syndicated from lankadaily.com,
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ මැතිවරණ ප්රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ, අද පෙරවරු 1.45ට පමණ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බව ය.
සිද්ධියෙන් තුවාල ලැබූ 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.
මේ අතර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඇතුළත් කළ පුද්ගලයින්ගෙන් මැදිවියේ කාන්තාවක් මිය ගොස් ඇති බවත් තවත් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවයි.
Comments
Post a Comment