ජනගහනයෙන් මිලියන 39 ක් අන්ධභාවයට

Published in පුවත්
 Saturday, 25 July 2015 12:47
    ජනගහනයෙන් මිලියන 39 ක් අන්ධභාවයට
    ලෝක ජනගහනයෙන් මිලියන 39 ක් අන්ධභාවයට ලක්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ විෂන් 2020 වැඩසටහව පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
    මෙසේ අන්ධ භාවයට පත්ව අැති පිරිස අතරින් වැඩි දෙනෙකු සංවර්ධනය වෙමින් පවතින රටවලදී හමුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
    අන්ධභාවයට වාර්ෂිකව මිලියන 1 -2 අතර වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ඉන් 80% ක් ප්‍රතිකාර මගින් වලක්වා ගැනීමට හැකිබවද පාලීත මහීපාල මහතා පැවසීය.
    ශ්‍රී ලංකාවේ පවතින විවිධ අක්ෂී රෝග හේතුවෙන් අන්ධභාවට පත්වන ප්‍රමාණය ජනගහනයෙන් 150000ක් පමණ වේ.


    Comments