“එයා ඕල්ඩ් තෝමියන් කෙනෙක්, එයාගේ බිරිඳටත් පිස්සු දරුවාටත් පිස්සු, ඒ නිසා අනුකම්පා කරලා එයාට දඬුවම් නොදී ස්ත්‍රී දූෂන කරන්න ඉඩ දෙමු..!“ -ජනාධිපති අවනීතිඥවරු හැත්තක් සරත් ආබෘෘ විනි-සොරා බේරාගන්න නීතිපති හමුවේ

 (ලංකා ඊ නිව්ස් -2015.ජූලි.25, ප.ව.11.30) ස්ත්‍රී සහ ළමා දූෂක ශ්‍රේෂ්ඨාධිකරණ විනි-සොරා සරත් ද ආබෘෘ ශාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගත් අයෙක් බැවින් ද ඔහුගේ බිරිඳ සහ දරුවා මානසික ආබාධිතයන් බැවින් ද සරත් ද ආබෘෘ කෙරෙහි අනුකම්පා කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වන්නැයි නීතිපති වරයාගෙන් ඉල්ලා සිටීමට ජනාධිපති නීතිඥවරුන් ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් සට්ටැඹි අවනීතිඥයන් පිරිසක් කටයුතු කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු ‍සේවය වෙත වාර්තා වේ. 
මෙම සට්ටැඹි අවනීතිඥයන් පිරිසට ෆයිස් මුස්තාපා, ටිරන්ත වළලියැද්ද, මනෝහාර ද සිල්වා ඇතුළු පිරිසක් ඇතුලත් වන අතර අවාසනාවකට මෙන් රොමේෂ් ද සිල්වාජනාධිපති නිතිඥයාද මෙකී සට්ටැඹියන්ගේ පිළට එකතු වී තිබේ. නීතිපති යුවන්ජන මහතා මෙකී හමුවට දින දී ඇතැයි වාර්තා වේ. 
සරත් ද ආබෘෘට එරෙහිව නඩුවක් විභාග වුවහොත් ඔහු හිරේ යෑම අනිවාර්යයක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් හිරේට නියම වුවහොත් එය ලැජ්ජාවට කාරණයක් බවත් මෙකී සට්ටැඹි අවනීතිඥයන්ගේ මතය වී ඇති අතර ආබෘෘගේ හිතවතියන් වන මාරසිංහ සහ ඊවා යන මරාවාදී සට්ටැඹි විනි-හෙර ලා ද ඊට පොහොර සපයමින් සිටිති. 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වුව රටේ අපරාධ කරුවෙක් නම් දඬුවම් දීමෙන් රටට ඇතිවන්නේ ලැජ්ජාවක් නොව ගරුත්වයක් බව පසෙක ලා පැලැන්තිය රැක ගැනීමට වලිකන මෙවන් සට්ටැඹියන්ගේ සහ අවනීතිඥයන්ගේ දැන ගැනීම පිණිස පසුගිය ජුලි 10 දා ලංකා ඊ නිව්ස් විසින් හෙළි කරන ලද “සරත් ආබෘෘ විනි-සොරා දූෂණය කළ තවත් තරුණියන් 3 ක් ගැන සම්පූර්ණ තොරතුරු මෙන්න: එක් තරුණියක් වස බීලා: මේ දාම ගත අපරාධකරුවාට ආරක්ෂාව දෙන්නේ කව්ද ?“ යන ප්‍රවෘත්තියට අදාලව  ජුලි 19 වෙනිදා සන්ඩේ ලීඩර් පුවත් පතද මෙකී ස්ත්‍රී දූෂක විනි-සොරා ගැන බිහිසුණු සහ ඇදහිය නොහැකි තොරතුරු ප්‍රමාණයක් වඩාත් සවිස්තර වාර්තාවකින් හෙළි කෙළේය. පහතින් පළවන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ එම වාර්තාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි.

මෙය කියවා සරත් ආබෘෘ සිටිය යුත්තේ විනිසුරු පුටුවේද..? හිරගෙදරකද? පිස්සන් කොටුවකද? යන්න ජනතාව විසින් තීන්දු කළ යුතුය.

