syndicated from lankanewsweb.net, Jul 27, 2015
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කලැයි කියමින් තමා ඇතුළු පස්දෙනෙකුට එන්තරවාසි එවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ තමාට එරෙහිව නඩු පවරන්නේ නම් එය ඉතා සතුටින් එය භාර ගන්නා බවයි.
එසේ නඩු පැවරුවහොත් පසුගිය පාලන සමයේ මහින්ද රාජපක්ෂ මහතා සිදු කරන ලද මහජන දේපළ කොල්ලකෑම් අධිකරණය ඉදිරියේ දී මහින්දටගේ මූණටම පැවසීමට අවස්ථාවක් හිමිවන බව ඒ මහතා අවධාරණය කරයි.
මෙහිදී අනුර කුමාර මහතා “මම මේ සමහර කියන ඒවට විරුද්ධව නඩු දානවා ලු. මාත් හරි සතුටින් ඉන්නෙ මහින්ද මහත්තයාව උසාවියෙදි හම්බ වෙන්න. මොකද මේවා වේදිකාවෙ විතරක් කියලා හරියන්නෙ නැහැ. මහින්ද මහත්තයා ඉදිරිපිටම මහින්ද මහත්තයගේ මූණටම කියන්න ඕනේ.” යනුවෙන් පැවසීය.
Comments
Post a Comment