අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ලැයිස්තුගත දිවයිනේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 25 ක් එජනිසෙන් ඡන්දය ඉල්ලනවා: සභාපති ශ්‍රීලනිප නීතිඥයන්ට දනවයි


(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.25, ප.ව.7.30) දිවයිනේ නම් දැරූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 25 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවලින් ඡන්දය ඉල්ලන බව අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති දොස්තර චමීර නිලංග සමරසිංහ මහතා තමා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥවරුන් වෙත දනවන ලද බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ සංගමයට අයත් ජනාධිපති නීතිඥ ඩී.පී.මෙන්ඩිස්, නීතිඥ සංජය ගමගේ ඇතුළු නීතිඥ පිරිසක් ඊයේ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වරයා හමු වූ අවස්ථාවේදී මේ බව දනවන ලදී.
මීට පෙර සභාපතිවරයා විසින් තම මණ්ඩලය සතු ලැයිස්තුවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 25 ක් ඡන්දය ඉල්ලන බව ප්‍රකාශකර තිබූ අතර ඒ අය කුමන පක්ෂයේ අයදැයි හෙලි කරන ලෙස ඉහත කී ශ්‍රීලනිප නීතිඥවරුන් සභාපතිවරයා හමුවී ඉල්ලා සිටිමින් කියා සිටියේ නැතිනම් දේශපාලන පක්ෂවලට අසාධාරණයක් සිදුවන බවයි.
සභාපති වරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ලැයිස්තු තමා වෙත ඉදිරිපත් කරන ලද අතර එම ලැයිස්තු වල තමන් කී 25 දෙනා නොමැති බවය. ඉන් සභාපතිවරයා නොකියා කීවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවල තමන් කී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 25 දෙනා සිටින බවයි. නීතිඥවරුන් ඒ අයගේ නම් ලැයිස්තුව ඉල්ලා සිටි විට සභාපති වරයා කියා සිටියේ තමා ජනාධිපතිවරයාට ඒ අය ගැන දැනුම් දෙන බවත් ජනාධිපතිවරයා ඒ සඳහා තමන්ට හමුවීමට අවස්ථාවක් ලබා දී ඇති බවත්ය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 25 දෙනා කව්දැයි ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කරනු ඇති බව ද අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වරයා වැඩි දුරටත් දන්වා සිටියේ ය.
සභාපතිවරයා ශ්‍රීලනිප නීතිඥ කණ්ඩායමට වැඩිදුරටත් දන්වා සිටියේ පෙර කී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් තිදෙනෙකුම සිටින්නේ ගම්පහ ලැයිස්තුවේ බවය. ඒ බව කියනවාත් සමග සංජය ගමගේ නීතිඥවරයාගේ කන් රතුවී ගියේ ඉන් එක් අයි.ආර්.සී. කාරයෙකුගේ නඩු වලට පෙනී සිට ඇත්තේ ඔහු විසින් නිසා ය.

---------------------------
by     (2015-07-25 14:08:51)

Comments