• දේශපාලනයට ආව මට තව ගහන්න. ගහන්න ගහන්න මං කැමතියි -ගීතා කුමාරසිංහ • ‘ඔයා කැමති වුනාට නෝනේ පිරිමි කවුරුවත් දැන්නම් කැමතිවෙන එකක් නෑ‘ : පොර ටෝක් සහ කොර ටෝක් - අංක 80

syndicated from lankaenews.com,



(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.29, ප.ව.11.30)
• මිරිහානෙන් ඇල්ලු සුදුවෑන් එක ගියේ මහින්දට ගෝඨට අණතුරක් කරන්නයි -විමල් වීරවංස
-සුදුවෑන් අනතුරු කරලා නිකම් හිටියේ නෑ උස්සලා මැරුවා.. ඒ කියන්නේ මේක ගියේ පොඩි සීරිල්ලක් කරල එන්න කියල වීරවංශ දන්නවා
• නතර කළ තැනින් පටන් ගන්නවා - මහින්ද
-නතර කරපු තැනක් කොයින්ද වළ දාපු තැන මිසක්
• මහින්දට අගමැතිකම දෙන්නෙ නෑ - මෛත්‍රීපාල සිරිසේන
-අපේක‍්ෂක කම දෙන්නෙත් නෑ කීවෙ ඔය මෛත්‍රී බාල සිරිසේනමනේ
• දේශපාලනයට ආව මට තව ගහන්න. ගහන්න ගහන්න මං කැමතියි -ගීතා කුමාරසිංහ
-ඔයා කැමති වුනාට නෝනේ පිරිමි කවුරුවත් දැන්නම් කැමතිවෙන එකක් නෑ
• හොරා කියන්නෙ හොඳ රාජ්‍ය පාලකයා කියන එකට - මහින්ද
-වැලිකඩ ඉන්න හොඳ රාජ්‍ය පාලකයො ගොඩට දානකං කයිවාරු ගහවි
• මහින්ද උපන්නෙ ප්‍රභාකරන්ට ගහන්නමයි - බන්දුල ගුණවර්ධන
-බන්ධුල උපන්නෙ පරාජිත මරාකරන්ට කර ගහන්නමයි
• දැන් ඔක්කොම නාලිකාවල දාන්නෙ මොනවද බලන්න. මට බනින කෑළියි. ඒක තමයි උන්ගෙ මාධ්‍ය නිදහස - මහින්ද
-අනේ හඩ්ඩෝ, අබේසුන්දරයෝ මාව බේරා ගනියෝ
• පරාජය පිළිනොගන්නා හිටපු ජනපති අකුරැස්සේ දී තම පාක‍්ෂිකයෙකුට තඩි බායි - පුවතක්
-පිස්සුද? චූ යන්න එනකොට කකුලක් ඉස්සෙනවා වෙනුවට අතක් ඉස්සුනා..
• මහින්ද රටේ මුදල් කාබාසිනියා කරමින් මෙගා පිරිස් සමග විදේශ ගත වීමේ වියදම ලක‍්ෂ 7850 ක් -පුවතක්
-මෙයාගෙ කතා අහන්න මෙහේදි බස්වලින් සෙනග අදිනව වගේ වෙන්නැති
•  මහින්ද මට දෙවියෙක් නෙවෙයි. මං සන්ධානයට එක්වුනේ එයා අගමැති කරන්න නෙවෙයි - තිස්ස විතාරණ
-පිස්සු විකාරණ
• මටත් මගේ සහෝදරයන්ටත් ප්‍රහාර එල්ල කරනවා ඒ අය තමයි හේතුව දන්නෙ -  මහින්ද
-ඒ අය කීවෙ අර ලක‍්ෂ 62 වෙන්නැති
• හැම් බේකන් කන කොළඹ උන්දැලට ගමේ ගොඩේ ගොවි මව්පියන්ගෙ දුක තේරෙන්නෙ නෑ - මහින්ද
-ගමේ බයිය කොළඹ හතේ වගේ වෙන්න ගිහිං කාගත්තු බෑ-කනේ මදෑ
• මං සිරිසේන ගෙ නායකත්වය පිළිගන්නෙ නෑ  - ගම්මන්පිල
-රටේ බහුතරය පිළිගත්තට පස්සෙ මූ කව්ද? මේකගෙන් නීතිඥ උපදෙස් ගන්න වුන්ට දෙයියන්ගෙම පිහිටයි. 
• පාසැල් හැර යන අපේ තරුණ තරුණියන්ට මාසිකව රුපියල් 5000 බැගින් දෙනවා - මහින්ද
-හොර නීතිඥකම් නාවික නිළධාරිකම් එහෙමත් දෙනවැයි
• අපි පැරදුනේ අපිත් එක්ක හිටිය සමහරුන්ගෙ වැරදි නිසා - ගෝඨාභය
-ඒක නේන්නම් බොරලැස්ගමුවේ බෝම්බෙ වරද්දගත්තනේ..
• මං බලයට පැමිණි ගමන් රාජ්‍ය සේවක වැටුප 25000 කරනවා - මහින්ද  
-එදා, අනේ හාමුදුරුවනේ කියමින් පපුවට ගහගෙන දෙනව කීව 2500 දීල හිටිනවකෝ මුලින්ම
• කොහොමහරි බලයට එන්න මහින්ද හිතාගන්න බැරි පොරොන්දු දෙනවා - රන්ජන්
-මේකා තව ටික දවසකින් කියනවා කැස්සක් ආවොත් රු.1000 යි, කිඹුහුමකට රු.1000 යි, පුක හෝදනවට රු.1000 යි දෙනවා කියලා
• සන්ධාන අක්මීමන රැළියේදී දිගට හරහට පොකට් ගහලා - පුවතක්
-ඉතිං පොකට් කාරයින්ගෙ රැස්වීමක්නෙ තිබුනෙ
• යුද්දෙ තරම් සුද්දෙ දාන්න වෙන මොකක්වත් නෑ - වීරවංස
-සද්දෙ දාල සුද්දෙ දාන වෙන එකෙක්වත් නෑ..
• සංධානය හැරදා එජාපයට ගිය අය පක‍්ෂයෙන් එළවනවා - සුසිල් ප්‍රේමජයන්ත
-ලොක්කගෙ කනේ පාර අල්ලල ගිහිං වගේ 
• මං රට පාලනය කළේ අනාගතය ගැන හිතලා - මහින්ද
-ඇත්ත, කොච්චර හිතුවද කියනවා නම් නෙලුම් කුළුණ හදලා, ඒකෙන් කෝටි ගානක් ගහලා, ඒක විවෘත කරන දවසෙ නාමල්ගේ මගුල ඒකේ ගන්නත් හිතුවනේ 
• ජනතාව අහනවලු මහින්ද ඇයි හම්බන්තොටින් ඉල්ලන්නෙ නැත්තෙ කියල - නාමල් රජපක‍්ෂ
-කොහොම වුනත් පුංචි හරි විළි ලැජ්ජාවක් ඇතිනෙ
• මං බලයට පත් වූ විට සියළුම දූෂණයන් නතරකොට තරාතිරම නොබලා දූෂිතයන්ට දඬුවම් කරනවා - මහින්ද
-ආයි අප්ප තමන් තමන්ටම දඬුවම් කරනව බලන්න විදියක් නෑනෙ මේ කපේදි බලයට එන්නෙ නැති නිසා 
• ලසන්ත ඝාතනය සහ එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන අපේ ආණ්ඩුවකින් සොයනවා - ගම්මන්පිල
-පව් හොඳට සිහි කල්පනාව තිබුනු එකාට වෙච්ච නස්පැත්තිය
• මංගල, අනුර, රන්ජන්, සුනිල්, නලින් තමන්ට අපහාස කළා යයි මහින්ද කෝටි 450ක් වන්දි ඉල්ලයි - පුවතක්
-ඉල්ලුවට නම් කමක් නෑ.. හැබැයි හැමෝම කිව්වේ අපි තමුසෙව උසාවි ගෙන්නන්න හරී ආසයි කියලයි..
• ශිරන්තිගෙ කාල්ටන් පෙර පාසැලට සිරිලිය සවියට ආණ්ඩුවේ මුදල් වැය කරලා - එජාප නලින් බණ්ඩාර
-කසාද මිනිහගෙ බූදලයනේ
• ශිරන්තිගෙ ‘සිරිලිය සවියෙ‘න්  රටට හුඟක් වැඩ කළා - ඩලස්
-ඩලසුත් වැඩ අරන් තියෙනවා වගේ
• වැරදිලාවත් රනිල් ට ආණ්ඩුව ගියොත් රට බෙදනවාමයි - දිනේෂ්
-17 න් පස්සේ ඕක කිය කියා මහරගම බෝ ගහ යටට වෙලා හිඟා කාපන් දිනේෂ්

