාපෙ වැඩි දුරටත් දැනුම් දෙමින් තම ස්ථාවරය දැඩි කර තිබේ.
නව කැබිනට් මණ්ඩලය හෙට සඳුදා නොව බොහෝ විට අනිද්දා අඟහරුවාදා (25) දිව්රුම් දෙනු ඇතැයි රජයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. අද සවස අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා පවත්වා තීන්දුවක් ගැණෙනු ඇත.
නව පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා වන අතර සභා නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර දින සීයේ ආණ්ඩුවේ පරිදිම සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්ත කරුණාතිලක මහතා ද වනු ඇතැයි දැනගන්නට ඇත.
නව කැබිනට් මණ්ඩලය 50 ක් වනු ඇතැයිද එජාපෙන් 33 ක් හා ශ්‍රීලනිපයෙන් 17 ක් සේ බෙදී යනු ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ඇමැති මණ්ඩලය 45 ක මට්ටමින් පවත්වා ගැනීමට උත්සාහ කරනු ඇත. දින සියයේ ආණ්ඩුවේ එජාපය දැරූ ඇමැතිධූර බොහෝ විට වෙනස් නොවනු ඇත.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පසුගිය රජයේ ඇමැතිධූර දැරූ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට අමතරව මලික් සමරවික්‍රම, සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ හරින් ප්‍රනාන්දු, දයා ගමගේ මහත්වරුන්ට ඇමැති ධූර හිමි වනු ඇතැයි නිල නොවන ආරංචි පවසයි.
මේ අතර වමේ පක්ෂ නියෝජනය කරමින් එජාපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාටද ඇමැති ධූරයක් ලැබෙනු ඇතැයිද දැනගන්නට තිබේ.
මේ අතර වෙනත් මාධ්‍ය වලින් ප්‍රචාරය කරන පරිදි මුදල් ඇමැති ධූරයේ වෙනසක් ඇති නොවන අතර දින සීයේ ආණ්ඩුවේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට මුදල් ඇමැති ධූරය ලැබෙනු ඇත. ශ්රීලනිපය ද මුදල් ඇමැති ධූරය ඉල්ලා ඇති අතර පසුගිය කාලයේ මුදල් ඇමැති කම් කළ ආකාරයෙන් රට බංකොලොත් කිරීමට ඉඩ දිය නොහැකි යයි එක්සත් ජාතික පෙරමුණ දන්වා ඇත. නමුත් දින සීයේ ආණ්ඩුවේ පැවතුනා සේ ශ්‍රීලනිපයෙන් පත් කෙරෙන මුදල් රාජ්‍ය ඇමැති වරයෙක් පත් කෙරෙනු ඇත.
මුදල් ඇමැති ධූරයට හර්ෂ ද සිල්වා පත් කරන බවට නොයෙක් මාධ්‍ය ප්‍රචාරය කර ඇති නමුත් එය ‘වර්ණපාල තියරියේ‘ කැම්පේන් එකක් බව දැනගන්නට තිබේ. මුදල් ඇමැති ධූරයට වඩාත් සුදුසු වන්නේ ආර්ථික විද්‍යාව පිලිබඳ දැනුමැත්තෙක්ට වඩා මූල්‍ය කළමනාකාරිත්වය හෙවත් ගණකාධිකරණ විෂය පිලිබඳ දැනුමැත්තෙකි. එය ආචාර්ය ඇන් ඇම් පෙරේරාගෙන්ම ඔප්පු කර තිබේ. ආර්ථික විශේෂඥයෙක් වූ ඇන් ඇම් පෙරේරා මුදල් අැමැති වී ඔහුගේ න්‍යායයන් ක්‍රියාත්මක කිරීමට ගොස් ජනතාවට සතියේ දින 2 ක් බත් නොකා සිටීමට සිදුවීමෙන් ඒ ආණ්ඩුව කඩා වැටිණ. රවි කරුණානායක වනාහී මේ වන විට CIMA සහ වරලත් ගණකාධිකාරියෙකු ලෙස මූල්‍ය කලමණාකාරිත්වයට ජාත්‍යන්තර සුදුසුකම් ද්විත්වයක් ඇති ලෝකයේ එකම මුදල් ඇමැතිවරයා ය.
පාර්ලිමේන්තුවක ප්‍රධාන පක්ෂ දෙකකින් කැබිනට් මණ්ඩලයක් සකස් කිරීම ලෝකයේ අසීරුතම කාර්යයක් වන අතර අගමැතිවරයා එම අභියෝගය බාරගෙන තිබේ. ඒ අනුව ප්‍රශ්න ඇති නොකර තමන් දෙන දේ බාර ගන්න සූදානම් වන්නැයි අගමැති රනිල් තම කණ්ඩායමට අවධාරණය කර ඇත.
නව පාර්ලිමේන්තුව ලබන සැප්. 01 වෙනිදා මංගල සැසිය ආරම්භ කිරීමට නියමිතය.
Comments
Post a Comment