syndicated from lankanewsweb,
ඩොනල්ඞ් ට්‍රම්ප් සමග ධවල මන්දිරයේ පදිංචියට යන පුංචි බැරන් විලියම් ට්‍රම්ප්ව සමහරුන් සමාන කළේ රාජ කුමාරයෙකුට ය. නමුත් මේ වන විට බොහෝ සැක සංකා මතු වී තිබෙන්නේ බැරන් ඔටිසම් රෝගයෙන් පෙළෙන බවට ය. මේ කතාව සත්‍යයක් විය හැකිද? ඇමරිකාවේ අනාගත ජනපතිවරයා සිය බාලම පුතා ගේ රෝගී තත්වය ලොවෙන් වසං කරමින්, වේදනාවෙන් ජීවත් වන-සියල්ල දරාගෙන සිනාසෙන තාත්තා කෙනෙක්ද?
මේ වන විට අන්තර්ජාලයේ දිගින් දිගටම පළවන වීඩියෝවලින් දැක්වෙන්නේ බැරන් සාමාන්‍ය දරුවෙක් නොවන බවය. ඒ තීරණාත්මක දිනයේ බැරන් විලියම් ට්‍රම්ප් සිය පියාගේ රිපබ්ලිකන් පක්ෂ සම්මේලන වේදිකාවේ සිටගෙන සිටියේ පුදුමාකාර අපහසුවකිනි. ඇත්තම කියනවා නම් නලියමිනි. ඔහු අසාමාන්‍ය අන්දමින් අත්පුඩි ගසන ආකාරය වීඩියෝවල දැක්වුණේය. ඒ රූපරාමු සැලකිල්ලෙන් නරඹන විට පෙනී යන්නේ කුමක්ද? ඇත්තටම බැරන්ට අත්පුඩි ගසන්නට බැරි බව ය! එනම් බැරන් අත්පුඩි ගසන විට ඔහුගේ දෑත් වේගයෙන් චලනය වුවත් ඒවා එකිනෙක ස්පර්ශවන්නේ නැති බව ය.!! ඔහු එම අත්පුඩි ගසන ඉරියව්ව පමණක් පාමින් සිටින බව ය. නමුත් ඔහු ඇත්තෙන්ම අත්පුඩි ගසන්නට උත්සාහ කරන බව ය. අත් එකිනෙක ගෑවෙන්නේ නැති නිසා ඔහුගෙන් අත්පුඩි හඬක් නික්මුණේම නැත! අනතුරුව ඔහු පක්ෂ සාමාජිකයන් අතර, සිය මවට පසෙකින් වාඩි වී සිටියදී ද අසාමාන්‍යතාවක් පෙන්නුම් කළේය. මෙහිදී ඔහු සිය අසුන මත උඩ පහළ පනින්නා සේ යන්තමින් පෙනේ. ඔහුට එක ඉරියව්වක සිටින්නට අපහසු බව ද අසාමාන්‍ය නොසන්සුන් කමකින් පෙළෙන බව ද පෙනේ. ඔහු වටපිට බලයි. චලනය වන්නට හදන සිය දෙපා දෙස බලයි. කාට හෝ තමන්ගේ වෙනස දැනුණාදැයි විමසිල්ලෙන් බලයි. කිසි අමුත්තක් නොහඟවන්නට මෙන් උත්සාහ කරයි. මේ වන විට ඔහුගේ මව සිටියේත් ඔහු අසලින්ම ය. ඔහු වරින් වර ඇය දෙස ද බලයි.
ඉන්පසු පෙනී ගිය කාරණයක් වුණේ බැරන් ඇවිදින විට මදක් දෙපසට වැනෙන ගතියක් තිබෙන බව ය. එනම් සමතුලිත නැති බවක් සහ එක එල්ලයක් සිතේ තබාගෙන ඇවිදින්නට බැරි ගතියක් ඔහු තුළින් දිස්වන බව ය.