නීතිය සැමට සමාන බව මූලික පිලිගැනීමකි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ සම්බන්ධයෙන් ගත් කල ලැබෙන්නේ වෙනත් කතාවකි. 
ලැබී ඇති සාක්කි අනුව මෙම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයා අපරාධකාරී ක්‍රියාවන් රැසකට සම්බන්ධ නමුත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. වරදකොට නීතියෙන් ගැලැවී සිටීමට ඔහුට හැකියාව ලැබී ඇත්තේ ඔහුගේ ගජ මිතුරු හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නිසා යැයි විශ්වාසයක් පවතී. 
ඔහුගේ පෙර වැරදි ක්‍රියාකාරකම් නොසලකනු ලැබුවත් පසුකාලීනව ඔහු සම්බන්ධ වූ සමහර සිද්ධීන් පිලිබඳව නැගුනු විරෝධතා හේතුවෙන් 2010 සැප්තැම්බරයේදී ඒ වන විට අභියාචනාධිකරණ විනිසුරු වරයෙකු වූ ඔහු විනිශ්චයාසනයෙන් ඈත් කොට විනිසුරු කුටිය තුලට සීමා කර තබනු ලැබිණි. 
ආබෘෘ තරුණ දැරියන් අපහරණයට ලක් කිරීම පිළිබඳ චෝදනාවන්ට ලක්ව සිටියේ ය. ඊට අමතරව ඔහුගේ නිවස ඉදි කිරීම සිදුකළ කොන්ත්‍රාත්කරු හට රුපියල් මිලියන එක හමාරක් වංචා කිරීමේ සිද්ධියක් ද දැන් හෙලිදරව් වී තිබේ. මේ සන්ඩේ ලීඩර් පුවත් පත ආබෘෘ වෙත ඇති චෝදනා කිහිපයක් පිලිබඳව සිදුකරන හෙලිදරව්වකි. ජනතාව මෙම අවනඩුවල ජූරිය විය යුතුය. 
ආබෘෘගේ ගොදුරු බවට පත් වූ බොහෝ දෙනෙක් නීතිය මෙහෙයවනු ලබන බලධාරීන්ගෙන් යුක්තිය අපේක්ෂා කළද චුදිතයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ හෙයින් වින්දිතයන් කිසිවෙකු හට යුක්තිය ඉටු වූයේ නැත. 
කෙසේ නමුත් වයස අවුරුදු 37 ක් වූ දෙදරු මවක් පසුගිය මාසයේදී ආබෘෘ විසින් පහර දී දූෂණය කරන ලද බව වාර්තා විය. මෙවර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැණුනු අතර එම නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට තිබේ. 
ගෘහස්ථ සේවකයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පවසන ආකාරයට හිංසනයට ලක් වූ බව කියන ආදාල කාන්තාව හට ලිංගික අපහරණයට ලක් වීමෙන් බේරී පලා යෑමට තැත් කරද්දී විනිසුරු ආබෘෘ විසින් ගිනි අවියකින් කරන ලද පහර දීම් හේතුවෙන් හිසට සහ ගෙල පෙදෙසට තුවාල සිදුවී තිබේ. 
“ ඇගේ හිසට සහ ගෙල පෙදෙසට සිදුවී ඇති බරපතල තුවාල වලින් දැන් ඇය සුවය ලබමින් සිටිනවා. ඇයට තර්ජන ඇති බැවින් ඇය සුවය ලබා නීතිමය සහනයක් ලැබෙන තුරු යම්කිසි සිවිල් සමාජ සංවිධානයක් තම ආරක්ෂාව සහ රැක බලා ගැනීම යටතේ ඇය රඳවා තබාගෙන සිටිනවා.“ යි එම ප්‍රකාශකයා කීවේ ය. 
