(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.25, ප.ව.10.20) කුරුණෑගල පොලිසිය නීති
විරෝධීව මරා යුගයේ සේ හැසිරීමට ගොස් කිච වූ පුවතක් ලංකා ඊ නිව්ස් වෙත
වාර්තා වේ.
එළැඹෙන මහ මැතිවරණයේදී, දූෂකයන්ට, ඝාතකයන්ට, හොරුන්ට ජාතිවාදීන්ට ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලැකී සිටීම පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම ජනවාරි 8 ජනතාව ලද වෙනසක ආරම්භය ආරක්ෂා කීරීමත් ලංකාවේ පුරවැසියන්ගේ වගකීමක් මැයෙන් අද(25) කුරුණෑගල නගරයේදී අත්පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වීදියේ විරෝධය ව්‍යාපාරය විසින් පැවැත්වීය.
වැඩසටහන ආරම්භ වී සුලු වේලාවකින් කුරුණෑගල පොදු වෙළෙඳ පොල අසලට පැමිණි පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ‘අත් පත්‍රිකාවේ ඇති දේවල් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා‘ යැයි කියමින් වීදියේ විරෝධයේ සාමාජිකයෙක් බලහත්කාරයෙන් පොලීසියට රැගෙන යාමට උත්සාහ දැරැවේය. එවිට අනිකුත් සාමාජිකයන් විසින් ‘කුමන ස්ථානයේද මැතිවරණ නීතිය උල්ලංඝණය වී ඇත්තේ..?‘ යනුවෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස් නිලධාරියාට එවැන්නක් පත්‍රිකාවේ අති බව පෙන්වීමට නොහැකි වී නිරුත්තර විය.
පසුව එම පොලිස් නිළධාරියා එතැනින් නික්ම ගිය පසු වීදියේ විරෝධය කණ්ඩායම විසින් කුරුණෑගල නගරයේ සාමකාමීව සිය දැනුවත් කිරීම සිදු කරමින් සිටියදී පැය කිහිපයකින් පැමිණි වෙනත් පොලිස් නිලධාරියෙක් ‘අපි ඔයාලාව අත්අඩංගුවට ගන්නවා‘ යැයි කියමින් අත් අඩංගුවට ගැනීමට තැත් කෙළේය.
‘කුමන නීතියක් යටතේද අත්අඩංගුවට ගන්නේ..?‘ යැයි වීදියේ විරෝධය කණ්ඩායම නැවත වරක් ප්‍රශ්න කිරීමේදී, ‘අත්අඩංගුවට ගන්නේ මැතිවරණ නීතිය යටතේ‘ යැයි එම නිළධාරියා ප්‍රකාශ කළ අතර, වීදියේ විරෝධය කණ්ඩායම නැවතත් ප්‍රශ්න කර සිටියේ ‘අප බෙදාහරින ලද අත්පත්රිකාවේ කුමන ස්ථානයේදී ද එම නීතිය උල්ලංඝනය කරන්නේ..? යැයි පෙරළා ප්‍රශ්ණ කෙළේය.
එවිටද එම පොලිස් නිළධාරියා නිරුත්තර වූයෙන් පසුව ඔහු විසින් ඉදිරිපත්කළේ ‘පත්‍රිකාවේ ඉම්ප්‍රින්ට් එක හෙවත් ප්‍රකාශකයා සහ මුද්‍රණකරු සඳහන් නැති බවයි. එවිට ඉම්ප්‍රින්ට් එක පැහැදිලිව ඇති බවත්, අපව ඔය කියන නීති කිසිවෙකින් අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වන්නේ කිසිදු නීතියක් අප උල්ලංඝනය කර නැති නිසා යැයි වීදියේ විරෝධයේ පිරිස එක හෙලාම පැවසූහ.
අවසානයේ වීදියේ විරෝධය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගත් සියළු උත්සාහයක් ව්‍යර්ථ වූයෙන් නිලධාරීහු අකුලාගෙන ගියහ.
කුරුණෑගල පොලීසියේ ආරංචිමාර්ග පවසන්නේ උදෑසන දැනුවත් කිරීම ආරම්භ වූ මොහොතේ සිටම දිගින් දිගටම 119 ඔස්සේ කිසියම් සංවිධානාත්මක පිරිසක් පොලීසියට පැමිණිලි කර ඇති බවයි. එම නිසා ඉන් ගැලවීම සඳහා පොලීසිය විසින් වීදියේ විරෝධය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගත් බවද දැන ගන්නට තිබේ. නමුත් අහේතුක පැමිණිලි මත නීත්‍යාණුකූල ක්‍රියාවක් වැළැක්වීමට පොලිසියට අයිතියක් නැත.
මහින්ද රාජපක්ෂ පරාජිත ජනාධිපතිවරයාත් මහමැතිවරණයට තරග වැද සිටින්නේ කුරුණැගලින් වීම හේතුවෙන් ඔහුගේ ආධාරකරුවන්ට ජනතාව දැනුවත් කිරීම දරාගත නොහැකි වී ඇතැයි කුරුණෑගල සමාජ ක්‍රියාකාරීහු පවසති.
කුරුණෑගල ප්‍රදේශයේ අනිකුත් සන්ධාන අපේක්ෂකයන්ගේ 'මහින්ද විරෝධය', මනාප සටන නිසා උග්රවෙමින් පවතින බවද කුරුණෑගල සමාජ ක්‍රියාකාරීහු වැඩිදුරටත් පවසති.

---------------------------
by (2015-07-25 17:13:22)
by (2015-07-25 17:13:22)
Comments
Post a Comment