Syndicated from lankaenews,
යහපාලන ආණ්ඩුව විසින් සරත් ෆොන්සේකාට බාර දෙන්නට යන නව වගකීම පිළිබඳ විවිධ දෙනා විවිධ අදහස් දක්වන අතර එය කඩාකප්පල් කාරී ක්‍රියා වලින් මහජනයාගේ ජන ජීවිතය කඩා වැටෙන්නට ඉඩ නොදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය කරන නව සැලැසුමක් බවත් එය වම්මුන් දොඩවන ආකාරයේ මර්දන යන්ත්‍රයක් නොවන බවත් එය කිසි සේත්ම පාර්ලිමේන්තුවෙන් පිටත නිමවන ආයතනයක් නොවන බවත් රජයේ ඉහල තැනකින් ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කෙරිණ
පසුගිය කාලයේ පැවත්වූ සමහරක් වැඩ වර්ජන කිසි සේත්ම නීත්‍යාණුකූල ඒවා නොවේ. උදාහරණයක් ලෙස ආසන්නම වැඩ වර්ජනය වූ පසුගිය අප්‍රේල් 21 වෙනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා පැවැත්වූ වෛද්‍ය වැඩ වර්ජනය ගත හැකිය. එය පාදෙනියගේ හෙංචයියෙකු බලාපොරොත්තු වූ ස්ථානයකට වෙනත් වෛද්‍යවරයෙකු පත් කිරීම නිසා පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීමට කරන ලද වැඩ වර්ජනයකි. එම වෛද්‍යවරයා පත් කර තිබුනේ අමාත්‍යාංශය විසින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අනුමැතිය මත අතිශය නීත්‍යාණුකූල ලෙසිනි. වර්ජනය කරන බව දැනුම් දුන්නේ ද හෙට උදේ සිට වර්ජනය කරන බව කියා අද සවස ය. ( මේ සම්බන්ධ වීඩියෝවක් සහිත පූර්ණ වාර්තාවක් වෙනත් තැනෙක පසුව පළ කරනු ඇත.) එවැනි වැඩ වර්ජන ලෝකයේ කිසිදු කම්කරු ප්‍රඥප්තියක නැති, නීත්‍යාණුකූල නොවන වැඩ වර්ජන පමණක් නොව සම්පූර්ණයෙන්ම කඩා කප්පල් කාරී ත්‍රස්තවාදී ක්‍රියාවන් ය.
එවන් අවස්ථාවකදී සාමාන්‍ය ජන ජීවිතය කඩා වැටීම වැළැක්වීම පිණිස අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට සිදුවීම වගකිව යුතු රජයක වගකීමකි. එවැනි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නම් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේද ජනමාධ්‍යයන්ගේ මෙන්ම සිවිල් සංවිධාන වලද ඒකමිතික ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේය. ත්‍රිවිධ හමුදාවන්හි සේවය ලබා ගැනීමට සිදුවන බැවින් එවැනි වගකීමක් සඳහා සරත් ෆොන්සේකා මහතා තෝරා ගෙන තිබිණි. සත්‍ය වශයෙන්ම මෙවැනි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමේදී ත්‍රිවිධ හමුදා මෙහෙයැවීම මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ තනි විධායක ජනාධිපතිවරයා යටතේ වුවද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට බලාපොරොත්තු වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් සතු විධායක බලතලයක් පාර්ලිමේන්තුවට පැවරීමේ තවත් ක්‍රියාමාර්ගයක් ලෙස මෙය සැලකිය යුතු ය.
කෙසේ වෙතත් මෙය කැබිනට් මණ්ඩලයට වගකියන කැබිනට් සාමාජිකයෙකු සඳහා ලබා දෙන වගකීමක් මිස පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට පිටතින් ඇති කරන වෙනත් මර්දන ආයතනයක් නොවේ. කෙසේ වෙතත් මෙය තවමත් යෝජනාවක් පමණි.
සරත් ෆොන්සේකාට යලි හමුදාපති කම දෙනවා යයි වාර්තා කර තිබුනේ ද අසත්‍යයකි. හමුදාවෙන් විශ්‍රාම ගත් හමුදාපති වරයෙකු යලිත් හමුදාපති ලෙස පත් කිරීමට හමුදා පණත යටතේ කිසිදු නෛතික හැකියාවක් ද නැත. ලෝකයේ කිසිදු රටක එවැනි දෙයක් කරලාද නැත.