තමන්ගේම ඥාති දැරියන් සහ ගෘහ සේවිකාවන් ආබෘෘගේ ගොදුරු බවට පත් වීම ගැන මුලින්ම චෝදනා නැගෙන්නේ 2003 දී ය. ඒ බණ්ඩාරවෙල සිට පැමිණි ගෘහ සේවිකාවක් ආබෘෘ විසින් ලිංගික අපහරණයකට ලක් කළ බවට චෝදනා ඉදිරිපත් වීමත් සමග ය. ඔහු මෙම ගෘහ සේවිකාවට බලහත්කාර කම් කිරීමට යද්දී ඇය ඊට විරුද්ධ වීම නිසා ඔහු ඇයට තර්ජනය කර ඇත්තේ බොරු චෝදනාවක් නගා සිර ගත කරන බවටයි. 
නැවත 2010  ඔහුට තම නිවසේ දී 20 හැවිරිදි ගෘහ සේවිකාවක් දූෂණය කිරීම පිළිබඳව ද චෝදනාවක් එල්ල වේ. දූෂනයට ලක් වීමෙන් සති තුනකට පසුව තවදුරටත් විනිසුරුවරයාගේ පීඩාවන් ඉවසා ගත නොහැකි වූ තරුණිය එම නිවසින් පලා යෑමට තීරණය කළා ය. තම පැමිණිල්ල කරන්නට මිරිහාන පොලිසියට යන ඇගේ පැමිණිල්ල පොලිසිය සටහන් කරගන්නේ ඇය පොලිසියට පැමිණීමෙන් පැය 24 කට පසුව ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් බාර ගැනීමට මිරිහාන පොලිසිය සූදානම් නොවේ. පැමිණිලි කිරීමෙන් පසුව ආබෘෘගෙන් ඇයට ලැබෙන මරණීය තර්ජන හේතුවෙන් පැමිණිලි කාරිය අවසානයේ පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තා ය. 

ආබෘෘ සීයා මිණිපිරියක් දූෂණය කළ හැටි

2010 දී නැවත වරක් විනිසුරු ආබෘෘට චෝදනා එල්ල වන්නේ බම්බලපිටියේ සුප්‍රසිද්ධ බාලිකා විදුහලක ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 15 ක දැරියක් ලිංගික අපහරණය ලක් කිරීම පිලිබඳව ය. 
අතවරයට ලක්වූ දැරිය විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් සන්ඩේ ලීඩර් පුවත් පත සතුව ඇති අතර එහි සඳහන් වන ආකාරයට විනිසුරු ආබෘෘ දැරියගේ මවගේ මාමා කෙනෙකු හෙවත් දැරියගේ සීයා කෙනෙකු වෙයි. දැරියගේ මව විසින් ඇය ආබෘෘගේ නිවසෙහි නතර කරනු ලබන්නේ තම මාමාගේ ඉල්ලීම පරිදි ඔහුගේ මානසික ආබාධිත දියණිය සමග කල් ගත කරනු පිණිස ය. එම දැරිය 2007 සිට 2009  දක්වා ආබෘෘගේ නිවසේ වාසය කර තිබේ. 
දැරියගේ දිවුරුම් ප්‍රකාශයට අනුව ඇය තම මවගේ මාමාගේ නිවසෙහි පදිංචියට ආ තැන් පටන් සීයා වරින් වර ඇය දූෂණය කර තිබේ. වරක් ඇය ඔහුගේ කාමරයට යෑම ප්‍රතික්ෂේප කළ විට ඔහු පහර දීම නිසා ඇගේ එක් ඇඟිල්ලක් කැඩී තිබේ. දැරිය වෛද්‍යවරයෙකු වෙත කැඳවා ගෙන යෑමට ඇගේ මව පැමිණි කළ සීයාත් ඇගේ බිරිඳ මාලාත් එය වළක්වන ලද්දේ සිදුවූ සිද්ධිය පිලිබඳව දැරිය තම මවට කියනු ඇතැයි සැක කළ හෙයිනි. මෙම සිද්ධිය දැරියගේ පවුලේ සාමාජිකයන්ට පැවසුවහොත් ඇය මරා දමන බවට විනිසුරු ආබෘෘ තර්ජනය කර ඇත. 
