කාන්තාවෝ 556 පාර්ලිමේන්තු මඟට

Published in පුවත්
 Saturday, 25 July 2015 11:41
    කාන්තාවෝ 556 පාර්ලිමේන්තු මඟට
    මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් කාන්තාවෝ 556කු තරඟ කරති.
    ඉන් වැඩිම පිරිස ලෙස කාන්තාවන් 147ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව අැති අතර ද අඩුම ප්‍රමාණය ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් කාන්තාවන් 03ක් ද මැතිවරණයට තරඟ කෙරේ.
    කෙසේ වෙතත් ලංකාව දේශපාලනය සදහා කාන්තා සහභාගීත්වය අඩු රටක් ලෙස හදුනා ගෙන තිබේ.නමුත් පාර්ලිමේන්තුවක් තුළ සම්පාදනය කරන වැදගත් අණ පනත් සදහා මෙරට උගත් බුද්ධිමත් කාන්තාවන්ගේ අදහස් අාකල්ප අත්‍යාවශය. මෙම තත්වය මත පාර්ලාමේන්තුව තුළ කාන්තා නියෝජය වැඩි කිරීම උදෙසා විවිධ වූ සාකච්ඡා වැඩමුලු අාදිය පවා පැවැත්වුණි.වර්තමාන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 25%කින් වැඩි කිරීම අවශ්‍ය බවද ප්‍රකාශ කර තිබේ.


    Comments