ඔටිසම් රෝගයේ එක් ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ සමාජය සමග සම්බන්ධ වීමේ අපහසුතාවයයි. එනම් මේ දරුවන්ගේ සමාජානුයෝජනය ඉතා අඩු ය. මේ දරුවෝ මේ නිසාම තමන්ගේම ලෝකයක තනිවෙති. සමාජයේ සාමාන්‍යයෙන් සිදුවන දේවල් එසේ සිදුවන්නේ මන්දැයි ඔවුන්ට වටහා ගැනීම ලෙහෙසි නැත. එනිසා නොසන්සුන්කම සහ පාලනය කර ගත නොහැකි ප්‍රචණ්ඩකාරි කෝපය ඔවුන්ගේ ඇතැම් චරිත ලක්ෂණ බවට පත්වේ. බැරන්ගේ සමාජශීලී නොවන ගතිය හොඳින්ම පෙනුණු අවස්ථාව වුණේ ද රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදී ට්‍රම්ප් පවුල සමග ඔහු වේදිකාව මත සිටගෙන සිටි විලාසයයි. ට්‍රම්ප්ගේ පවුලේ සියලු සාමාජිකයන් මේ අවස්ථාවේ සිනාමුසු මුහුණින් සිටි නමුත් බැරන්ගේ මුහුණේ යන්තමින්වත් සිනාවක් දිස්වුණේ නැත. ඔහුගේ සබකෝලය අඩුකිරීමට හෝ ඔහු ව සන්සුන් කිරීමට සිතා ඔහුගේ මව මලානියා පමණක් නොව ට්‍රම්ප් ද වරින් වර ඔහුට තට්ටු දමමින්, ඔහුගේ උරහිස් ස්පර්ශ කරන අන්දම මෙහිදී දැකගත හැකිය. කිසිම රිලැක්ස් ගතියක් හෝ සන්තෝසයක් මුහුණේ නැතිව සිටින බැරන්ට උප ජනාධිපති අපේක්ෂක මයික් පෙන්ස් විසින් යමක් පවසන අන්දමත්, එයට හිස වනා ඔහු වේදිකාවේ මදක් පිටුපසට වන අන්දමත් මෙහිදී පැහැදිලිව දැකගතහැකි වේ. මෙවිටද ඩොනල්ඞ් ට්‍රම්ප් පිටුපස සිට සිය පුත්‍රයාගේ බාහුවලින් ස්පර්ශකරමින් ඔහුට යම්කිසි සංඥාවක් ලබාදෙයි. අනතුරුව බැරන් වේදිකාව මත සිය පියාට වම්පසින් සිටගෙන සිටින්නේ පුදුමාකාර අපහසුවකින් සහ ඉවසීමකිනි. විටින් විට ඔහුගේ මුහුණේ චලනයන් පාලනය කර ගන්නට අපහසු වෙයි. ඔහු දහස් ගණන් සෙනග පියාගේ කතාවට ප්‍රීති ඝෝෂා නගන විට ඈනුම් හරියි!!
ඇමරිකාවේ සමාජ ජාල වෙබ් අඩවිවල මේ ගැන විවේචන පළවන්නට පටන් ගත්තේ බැරන් ‘මුඩුම’ දරුවෙක් බව කියමිනි. තාත්තාගේ සාපය ද නොවැළැක්විය හැකි පරිදි ඔහුට ඒ වනවිටත් එල්ල වී තිබිණි. ඔහු වේදිකාව මත සිටගෙන සිටි නොදැමුණු විලාසය බොහෝ අයගේ උපහාසයට ලක්වූ අතර, සමහරුන් කියා තිබුණේ ‘ඒකා හරියටම උගෙ තාත්ත වගේමයි’ යනුවෙනි. ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ගොඩනැගෙන අප්‍රසාදය සහ කෝපය මේ පොඩි දරුවා පිටින් යවන්නට සමහරුන් අශෝභන ලෙස උත්සාහ කර තිබිණි. නමුත් ඔටිසම් සමග ජීවත් වීමේ අත්දැකීම් ඇති අය එසැණින් බැරන් වෙනුවෙන් කතා කරන්නට පටන් ගත්හ. “මට ඔටිසම් හැදුණු සහෝදරයෙක් ඉන්නවා. බැරන් ට්‍රම්ප්ගේ ලක්ෂණ හරියටම ඒ වගේ” යැයි එක් අයෙක් පවසා තිබූ අතර තවත් අයෙක් ට්විටර් සටහනක් තබා තිබුණේ මෙසේ කියමිනි. “බැරන් දරුණු ලෙස ඔටිසම් තත්වයකින් පෙළෙනවා. ඒ බව තේරුම් නොගෙන සමහරු ඔහුගෙන් ආතල් ගන්න හදනවා. ලැජ්ජයි”. තවත් ට්විටර් සටහනක් මෙසේ ය. ‘මම බැරන් දිහා බලාගෙන ඉන්නෙ. මේ පුංචි ලස්සන කොලුපැටියාට ඔටිසම් නේද..?!!!” ඒ සමගම බැරන්ට හිංසා නොකරන්න යනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි හරහා යම් සමාජ ව්‍යාපාරයක් ද ගොඩ නැගී තිබේ.
