‘පීඑස්ඩී එකෙන් අතුරුදහන් වූ අවි ආයුධ තවම සොයාගෙන නෑ: කිසිදු තැනෙක ලියාපදිංචි නැති හොර දුරකථන මිනීමරුවන් අතේ: සුදුවෑන් ගෝඩ් ෆාදර් තවම නිදැල්ලේ‘ -ලංකා ඊ නිව්ස් කර්තෘ ලංකාදීපය සමග කළ සම්මුඛ සාකච්ඡාව

syndicated from lankaenews.com,



(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.29, ප.ව.3.45) සුදුවෑන් සංස්කෘතියේ ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ සිටින බවත්, අපරාධ සඳහා යොදා ගත් දුරකතන මෙතෙක් සොයාගෙන නැති බවත් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා කියයි.
ඔහු මේ බව කීවේ  වෙබ් අඩවි වාරණය කිරීම හා මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම ගැන ලංකාදීප එසැණ සමඟ කළ සාකච්ඡාවක දී ය.
ප්‍රශ්නය - ලංකාවේ දැන් මාධ්‍ය නිදහසක් නැති බවත්, බොහෝ මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් හිටපු ජනපති කියනවා. ඒ ගැන ඔබේ අදහස?
පිළිතුර -  ඔහුට මුලින්ම අමතක වුණේ ඔහුගේ තාත්තා ඔහුට දාපු නම. පර්සි මහේන්ද්‍ර කියන නම අමතක කරලා මහින්ද වෙනවා. පස්සේ ජනතාව වෙනුවෙන් පයින් කතරගම ගිය ගමන එහෙම අමතක වෙලා පවුලෙ එක එක්කෙනාට හෙලිකොප්ටර් නැතිව පොඩි දුරක්වත් යන්න බැරිවෙනවා . බලයට ගෙනා මංගල චන්ද්‍රිකා ශ්‍රීපති වගේ අය අමතක වෙලා   මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගෙනා අය  ලොකු වෙනවා. යුද්දෙ දිනා දීපු හමුදාපතිව අමතක වෙනවා. යුද්දෙ දිනලා පාර්ලිමේන්තුවේ කරපු කතාව අමතක වෙලා ජාතිවාදය ආගම්වාදය කර පින්නා ගන්නවා. දැන් ඔහු මීට මාස 6 කට කලින් අවුරුදු 9ක් මේ රටේ හිටිය ජනාධිපති කියලා අමතක වෙලා.. ඒ කාලේ මාධ්‍ය ආයතන ගිනි තියපුවා, මාධ්‍යවේදීන් මරා දමපුවා, අතුරුදහන් කරපුවා, අමතක වෙලා.. ඒ කාලේ රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීව වැඩ කළහැටි අමතක වෙලා. ඕක ලෙඩක්. ඉංග්‍රීසියෙන් කියන්නේ ඇමිනීසියා කියලා. සාමාන්‍ය සිංහල මිනිස්සු කියන්නේ ‘පිස්සු‘ කියලා.... (සම්පූර්ණ සාකච්ඡාව කියවන්න -http://www.lankadeepa.lk/index.php/articles/336292

Comments