• ඡන්ද රැස්වීම්වලට මං රට වටේ යනවා ඉස්සර ගියේ හෙලිකොප්ටරවල දැන් යන්නෙ කාර් එකේ - මහින්ද
-17 වෙනිදයින් පස්සෙ යන්න වෙන්නෙ (කුණු) බක්කියේ
• මං හොරකම් කළ ගාන කියල මුන් බොරු ගණන් කියනව. එක්කො මුන්ට ගනන් බැහැ.  විභාගය පාස් නැහැ - මහින්ද
-ඇත්ත තමයි හොරකම් කරපු ගාන කියන්න උඩ ඉන්න දෙයියොවත් දන්නෙ නැතුව ඇති
• ලබන 17 දා ඡන්දය ජාතික වගකීමක්. සාංගික දානයකටත් වඩා පුන්‍ය කර්මයක්. අපේ අතින් සිදුවුන වැරැද්ද එදාට නිවැරදි කරගමු  - ෂාන් විජයලාල් සිල්වා
-ලොක්කට වගේම ඔහෙටත් සොහොන් ලකුණු පේනව එහෙනම්
• කොටි යළිත් මුදල් එකතු කරන්න පටන් අරං  -මහින්ද රාජපක‍්ෂ
-මකුළු ලැයිස්තුවට සල්ලි දෙනකොටද තේරුනේ? නැතිනම් කුරුණෑගල ශිවාජිලිංගම්ට සල්ලි දෙනකොටද තේරුනේ?

-පොර ටෝක් කොර කෙළේ හේවායා විසිනි-


---------------------------
by     (2015-07-29 18:58:25)

Comments