syndicated from lankadaily.com, Jul 23, 2015
පර්සි මහින්ද රාජපක්ෂගේ මෘග පාලනය තුළ මාධ්‍ය නිදහස නිර්ලජ්ජිතව හා අමු අමුවේ විනාශ කිරීමේ කථාන්තරය හොඳින්ම පිළිඹිබු වන්නේ රිවිර පුවත් සමාගම් ඉතිහාසය තුළ විය හැකි බව විදේශකටයුතු නියොජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. ඔහු තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව පවසයි.
මම සම්පත් දායකයකු සේ ආරම්භයේදී රිවිර පුවත්පතට සම්බන්ධව සිටියෙමි. පුවත්පත සමඟ නිකුත්කළ කුඩා අතිරේකයක හැම ඉරිදාම නීති විද්‍යාලයට ඇතුළුවන්නට අපේක්ෂා කරන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස මම පිටුවක ලිපියක් ලිවීමි. මෙනිසා මේ පුවත්පත මට සමීප විය.
මේ යුගයේ රිවිර ප්‍රධාන කතුවරයා වූයේ උපාලි තෙන්නකෝන්ය. ,පොළොන්නරුවට පිටසක්වළ ජීවීන් ඇවිත්, වැනි ගොන්පාට් හෙඩ් ලයින් දැමුවද ඒ යුගයේ රිවිර දේශපාලනමය වශයෙන් නිදහස් පුවත්පතක් විය. මේ නිදහස මීටත් වඩා හොඳින් පිළිඹිබු වූයේ එහි ඉංග්‍රීසි ප්‍රකාශනය වන'ද නේෂන්' තුළය. එවක 'ද නේෂන්' ප්‍රධාන කතුවරයා වූයේ අභීත මාධ්‍යවේදියකු වූ ලලිත් අලහකෝන්යග නියෝජ්‍ය කතුවරයා වූයේ කීත් නොයාර්ය.
රිවිර පුවත්පත් අනුගමනය කළ මේ මාධ්‍ය නිදහස රාජපක්ෂ ආණ්ඩුවේ ඇහැට ඇල්පෙනෙත්තෙකින් අනින්නාක් මෙන් වූ බවක් පෙණිනි. 2008 මැයි මාසයේ දිනෙක නාඳුනන මැර පිරිසක් විසින් 'කීත් නොයාර්' පැහැර ගනු ලැබිණි. ඔහුගේ ජීවිතය පිළිබඳව වූයේ පැය කිහිපයක අවිනිශ්චිතතාවයකි. ඔහුගේ ජීවිතය වෙනුවෙන් ලලිත් අලහකෝන් ඇතුළු පිරිස ගත් වෙහෙස දන්නෝ දනිති. එසේ නොවේ නම් 'කීත් නොයාර්ද' ලසන්ත වික්‍රමතුංග ගිය මඟම යන්නට ඉඩ තිබුණේය. අවසානයේදී ඔහු සොයා ගන්නා ලද්දේ දරුණු ලෙස පහර දීම් වලට ලක්ව සිටියදීය. ඔහු කෙතෙක් බියව සිටියේද යත් නොබෝ දිනෙකින්ම සිය පවුල සමඟ රට හැර ගියේය.
අවදානම ඉක්මණින්ම රිවිර කතුවරයා වූ උපාලි තෙන්නකෝන්ද සොයා ආවේය. 2009 ජනවාරි මාසයේ දිනෙක, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ උණුසුම මැකෙන්නටත් මත්තෙන් උපාලි තෙන්නකෝන්ට නාඳුනන මැර පිරිසක් විසින් අනුකම්පා විරහිතව දරුණු ලෙස පහර දෙනු ලැබිණි. මෙය ලසන්තගේ සිද්ධියේදී සේම ඝාතන උත්සාහයක් විය. එය වැළකුණේ ඔහුගේ බිරිඳ ධම්මිකා තෙන්නකෝන් මහත්මිය අවස්ථාචෝචිතව ඉතාම නිර්භීත ලෙස හැසිරෙමින් ඝාතකයින්ගේ අත්වල එල්ලෙමින් ඔවුන් වැළැකූ හෙයිනි. උපාලි තෙන්නකෝන්ද දැඩි ලෙස බියපත් වූ අතර නොබෝ දිනෙකින් රට හැර ගියේය.
මින්පසු රිවිර පුවත්පත් සමාගම වැටුණු ආගාධය අපි හැමදෙනාම දනිමු. එය රාජපක්ෂයේ ව්‍යාපාරික මිතුරන් විසින්ම මිළට ගන්නා ලදී. ලලිත් අලහකෝන්ල කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් බඳු කොන්ද කෙළින් තබාගත් අභීත මාධ්‍යවේදීන් වෙනුවට රාජපක්ෂ ගැත්තන් පිරිසක් ආදේශ කරනු ලබිණි. මේ කුලී ලියන්නෝ ලැප්ටොප් එකකටල කැසිනෝ සල්ලි වලට වුව විකිණෙන තරමට ලාබ අපෘෂ්ඨවංශිකයෝ වූහ. ඔවුහු තම ස්වාමියා වෙනුවෙන් ලිවීමේ එකම කලාව මිස වෙනෙකක් නොදත්හ. ඔවුහු රාජපක්ෂ වෙනුවෙන්ම තව තවත් ලියමින් පඬුරු පාක්කුඩම් ලැබූහ. නිදහස් මාධ්‍යයෙන් රාජපක්ෂට තිබුණු තර්ජනයක් ඉවත් විය.
අගෝස්තු 17 වැනිදා මෙරට මහජනතාව තීරණය කළ යුත්තේ ඔවුන් යළි බලයට ගේන්නට උත්සාහ දරන්නේ මෙවන් අශිෂ්ඨ පාලනයක්ද යන්නය.
අජිත්.පී.පෙරේරා
Comments
Post a Comment