මෛත්‍රී සොයුරු ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන කෝටි 175 ක මගඩියක් වැසීමට ගිහින් මාට්ටු: FCID ය පරීක්ෂණ අරඹයි
syndicated from lankaenews.com,
(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.30, ප.ව.2.20) ටෙලිකොම්හි සමාගමට ඩොලර් මිලියන 13 ක් හෙවත් රුපියල් කෝටි 175 ක දැවැන්ත පාඩුවක් සිදුකරමින් කරන ලද බරපතල ටෙන්ඩර් වංචාවක් ජනාධිපති සොයුරු ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන විසින් යට ගැසීමට කරන ලද උත්සාහයක් අසාර්ථක වී මේ වන විට වංචාව සම්බන්ධයෙන් FCID ය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම දැවැන්ත පාඩුව කොතෙක්ද යත් එය ටෙලිකොම් සමාගමේ කාර්තු කිහිපයක ලාභයට සමානය.
මෙකී දැවැන්ත ටෙන්ඩර් මගඩිය සිදුකර ඇත්තේ ටෙලිකොම්හි LTE ව්‍යාපෘතිය නම් සංවර්ධන ක්‍රියාවලිය සිදුකිරීමේ දීය. එහිදී අදාල කොන්ත්‍රාත්තුව සඳහා හුවෙයි සමාගම ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයේ තොරතුරු ZTE සමාගමට ලැබෙන්නට සලස්වා ඔවුන්ගෙන් ඊට සරිලන සේ ටෙන්ඩරයක් ලබා ගෙන අවසානයේ ටෙන්ඩරය ZTE සමාගමට ලබා දී ඇත. ඔවුන් විසින් කිලෝ මීටර් 2 හමාරක් දුරට බලසම්පන්න යැයි කියා සවිකර ඇත්තේ චීන බාල ඇන්ටෙනා වර්ගයක් වන අතර ඒවා මීටර් 100 ක් හෝ දුර ක්‍රියාත්මක නොවන්නකි. මෙකී මගඩියේ ප්‍රධාන මෙහෙයුම් කරුවා සභාපති කුමාරසිංහගේ හෙංචයියෙක් බවට පත්ව සිටින මහින්ද හේරත් නමැත්තෙකි. සාමාන්‍ය වැටුපක් ලබන මහින්ද හේරත් දැන් භාවිතා කරන්නේ රුපියල් ලක්ෂ 150 ක් වටිනා බෙන්ස් රථයක් බව දැනගන්නට තිබේ.
මෙම දූෂිත ටෙන්ඩර් මගඩිය සම්බන්ධයෙන් ටෙලිකොම්හි සාමාන්‍යාධිකාරී රුවන් හේවාපතිරණගේ සභාපතිත්වයෙන් සැකසූ විගණන වාර්තාවක් මගින් කරුනු හෙලිකර සිටියද සභාපති කුමාරසිංහ විසින් එකී විගණන වාර්තාව යට ගසා තිබේ. පසුගිය ජුනි 26 දා විගණන වාර්තාව එළි දැක්වීය.
සභාපති කුමාරසිංහ විසින් විගණන වාර්තාව යට ගසා දමමින් එහි නිර්දේශ අනුව ක්‍රියා නොකිරීම නිසා කිසියම් පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් FCID ය වෙත පැමිණිලි කරන ලදුව මේ වන විට FCID ය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එහිදී පෙරේදා(28) විගණන වාර්තාව සැකසූ රුවන් හේවාපතිරණ කැඳවා FCID ය විසින් පැය 6 කට අධික කාලයක් ප්‍රශ්න කරන ලදී. ඊයේ (29) ටෙන්ඩර් ප්‍රොකියුමන්ට් කොමිටියේ ප්‍රධානී ගීතා සමරතුංග නමැත්තිය කැඳවා පැය 2 කට අධික කාලයක් ප්‍රශ්න කරන ලදී. මෙහිදී ටෙන්ඩර් ප්‍රොකියුමන්ට් කොමිටිය නොමග යවා ZTE සමාගමට ටෙන්ඩරය ලබා දීමට කටයුතු කළ සභාපතිගේ හෙංචා මහින්ද හේරත් විසින් ගීතාට බොරු කියන හැටි ඉගැන්වුවද මේ වන විට දෙදෙනා අතර ආරෝවක් හට ගෙන තිබේ. ඇය FCID යට ඇත්ත කියන බවට තර්ජනය කර ඇත.
LTE ව්‍යාපෘතියේ ටෙන්ඩර් මගඩිය නිසා ටෙලිකොම් සමාගමට සිදුවූ කෝටි 175 ක පාඩුව අවම කර ගැනීමට හැකියාවක් තිබුනද සභාපති කුමාරසිංහ සිරිසේන විසින් හොරු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරන නිසා එය වැළකී ගොස් තිබේ.
මෛත්‍රීපාල සිරිසේන අයියා ජනාධිපති වීමෙන් පසුව එතෙක් ගස් කපමින් සිටි කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් මොබිටෙල් සමාගම් හි සභාපති තනතුරට පැන ගත් අතර විෂය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති නමුත් ටෙලිකොම් සහ මොබිටෙල්හි සිටින මරාවාදී චෞරයන් ගැන මනා අවබෝධයක් තිබේ. ඒ අනුව වෑගපිටිය, රංජිත් රුබසිංහ, මහින්ද හේරත් වැනි පසුගිය රෙජීමයේ නීලකාස හොරුන් සමග හෙළුවෙන් රඟයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය නොපෙනේ..

---------------------------
by (2015-07-30 08:55:00)
by (2015-07-30 08:55:00)
Comments
Post a Comment