විපතට පත් දැරිය මේ සිද්ධිය තම මවට නොකීවද විනිසුරු ආබෘෘගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල් මධුශංක විනිසුරු ආබෘෘගේ නිවස තුලදී දැරියට මුහුණ දීමට සිදුව ඇති අනුවේදනීය තත්ත්වය පිලිබඳව ඇගේ මවට දැනුම් දී තිබේ. 
“ මගේ මවට මුහුණ දෙන්නට බැරි නිසා මට සිදුවූ සියල්ල මා විදුහලේ විදුහල්පතිනිය වෙත කීවා. ඈ ඉතා කරුණාවෙන් මා රෝහලට කැඳවා ගෙන ගොස් වෛද්‍ය වාර්තාවක් ලබාගෙන සීයාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළත් විනිසුරු බලය පාවිච්චි කර එම පැමිණිල්ල සැඟවීමට විනිසුරුවරයා සමත් වූ“ බව දිවුරුම් ප්‍රකාශයෙහි වැඩි දුරටත් සඳහන් වේ. 
මේ අතර අදාල දැරිය කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශය වෙත විනිසුරු ආබෘෘට එරෙහිව පැමිණිල්ලක් කරන්නීය. ඇය තුල විනිසුරුවරයාට ඇති බිය හේතුවෙන් ආබෘෘගේ ඥාතියෙකු වන චන්ද්‍රසේන සහ අාබෘාගේ නිවස ඉදිකළ කොන්ත්‍රාත් කරු චිත්‍රසේන විසින් දැරියගේ ආරක්ෂාව සඳහා සුදුසු ස්ථානයක් සොයා දී තිබේ.
“ ඇගේ ඉල්ලීම පරිදි චන්ද්‍රසේන සහ චිත්‍රසේන දෙදෙනා පූජක වරියන් විසින් පවත්වාගෙන යනු ලබන නේවාසිකාගාරයක ඇයට නවාතැන් සොයා දුන්“ බව තම අනන්‍යතාවය හෙලිදරව් කිරීමට අකමැති දැරියගේ ඥාතියෙකු ප්‍රකාශ කෙළේය. 
විනිසුරු ආබෘෘගෙන් ආරක්ෂාව පිණිස දැරිය සඟවා තබන ලද්දේ චන්ද්‍රසේන සහ චිත්‍රසේන විසින් බව දැන ගැනීමෙන් පසුව ඔහු කෙසේ හෝ ඇය නවාතැන් ගෙන සිටි ස්ථානයද සොයා ගත්තේ ය. පසුව ඔහු දැරිය නැවතත් එම ස්ථානයෙන් කැඳවා  ගත්තේ කාන්තා හා ළමා කාර්යාංශය වෙත කර ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගත හොත් ඇයට නිවසක් තනා දෙන පොරොන්දුව පරිදිය. ඊට අමතරව ඔහු චන්ද්‍රසේන සහ චිත්‍රසේන දෙදෙනා තම නිවසින් දැරිය පැහැරගෙන ගිය බවට පැමිණිල්ලක් කිරීමට ඇයව පොළොඹවා ගත්තේය. එම පැමිණිල්ල පරිදි කැස්බෑව පොලිසිය විසින් එම පුද්ගලයන් දෙදෙනාට එරෙහිව කැස්බෑව මහේස්ත්‍රාත් උසාවියේ අංක බී.ආර්.1886/10 අංක යටතේ නඩුවක් පවරන ලදී. විනිසුරුවරයාගේ අසල්වාසියෙකු වූ යුද හමුදාවේ උසස් නිලධාරියෙකු වන රොහාන් වෙත්තසිංහ මහතාට ද පීඩාවක් ඇතිකරනු පිණිස දැරිය විසින් කාන්තා සහ ලමා කාර්යාංශයේ පැමිණිලි කරන ලද්දේ වෙත්තසිංහගේ උපදෙස් පරිදි බවට සඳහන් කෙරෙන බොරු පැමිණිල්ලක් කරන ලෙසද විනිසුරුවරයා දැරිය මෙහෙයවා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස දැරිය පැහැරගෙන යෑමේ සිද්ධියට වෙත්තසිංහ ද ඇද දැමූ බව තතු දත් ආරංචි මාර්ග හෙළිකරයි. 
