ප්රජාතන්ත්රවාදී ලෝකයට ශ්‍රී ලංකාවෙන් අලුත් අත්දැකීමක්..! භාරකාර අගමැති සහ අනාගතයේ අනිවාර්ය අගමැති රනිල් සමග සිවිල්, වෘත්තීය සහ ඡන්දය නොඉල්ලන දේශපාලන සංවිධාන 100 ක් එක්ව රටම ගොඩ දාන ඓතිහාසික ගිවිසුමක්..!
syndicated from http://lankaenews.com/, Jul 27, 2015
(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.27, පෙ.ව.5.20) නිදහස් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් ඓතිහාසික දේශපාලන ගිවිසුමක් හෙට අඟහරුවාදා (28) අත්සන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වාසී ජනතාවට නිවේදනය කර සිටිමු. මෙවැනි ගිවිසුමක් ප්රජාතන්ත්රවාදී ලෝකයේ මෙතෙක් අත්සන් කර නැති බැවින් මෙය අත්‍යන්තයෙන්ම ඓතිහාසිකය.
මෙම ගිවිසුම අත්සන් කෙරෙන්නේ මීළඟ ආණ්ඩුවේද අගමැති වීමට නියමිත වර්තමාන භාරකාර ආණ්ඩුවේ අගමැති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයේ නායක අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමිපාණන් ප්රමුඛ සිවිල් සහ වෘත්තීය සංවිධාන මෙන්ම චන්දයට ඉදිරිපත් වන්නේ නැති නමුත් චන්දය භාවිතා කරන දේශපාලන පක්ෂ ද සහිත සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් සමග ය.
එය හෙට(28) උදෑසන 9.30 ට කොළඹ පදනම් ආයතනයේදී උත්සවා කාරයෙන් අත්සන් තැබීමට නියමිත ය.
ඉතිහාසයේ මෙතෙක් කාලයක් ඡන්දයකින් බලයට පත්වූ ආණ්ඩු බලයට පත්වීමෙන් පසුව තමන්ට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් කිසිදු නෛතික හෝ සදාචාරාත්මක බැඳීමකට ලක් නොවූ නමුත් මෙකී ඓතිහාසික ගිවිසුම අනුව ආණ්ඩුව ඡන්දයෙන් පසුවත් ඡන්දය දුන් සිවිල් ජනතාව සමග නෛතික වශයෙන්ද සදාචාරාත්මක වශයෙන්ද බැඳීමකට ලක්වනු ඇත. ඒ කෙසේද යත් අදටත් භාරකාර අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීලඟ ආණ්ඩුවේද අගමැති වරයා වූ විට මෙකී අත්සන් කරන ගිවිසුම නෛතික වශයෙන් අතිප්රබල ගිවිසුමක් වන හෙයිනි.
එනම් මෙම ගිවිසුම ආණ්ඩුවක් සහ ජනතාවක් අතර අත්සන් තබන ඉතිහාසයේ පළමු ගිවිසුම වීමයි.
අගෝස්තු 17 වැනිදායින් පසුව බිහිවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ මහජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ අවශ්‍යතාවයන් මෙන්ම දූෂණයෙන් තොර රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමට මහජනතාව සමග සක්‍රීය වගවීමක් මෙයින් නෛතික වශයෙන් ඉටු කරනු ඇත.
පිටත මෙන්ම අභ්‍යන්තර, කුහක පොලොන්නරුවාදී, බලවේගයන්ගේ අකුල් හෙලීම නිසා කඩාකප්පල් වූ ජනවාරි 8 දා ජනතාව බලය දුන් දින සියයේ වැඩ පිලිවෙලෙහි ඉතිරි වූ මහජන වගවීම් ක්‍රියාත්මක කිරීම හෙවත් විධායක ජනාධිපතික්රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් නීතිගත කිරීම, විගණන පණත සම්මත කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරන පණත සම්මත කර ගැනීම ආදී දින සීයේ පොරොන්දු ක්‍රියා අහවරයක් කර ගැනීමද,
ජාතික ගැටුම් නිරාකරණය කරමින්, පාරිසරික සහ බලශක්ති අවශ්‍යතා සපුරමින්, මහජනතාවගේ අවම අවශ්‍යතා නිරාකරණය කරමින්, දූෂනයෙන් තොර, තිරසාර සංවර්ධනයක් සඳහා රටක් ලෙස කටයුතු කිරීම,
ආදී කරුණු රාශියක් ඇතුලත් මෙකී ගිවිසුම ක්‍රියාත්මක කරන ක්‍රම වේදයන්ද ඊට ඇතුලත් වේ.
එනම් මෙම සිවිල්, වෘත්තීය සහ සුලු දේශපාලන පක්ෂ සංවිධාන සියයකට අධික කණ්ඩායම විසින් රටේ ප්‍රමුඛතා සම්බන්ධයෙන් උපදේශක මණ්ඩලයක් පත් කරනු ලබන අතර ඔවුන් සමග අගමැතිවරයා ප්රමුඛ රජය මසකට වරක් රැස්වී සාකච්ඡා කර රටේ ඉරනම් තීන්දු වලට එළැඹිය යුතුය ආදී ප්‍රායෝගික ක්‍රමවේද රාශියක් ඊට අඩංගුය.
ප්රජාතන්ත්රවාදය යනු ඔබේත් මගේත් ව්‍යායාමයෙන් බිහිවන්නක් මිස පිටසක්වල ජීවීයෙකු හෝ දෙවියෙකු විසින් උපදින විටම අතට දෙන සඳුන් කැටයක් නොවේ..!
(මෙකී ගිවිසුමේ නිර්මාතෘන් විශාල පිරිසක් සමග සාකච්ඡා කර ලියන ලද වාර්තාවකි)
---------------------------
by (2015-07-27 00:16:22)
by (2015-07-27 00:16:22)
Comments
Post a Comment