චන්ද්‍රිකා සෝභිත හිමි ප්‍රමුඛ සිවිල් සහ වෘත්තීය සංවිධාන එකමුතුවේ වේදිකාවට

syndicated from lankaenews.com,




(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.30, පෙ.ව.11.30) ලන්ඩනයේ සිට පෙරලා ශ්‍රී ලංකාවට පැමිණ සිටින හිටපු ජනාධිපතිනි ශ්‍රීලනිප හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය මහ මැතිවරණයේදී රටේ යහපාලනයක් බිහිකිරීම වෙනුවෙන් මාදුලුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ පුරවැසි සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ වේදිකාවට අවතීර්ණ වනු ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.
ජනවාරි 8 දේදුනු විප්ලවයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ගෙන ආවේ චන්ද්‍රිකා මැතිනිය විසිනි. ඒ දක්වා කිසිදු ජනතා ක්‍රියා කාරිත්වයකට සහායක් පළ කර නොතිබූ මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාස කළ හැකිදැයි විපක්ෂයේ පක්ෂ ප්‍රශ්න කරද්දී මෛත්‍රී වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු විශ්වාස කළ හැකි යයි සහතිකයක් දුන්නේ චන්ද්‍රිකා මැතිනිය විසින් වන අතර යහපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂයේ සමගි සන්ධානයක් ගොඩ නගා ගැනීමට ඇය විශාල මෙහෙවරක් ඉටු කළාය. එබැවින් මේ අවස්ථාවේදී යලිත් ජනවාරි 8 දා ජනතාව ලැබූ ජයග්‍රහණය රැක ගැනීම සඳහා ස්වාධීන සිවිල් සහ වෘත්තීය සංවිධානයන්ගේ වේදිකාවේ සිට සහාය දෙන්නැයි ඇයගේ අනුගාමිකයෝ දැඩි ලෙස ඉල්ලා සිටිති.
ඊට ඇයගේ අනුමැතිය ලැබී ඇතැයිද දැනගන්නට තිබේ. ඒ අනුව ඇය නොබෝ දිනකින් මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සිවිල් සහ වෘත්තීය සංවිධාන සමග මැතිවරණ වේදිකාවට අවතීර්ණ වනු ඇත.


---------------------------
by     (2015-07-30 06:13:17)

Comments