කෙසේ නමුත් දැරිය වෙනුවෙන් නිවසක් තනා දීමට ආබෘෘ අසමත් වීම හේතුවෙන් 2011 ඔක්තෝම්බර් මාසයේදී ඇය කැස්බෑව මහේස්ත්‍රාත්වරයා වෙත නැවත දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් තමන් චන්ද්‍රසේන චිත්‍රසේන සහ වෙත්තසිංහට එරෙහිව පැමිණිලි කරන ලද්දේ විනිසුරු ආබෘෘගේ බලපෑම මත බව සඳහන් කර තිබේ. 
අපගේ තොරතුරු මාර්ග තවදුරටත් සඳහන් කරන්නේ යට කී දිවුරුම් ප්‍රකාශය මහේස්ත්‍රාත් අධිකරණය වෙත දී ඇති බව දැන ගැනීමෙන් පසු කලබලයට පත් ආබෘෘ දැරිය වෙත කිසියම් මුදලක් ලබා දී ඇය විසින් එම දිව්රුම් ප්‍රකාශය ලබා දුන්නේ චුදිතයන්ගේ බලකිරීම මත බවට සඳහන් තවත් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණය වෙත ඉදිරිපත් කරවීමට පියවර ගන්නා ලද බවයි. කෙසේ නමුත් එම නඩුව තවමත් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින අතර විනිසුරු ආබෘෘ මෙම අහිංසකයන් තම නිල බලය යොදවා පීඩාවට පත් කරමින් සිටින බව පුවත්පතට තොරතුරු ලබා දුන් අය කියති. 

ආබෘෘ තමන්ට පහර දී බිරිඳට වන්දවා ගෙන ලක්ෂ 17ක් පොලු තැබූ හැටි කියන චිත්‍රසේනගේ කතාව

මේ අතර කොළඹ 2 ඩබ්.ඒ.ඩී රාමනායක මාවතේ අංක 96/2 හි පිහිටි දුෂාන් ඇසෝසියේට්හි ඩි.ජී චිත්‍රසේන ප්‍රකාශ කරන්නෙ අභියාචනාධිකරණ විනිසුරුවරයා රත්මලාන අත්තිඩිය පාරේ අංක 1/4 දරණ ස්ථානයේ ඔහුගේ නිවස ඉදිකිරීම සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර ඇති බවය. 
චිත්‍රසේන සඳහන් කරන අන්දමට පෙර කී ලිපිනයෙහි දෙමහල් නිවසක් ඉදිකරනු පිණිස ඔහු සහ විනිසුරු ආබෘෘ අතර ගිවිසුමක් 2009 ජනවාරි 31 වෙනිදා අත්සන් කර තිබේ. ඒත් ඉන්පසුව විනිසුරු ආබෘෘ ගිවිසුමෙහි එකඟතාවයක් කඩ කරමින් චිත්‍රසේන වෙත රුපියල් ලක්ෂ 17 ක අලාභයක් සිදුකර තිබේ. 
චිත්‍රසේන තවදුරටත් කියන්නේ ආබෘෘ තමන්ට සහ තම සේවකයන්ට කායිකව පහර දුන් බවත් තමන් බියවැද්දීම පිණිස අභියාචනාධිකරණයට අයත් ලිපි ලේඛන භාවිතා කරන ලද බවත් ය. 
“ මාස කිහිපයක් ඇතුලත ඉදිකිරීමේ ගිවිසුම කඩ කිරීමට අමතරව ඔහු තම නිල ලිපි ශීර්ෂ වල මුද්‍රණය කරන ලද ලිපි එවමින් තමන් බියවද්දන ලද බව“ ඔහු කියයි. එම නිල ලිපි ශීර්ෂ භාවිතා කොට ලිපි එවීම සඳහා තමන් බිය වැද්දීම හැර අන් කිසි හේතුවක් නොතිබූ බව චිත්‍රසේන පෙන්වා දෙයි. ආබෘෘ විසින් තමන්ට පහර දීමෙන් පසුව ආරක්ෂාව ලබා දීමට අසමත් වීමෙන් පොලිසියද පක්ෂග්‍රාහී ලෙස ක්‍රියා කර ඇති බව ඔහු කියයි. 
