ජනතාව ආණ්ඩුවක් පත් කර සතියයි: ඇමැති මණ්ඩලයට කඹ අදී: නීෂා බිස්වාල්ගේ පැමිණීම නිසා හදිසි ඇමැති 3 ක් පමණක් පත් කරයි
syndicated from lankaenews.com,
ජනතාව නව ආණ්ඩුවක් පත් කර සතියක් ඉක්ම ගියද ජනාධිපති ප්රමුඛ ශ්‍රීලනිපයේ කඹ ඇදිල්ල හේතුවෙන් මේ දක්වා ඇමැති මණ්ඩලයක් පත් කර නව ආණ්ඩුවට වැඩ ආරම්භ කර ගැනීමට නොහැකිව තිබෙන නමුත් අත් හළ නොහැකි ක්ෂණික කාර්යයන් වෙනුවෙන් ඇමැතිවරු තිදෙනෙකු අද තම ඇමැති තනතුරු වල දිව්රුම් දුන්හ.
ඒ තිදෙනා දිව්රුම් දුන්නේ මධ්‍යම ආසියා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් හෙට අඟහරුවාදා (25) ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බැවිනි. තකහනියේ දිව්රුම් දුන් ඇමැති තිදෙනා නම් මංගල සමරවීර විදේශ ඇමැති ලෙසත්, ඩී.එම්.ස්වාමිනාදන් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇමැති ලෙස හා විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැති ලෙසත් ය.
නීෂා බිස්වාල් සමග සාකච්ඡා කිරීමට නියමිත වපසරියන් හිදී විදේශ ඇමැතිවරයාද සරණාගත ප්‍රශ්න සම්බන්ධයෙන් සහ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ඒ ඒ අදාල විෂයන්ට ඇමැතිවරුන් සිටිය යුතු බැවින් ඉහත කී ඇමැති තිදෙනා හදිසියේ දිව්රුම් දුන්හ. මේ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට පෙන්වා දීමෙන් අනතුරුව මෙම හදිසි දිව්රුම් දීම සූදානම් කෙරිණ.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ප්රමුඛ ශ්‍රීලනිපයට රට ගොඩ ගැනීමට වඩා ප්රමුඛ කාර්ය වී ඇත්තේ ඇමැති තනතුරු බෙදා ගැනීමය. අගමැති තනතුර එජාපෙට දෙනවා නම් මුදල් ඇමැති කම ශ්‍රීලනිපයට දිය යුතු යැයිද, සෞඛ්‍ය ඇමැති තනතුර එජපෙට දෙනවා නම් අධ්‍යාපන ඇමැතිකම ශ්‍රීලනිපයට දිය යුතු යැයිද ආදී වශයෙන් කඹ ඇදිලි රාශියකි. ඒ සියල්ලටම වඩා එජාපෙ එකඟ නොවන ඉල්ලීමක් වන්නේ නීලකාස හොරෙක් වූ ඩිලාන් පෙරේරාට ඇමැති ධූරයක් දිය යුතුයැයි මෛත්‍රී ප්රමුඛ ශ්රීලනිපය කරන ඉල්ලීමයි. මේ හේතු මත හෙට දිනයේද ඇමැති මණ්ඩලය දිව්රුම් දීම ගැන තීරණයකට පැමිණ නැත.
සේයාරුවේ දැක්වෙන්නේ ඇමැති තිදෙනා පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා සමග පෙනී සිටි අවස්ථාවයි.
Comments
Post a Comment