බැරන්, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පස්වැනි දරුවා ය. මේ වන විට බැරන්ගේ වයස අවුරුදු 10 ක් වන අතර ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ වයස 70 කි. ඒ අනුව ට්‍රම්ප් මේ දරුවාට පීතෘත්වය ලබාදෙන්නේ වයස අවුරුදු 60 දී ය. වයස අවුරුදු හැටක මහල්ලෙක් තමන්ට වඩා අවුරුදු තිහක් පමණ බාල සුන්දරියකගේ අත ගැනීම මහා ජයග්‍රහණයක් සහ පාරම්බාන්නට උචිත කාරණයක් ලෙස පිරිමි ලෝකයට පෙනී යා හැකි වුවත්, අවුරුදු හැටක පුරුෂ ශක්තිය ඔටිසම් වැනි රෝගී ජාන උපරිම වශයෙන් දරා සිටින බව වෛද්‍ය ලෝකය පිළිගත් සත්‍යයකි. වෛද්‍යවරුන් පවසන්නේ මෙපමණ වියපත් පිරිමින් පියවරුන් බවට පත්වන විට ඔහුගේ ජානවලින් උපදින දරුවන් ඔටිසම් රෝගයට ලක්වීමේ අවදානම උපරිමයක් වන බව ය.!!
මේ වනවිට ලෝක ජනගහනයෙන් සියයට 1 ක් ඔටිසම් තත්වයන්ගෙන් පෙළෙන අතර ඇමරිකාවේ සිදුවන සෑම නව දරු උපත් 68කින්ම එකක් ඔටිසම් තත්වයකි. අද වන විට ඇමරිකානුවෝ ලක්ෂ 35 ක් ඔටිසම් රෝගය සමග ජීවත් වෙති. 2001 වසරේ සිට 2010 වසර වන විට ඇමරිකානු දරුවන් අතර ඔටිසම් රෝගයේ ව්‍යාප්තිය සියයට එකසිය දහනවයකින් වැඩි වී තිබේ. ලංකාවේ පවා ඔටිසම් දරුවෝ දහස් ගණනක් වෙති. ඔටිසම් රෝගය සුවකළ නොහැකි දෙයක් නොවේ. කුඩා කාලයේදීම රෝගය හඳුනාගෙන නිසි චිකිත්සාවන් ලබාදෙන්නේ නම් වැඩිහිටි විය හෝ තරුණ වියට ළං වන විට රෝගය මුලුමනින්ම අතුරුදන් වී යන්නට පවා ඉඩ තිබේ. මෙහිදී තීරණාත්මකම සාධකය වන්නේ සිය පවුල තුළින් ඔවුන්ට ලැබෙන සහයෝගයයි. නමුත් එසේ නොවන්නේ නම් ඔවුන් සිය ජීවිත කාලයම රෝගය සමග ගත කළ යුතුය. මෙහි තිබෙන හොඳ පැත්ත වන්නේ, ඔටිසම් දරුවන් සමාජය සමග සම්බන්ධතා පවත්වන්නට මැලිවීම තූළ ඔවුන් තමන්ගේම ලෝකයක තනි වන අසාමාන්‍ය දක්ෂයන් බවට පත්වීමයි. උදාහරණයක් වශයෙන් අද්වීතිීය සංගීත හැකියාවක් තිබූ මොසාට් කුඩා කල ඔටිසම් රෝගියෙකි. ඇමරිකාවේ සුපිරි සිනමා අධ්යක්ෂ, නළු ටිම් බර්ටන් ද කුඩාකල ඔටිසම් තත්වයෙන් පෙලුණු අයෙකි. සිය පුතා බැරන් හුදෙකලාව කල් ගත කිරීමට කැමති බවත්, ඔහුගේ පරිගණක සහ ගණිත දැනුම අති විශිෂ්ට බවත් මලානියා ට්‍රම්ප් කියා තිබෙන්නේ වරක් දෙවරක් නොවේ.!!
නමුත් මතුයම් දිනෙක ඇතැම්විට ට්‍රම්ප් මේ ගැන වඩාත් විවෘතව කතා කරන්නට ඉඩ තිබේ. සිය බාල පුතාගේ සෞඛ්‍ය තත්වය ඇසුරෙන් ලෝකය වඩා යහපත් තැනක් වෙත ගෙන යන්නට පුලුවන් බව ඔහු කල්පනා කරන්නට ඉඩ තිබේ. උදාහරණයක් වශයෙන් මේ වන විට ඇමරිකාව සිය පුරවැසියන්ට ඔටිසම් රෝගය ආශ්රිත සෞඛ්‍ය සේවාවන් සැපයීම පිණිස වසරකට ඩොලර් බිලියන 236-262 ත් අතර මුදලක් වැය කරමින් සිටී. මේ අතරින් ඩොලර් බිලියන 200කට ආසන්න මුදලක් වැයවන්නේ ඔටිසම් රෝගයෙන් පෙළෙන වැඩිහිටියන්ට සෞඛ්‍ය සේවාවන් සැපයීම පිණිස ය. දරුවන් සඳහා ඉතිරි ප්‍රමාණය වැය කරයි. ඉතින් ඩොනල්ඞ් ට්‍රම්ප් ට සිය අමන කම අඩුකරගෙන ලිබරල් සහ මධ්‍යස්ථ මිනිසෙක් බවට පත්වන්නට මෙය හේතුවක් කර ගත නොහැකිද? ඔහු කළ යුතුව තිබෙන්නේ ඔබාමා කෙයා වැනි සෞඛ්‍ය රක්ෂණ ක්‍රම කප්පාදු කිරීම නොව ඒවා තව තවත් සවිබල ගන්වමින් ඒ පිළිබඳ සමාජ කතිකාවතක් නිර්මාණය කිරීම ය.
