‘හොරා‘ අර්ථකථනයෙන් මහින්ද භාෂාවත් කෑවා

--by සමන්තිකා මාධවී, ඡායාරූප හා වීඩියෝ ඉසංක සුනිමල්, syndicated from lankadeepa.lk, Jul 23, 2015

‘හොරා‘ යනුවෙන් අදහස් කරන්නේ ‘හොඳ රාජ්‍ය පාලකයා‘ යැයි පවසමින් සිංහල භාෂාව ද විකෘති කරන අන්දමේ ප්‍රකාශ සිදු කරමින් මහින්ද රාජපක්ෂ මහතාට යළිත් ඡන්දය ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමා හොරකු බව තමන්ම පිළිගන්නා නිසා බවත්, කළ හොර වැඩ ඉදිරියටත් කරගෙන යෑමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සඳහා බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන සන්ධානයේ දේශපාලන අනාථයන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ නායකත්වය අභියෝගයට ලක් කිරීමේ නිරර්ථක උත්සාහයක නිරත වන බව ද ඒ මහතා පැවසීය.

Comments