නිමල් සිරිපාල මැතිවරණ නීති කඩයි : මැකෝ නිදි: අවනීතියට එරෙහිව ජනතාව පෙරට එන්න



(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.25, ප.ව.8.20) විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා තමන්ගේ විපක්ෂ නායක නිල කාර්යාලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ වැඩ කටයුතු සඳහා නීති විරෝධී ලෙස භාවිතා කරන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
එජනිස හෙංචයියන් වන විජයානන්ද හේරත්, චරිත හේරත්, ගනේගල, චන්ද්‍රපාල ලියනගේ, රොහාන් වැලිවිට ආදීහු විපක්ෂ නායක කාර්යාලයේ එජනිස මැතිවරණ කටයුතු වල නියැලෙමින් සිටිති.
රජයේ කාර්යාල මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්පූර්ණයෙන්ම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමකි. මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන රැසක් මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කළද මැතිවරණ කොමසාරිස් වරයා ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැත.
අගමැතිවරයා තමන්ගේ නිල කාර්යාලය වන අරලිය ගහ මන්දිරයේ කාර්යාලය වසා දමා ඇති අතර ඒ පිලිබඳ මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණ නිරීක්ෂනය කරන ලෙස ද දන්වා සිටියදී විපක්ෂ නායකවරයා තමන්ගේ නිල කාර්යාලය මැතිවරණ කටයුතු සඳහා භාවිතා කිරීම නින්දා සහගත ය.
මැතිවරණ කොමසාරිස් වරයා මෙකී අවනීතිය සම්බන්ධයෙන් නිද්‍රාශීලි පිලිවෙතක් අනුගමනය කිරීමට එරෙහිව ජනතාව ක්‍රියා කළ යුතුය
මැතිවරණ කොමසාරිස් වරයාගේ දුරකථන අංක වන 0777 464911 සහ 075 4512541 අංකයන් අමතා හෝ එම අංක වෙත එස්.එම්.එස් පණිවුඩ යවා හෝ මැතිවරණ කොමසාරිස් වරයාට මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස බල කරන්නැයි ලංකා ඊ නිව්ස් පාඨක ජනතාවගෙන් ඉල්ලා සිටී. 

---------------------------
by     (2015-07-25 15:00:59)

Comments