අවුරුදු දහයේ පුංචි බැරන්, මේ අන්දමින්වත් රෝගය දරාගෙන, ඔටිසම් දරුවන් ඇතැම්විට කරන පරිදි කෝපය ඉහවහා ගොස් යකා නටන්නේ නැතිව සිය තාත්තා වෙනුවෙන් ඉවසාගෙන සිටීම තුළින්ම මේ දරුවා කොතරම් බුද්ධිමත් සහ ඉවසනසුලු චරිතයක් ද යන්න ද පැහැදිලි වේ.
අනෙක් අතට මෙහිදී ට්‍රම්ප් ලංකාවේ ට්රම්පච්චීලාගෙන් වෙනස් වන්නේ, ඔහු සිය පුතුගේ රෝගී තත්වය මේ තීරණාත්මක මැතිවරණයේ කිසිම අවස්ථාවකදී විකුණුවේ නැති නිසා ය. එනම් තවත් ඡන්ද ප්‍රමාණයක් කඩාවඩා ගැනීම සඳහා පාවිච්චි කළේ නැති නිසා ය. ඔහු මේ ගැන වක්‍රාකාරව කතා කර තිබෙන බව පෙනී යන්නේ ද මේ කරුණ පිළිබඳව ම කරුණු සොයාබලන විට පමණි. එහිදී පෙනී යන පරිදි ඩොනල්ඞ් ට්‍රම්ප් ඔටිසම් ගැන සහ ඔටිසම් නිට්ටාවට සුව කර එන්නත් ගැන බෙහෙවින් බලාපොරොත්තු සහගත ලෙස කතා කර තිබේ. ඒ ගැන ට්විටර් සටහන් ද තබා තිබේ. වරක් ඔහු විවාදයකදී පැවසුවේ ‘ඔටිසම් වසංගතයක් බවට පත්වෙලා. අවුරුදු විසිපහකට තිහකට කලින් සංඛ්‍යාලේඛණ දිහා බලද්දි එහෙම දෙයක් තිබුණෙ නෑ, මම දැකල තියෙනවා... මම දැකල තියෙනවා, අවුරුදු දෙකේ තුනේ දරුවො.. හරි ලස්සන දරුවො එකපාරටම ඔටිසම් තත්වයට පත්වෙනවා....!!” නමුත් ඒ කිසිම විටෙක තමන් මේ කතා කරන්නේ තමන්ගේ දරුවා ගැන යැයි ඔහු යන්තමින්වත් ඇඟවීමක් කළේ නැත. ඒ සම්බන්ධයෙන් නම් අප තුළ ට්‍රම්ප් ගැන පවතින්නේ සියුම් ඇගයීමකි. අනෙක් අතට අපට ට්‍රම්ප් ගැන තිබෙන විරෝධය ඔහු ගේ අමන කම් ඇසුරෙන් පැන නගින ක්රමවිරෝධයක් මිස පුද්ගල විරෝධයක් නොවේ. එය ඔහුගේ අපරිණත දේශපාලනය සහ ලිබරල් නොවන මතවාද නිසා ලොවක් බෙදී-රටක් නැසෙන අයුරු ගැන සාධාරණ කෝපයකි. ඒ හැර ‘තොපි වගේ එවුන්ට මෙහෙම වෙන්ඩ ඕනෙ. හොඳ වැඬේ.. ඕක තමයි කියන්නෙ දරුවෙකුට හරි පටිසන් දෙනව කියලා..’ වැනි තිරිසන්-පටු ආකල්පයක් අපට නැත. කිව යුතුව තිබෙන්නේ මෙම වීඩියෝව දැකීමෙන් අප කම්පනයකට ලක්වූ බවයි. ට්‍රම්ප් ද තාත්තා කෙනෙක් ය. ඔහු සිය දරුවා වෙනුවෙන් උපදින සහස් වේදනාවන් සුසුමින් සඟවාගෙන ජීවත් වෙන තවත් එක් පෘථග්ජන තාත්තා කෙනෙක් ය.
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
Comments
Post a Comment