“අනුකම්පා විරහිත ලෙස මා පහර කෑමට ලක්වූ අවස්ථාවක මගේ මිත්‍රයා පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 ට දුරකථනයෙන් දැනුම් දුන්නා. ඔවුන් ඉක්මනින් සිද්ධිය වූ ස්ථානයට එන බවට පොරොන්දු වුවත් පැමිණියේ නැහැ. පසුව මා දිගින් දිගටම විනිසුරුවරයාට එරෙහිව පොලිසියට පැමිණිලි කළත් ඒ එකම පැමිණිල්ලක් වත් විභාගයට ගැණුනේ නෑ. පොලිසිය පක්ෂග්‍රාහීයි. මා පොලිසියෙන් අපක්ෂපාතී පරීක්ෂනයක් බලාපොරොත්තු වන්නේ නෑ. විනිසුරුවරයාට එරෙහිව නීතිමය පිලිසරණක් ලැබීමට මට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් නීතිඥයෙකුගෙන් විමසූ විට ඔහු කීවේත් එහි ප්‍රතිඵලයත් මෙයම විය හැකි හෙයින් එසේ නොකරන ලෙස “ යි චිත්‍රසේන ප්‍රකාශ කරයි.
ඉදිකිරීමේ වැඩ බිම වෙත විනිසුරුවරයා පැමිණි අවස්ථාවලදී ඔහු චිත්‍රසේනට සහ ඔහුගේ සේවකයන්ට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව වාචිකව සහ කායිකව හිංසා පීඩා කරන ලද බව චිත්‍රසේන  කියයි. විනිසුරුවරයාගේ පීඩා කාරී හැසිරීම් තවදුරටත් උසුලා ගත නොහැකි වීම නිසා කිහිප වතාවක්ම ඉදිකිරීම් කටයුතු ඇනහිටි බවද ඔහු පෙන්වා දෙයි. කෝපාවිෂ්ඨව සිටි ආබෘෘ වරක් තම සේවකයන් හට පහර දීමට අධිකරණ ආරක්ෂක අංශයේ (ජේ.එස්.ඩී) නිලධාරීන් මෙහෙයවන ලද බවත් 2009 අගෝස්තු 08 වෙනි දා වැඩ බිමෙහි සිටි ප්‍රධාන වඩු කාර්මිකයා හට කම්මුලට පහර දී නිවසේ වහලය මත වැඩ කරමින් සිටි සෙසු වඩු කාර්මිකයන් හට ප්ලාස්ටික් බාල්දි වලින් තමා ගැසූ බවද ඔහු ප්‍රකාශ කරයි. පසුව තමන් වෙත හැරුණු ආබෘෘ අණුකම්පා විරහිතව පහර දුන්නේ ඔහුගේ කෝපයට හේතුව කුමක්දැයි විමසන්නට වත් ඉඩ නොතබමිනි. වෙනත් කළ හැකි කිසිවක් නොතිබූ නිසා චිත්‍රසේන විනිසුරුවරයාගෙන් බේරී දුවද්දී ඔහු සමග ආරක්ෂාවට පැමිණ සිටි ජේ.එස්.ඩී ආරක්ෂකයන් වෙත ආබෘෘ අණ කෙළේ චිත්‍රසේන ලුහුබැඳ අල්ලාගෙන එන ලෙසයි. පසුව ප්ලාස්ටික් බෝතල් වීදුරු පුටු ආදී අතට හසු වූ දෙයින් විනිසුරු ආබෘෘ තමන්ට පහර දී තුවාල සිදුකරන ලද බවට චිත්‍රසේන වැඩි දුරටත් ප්‍රකාශ කෙළේය.