රටේ විනය හදන්න අලුතින් ආයතනයක් හදනවා යන්නද තතු නොදැන කියන කතාවකි. රටක විනය හදන්නට අමුතුවෙන් කිසිවක් අවශ්‍ය නොවන අතර රටේ නීතිය තිබෙන්නේ එකී විනය පවත්වා ගෙන යෑමට ය. එ් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිය සහ සාමය අමාත්‍යාංශයක් සහ පොලිසියක්ද අධිකරණයක්ද පවතින්නේ ය. අනෙක් අතට ආගම් සියල්ලෙන්ම කරන්නේ ද මිනිසුන්ගේ විනය හැදිම ය. එබැවින් ෆොන්සේකා ලවා විනය හැදීමේ කතාවද විහිළුවකි.
විජේවීරගේ සුරංගනා කතාව පරදන මෝල්කාන්තගේ කතා
‘උද්ඝෝෂණ හා අරගල, මර්දනය කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන්, විශේෂ හමුදා බලඇණියක් ගොඩනගනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ අංක එකේ බක පණ්ඩිතයෙක් වන ලාල්කාන්ත නමැත්තා ඊයේ කඩිමුඩියේ නිවේදනයක් නිකුත් කර තිබුණු අතර වසර 50 කට වැඩිය පරණ ඒ පක්ෂයේ තවමත් ඉන්නේ විචාර බුද්ධියක් නැති විජේවීර පන්නයේම මෝඩයන් බව ඉන් පැහැදිලිය. 1971 කැරැල්ලට කලින් රෝහණ විජේවීර විසින් ගාලු වෙරල තීරයේ විශාල භූමියක කළු ගල් ගොඩ බා තිබෙන ස්ථානයක් පෙන්වා කියා සිටියේ ධනපති ආණ්ඩුව එහි ඇමරිකානු හමුදා කඳවුරක් හදන්න යන බවය. මේ කළු ගල් ගෙනත් ඇත්තේ ඒ කඳවුරේ තාප්පයට යැයිද ඔහු රස කර කීවේය. එකල සිටි වික්ටර් අයිවන්ලා ද සුනන්ද දේශප්‍රියලා ද ලයනල් බෝපගේ ලාද විජේවීර කියන්නේ ඇත්තක් යැයි ඇදහූහ. ඇමරිකානු තර්ජනයට එරෙහිව සන්නද්ධ අරගලය දියත් කළ යුතු යැයි විජේවීරගේ කතාව එක හෙළාම පිලිගත්හ. අවසානයේ එහි තනා තිබුනේ අදටත් පවතින කොග්ගල මහ හෝටලය ය. මෝල්කාන්තයාගේ ‘විශේෂ හමුදා බළ ඇණියද‘ එවැන්නකි.
හිටපු හමුදා නායකයෙකු යොදවා බිය ගන්වනවා යැයි ද ලාල් කාන්ත කියා තිබිණ. මේකාගේ ඔළුව හොඳ නැතිදැයි ප්‍රශ්න කළ යුතුය. එකී හමුදා නායකයාගේ නායකත්වය යටතේ පෙරමුණකින් ඡන්දය ඉල්ලා මන්ත්‍රීවරුන් ලෙස ජවිපෙ 2010 සිට අවුරුදු 5 ක්ම පාර්ලිමේන්තුවේ සිටියේ බයෙන්දැයි ප්‍රශ්න කළ යුතුය. 2010 දී ෆොන්සේකා නමැති හිටපු හමුදා නායකයා රටේ ජනාධිපති කරන්නට යද්දී බය වුනේ නැතිදැයි ප්‍රශ්න කළ යුතුය. ඇත්තටම ලාල්කාන්ත මෙතරම් ගොබ්බයෙක් යැයි දැන ගත්තේ ඊයේ නිවේදනයෙනි.
ප්රජාතන්ත්රවාදී යහපාලන ආණ්ඩුවක් විසින් ජනතා මර්දනය සඳහා සත්‍ය වශයෙන් විශේෂ හමුදා ආයතන පිහිටුවන්නේ නම් පළමුවෙන්ම ඊට විරුද්ධ වන්නේ 2015 දී වැට උඩ සිටි මෝල්කාන්තලා නොව යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ඍජුව කැප වූ ලංකා ඊ නිව්ස් ඇතුළු පනහක් පමණ වූ සිවිල් සංවිධාන බවද ජනතාවට වගකීමකින් කිව යුතුය.
Comments
Post a Comment