මැදමූලන බල පෙරේතයාගේ දෙකෝටි අසූ ලක්ෂයක ඡන්ද බිල් ඔබටත් මටත් ගෙවන්න වෙලා: සමහර දිනවල රු.ලක්ෂ 6 ක කාලා: මෙන්න සාක්කි

(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.25, ප.ව.6.00) ජනතාව වරක් පරාජය කර ගෙදර යැවූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමැති මැදමූලන බල පෙරේතයා කෙසේ හෝ යලි විපක්ෂයේ මන්ත්‍රී ධූරයක් හරි ලබාගෙන පාර්ලිමේන්තුවට ඒමට වලිකන්නේ කුමටද යන්න ගැන අපූරු සාක්කියක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ.
ඒ අන් කිසිවකට නොව මහජන මුදල් ගසා කෑමට බව ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ මහජන මුදලින් ගෙවූ හෝටල් බිල් කිහිපයකින් තහවුරු වේ.
මෙකී බිල් ගෙවා ඇත්තේ ජනාධිපති වියදමට වෙන් කරන ලද මුදලින් නොවන අතර ඔහුට කිසිදු සම්බන්ධයෙන් නැති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අරමුදල් වලින් වීම මෙහි ඇති නින්දනීය භාවය වැඩි කරයි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා අරමුදල් වලින් පමණක් රුපියල් දෙකෝටි අසූලක්ෂයකට අාසන්න මුදලක් මැදමූලන බලපෙරේතයා විසින් ගිල දමා තිබීම පුදුමය.
ඒ අනුව සමහර දිනවලදී එක් දිනකදී ඔහු සුළු වශයෙන් නවාතැන් ගත් හෝටල් 3 කට රු.ලක්ෂ 4 කට අධිකව ගෙවා තිබේ.  (මෙහි දක්වා ඇති 2014 දෙසැම්බර් 24 දා බිල් බලන්න) තවත් දිනකදී එලෙසම සුළු වශයෙන් නවාතැන් ගත් හෝටල් 3 කට රු. ලක්ෂ 6 කට ආසන්න මුදලක් ගෙවා ඇත (මෙහි දක්වා ඇති 2014 දෙසැම්බර් 12 දා බිල රු 5,90,700 කි) මේ සියළුම මුදල් ගෙවා ඇත්තේ කෑෂ් වලින් බවද සැලකිය යුතුය. 
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා මුදලින් මහින්ද රාජපක්ෂගේ බිල්පත් ගෙවුවේ මන්දැයි සොයා බැලූ විට දැන ගන්නට ලැබුනේ එවක එහි සභාපති ලෙස ක්‍රියාකළ  බන්දුල ඒකනායක නමැත්තා රාජපක්ෂ පවුලේ ආහාර සම්බන්ධ නිලධාරියෙක් ලෙසද ක්‍රියා කර ඇති බවයි. එබැවින් කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අරමුදලින් රජා යැයි සිතා සිටි මහින්ද රාජපක්ෂ ගේ බිල් නීති විරෝධීව ගෙවා ඇත. මෙහි දැක්වෙන් බිල්පත් සටහන් අනුව වැඩියෙන්ම ගෙවා ඇත්තේ රාජපක්ෂගේ පසුගිය ජනාධිපතිවරණ කැම්පේන් එක වෙනුවෙන් බව පැහැදිලිය.
සම්මන්ත්‍රණ ශාලාව මේ වන විට මේ බිල්පත් අයකර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇතැයි දැන ගන්නට තිබේ. එනම් මහින්ද රාජපක්ෂගේ මේ නීති විරෝධී බිල්පත් ගෙවිය යුතු වන්නේ මහජන මුදලිනි. ඔහුගේ ඡන්ද කැම්පේන් එක වෙනුවෙන් මහජන මුදල් ගෙවීම සාධාරණ වන්නේ කෙසේද? මේ මුදල් අයකර ගත යුත්තේ මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ධනයෙනි.

---------------------------
by     (2015-07-25 13:41:42)

Comments