තවත් වරෙක සේවයට අනුයුක්ත කර තිබූ ගල්කිස්ස පොලිසියේ නිලධාරියෙකු විසින්ද තමන් වෙත ගඩොල් සහ ගල් ආදියෙන් පහර දුන් බව චිත්‍රසේන මතකයට නගයි.
2010 ජනාධිපති මැතිවරණය දා සේවයට අනුයුක්ත කර සිටි මොරටුව පොලිසියේ නිලධාරීන්ද සමග වැඩ බිමට පැමිණි ආබෘෘ එහි ගේට්ටුව වසා නොතිබීම හේතුවෙන් චිත්‍රසේනට පහර දී තිබේ. ඔහු බේරී පලා ගිය කළ ආබෘෘ එහි සිටි ගල්කිස්ස පොලිසියේ නිලධාරියාට ගඩොල් සහ ගල්වලින් පහර දුන් බවත් බොහෝ අවස්ථා වල තමන්ගේම අයට පවා ඔහු පහර දෙන බවත් චිත්‍රසේන සඳහන් කරයි. ආබෘෘ නිරන්තරයෙන් දරුණු ලෙස වියරු වැටෙන්නෙකු බවත් එවිට කිසිවෙකු හට ඔහු නැවැත්විය නොහැකි බවත් ඔහුගේ බිරිඳ පවා ආබෘෘගේ නීති විරෝධී ක්‍රියාවන්ට උපකාර කරන්නේ ඔහුට ඇති බිය නිසා බවත් චිත්‍රසේන වැඩිදුරටත් කියයි.
තමන් වෙත ගෙවීමට ඇති මුදල් ඉල්ලූ කළ ඉන් අඩක් ලබා ගැනීමට නම් තම බිරිඳට වඳින ලෙස ආබෘෘ චිත්‍රසේනට පවසා තිබේ. දින ගණනාවක් වෙහෙසකාරී කටයුතු වල යෙදී සිටි තම සේවකයන් පිරිසක් ආබෘෘට අයත් ඇල්පිටියේ වත්තක වැඩට ගෙන ගිය බවත් ඔවුන්ට කිසිදු ගෙවීමක් තබා ආහාර පාන පවා නිසි ලෙස ලබා නොදුන් බවත් චිත්‍රසේන කියයි. ඔහුට අයත් අංක 48-0109 දරණ ටිපර් රථය බලහත්කාරයෙන් ලබා ගත් ආබෘෘ එය ඇල්පිටිය වත්තට ගෙන ගිය අතර ඒ සඳහා කුලියක් නොගෙවූ අතර තවත් අවස්ථාවක ආබෘෘ විසින් කුලියට ලබා ගත් කටුබැද්ද සුසිරි පෙදෙසේ අංක 10 දරණ නිවසට බඩු ඇදීම සඳහා පාවිච්චි කළ තම ලොරියේ කුලිය ගෙවීම පවා පැහැර හැරි බවත් චිත්‍රසේන වැඩිදුරටත් කියයි.
දැරිය පැහැරගෙන යෑමේ චෝදනා ලැබ සිටින සෙසු දෙදෙනා තම අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරන ලද්දේ එම නඩුව තවමත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවත්නා බැවිනි. 
සන්ඩේ ලීඩර් පුවත් පත කිහිප වතාවක්ම විනිසුරු ආබෘෘ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම සඳහා ‍උත්සාහ ගත්තද ඒ කිසිදු උත්සාහයක් සාර්ථක වී නැත.
මේ අතර පුවත්පත විසින් කාන්තා හා ළමා කාර්යාංශයෙන් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් එහි ප්‍රකාශකයෙක් පැවසුවේ තමන් දන්නා පරිදි විනිසුරු ආබෘෘට එරෙහි පැමිනිල්ලක් තම කාර්යාංශය වෙත ලැබී නැති බවය. 
-සන්ඩේ ලීඩර් ප්‍රවෘත්තිය සිංහලයට නැගුවේ රවි චන්ද්‍රලාල් විසිනි-
---------------------------
by     (2015-07-25 23:01:47)

Comments