syndicated from lankadaily,
මහජන බැංකුවේ කීර්තිනාමයට හානිකර එය බිඳ දැමීමට මුල්‍ය සමාගම් මාෆියාව දියත්කර ඇති කුමන්ත්‍රණයට ජනතා විමුක්ති පෙරමුණ සෘජුවම සහය පළකර ඇති බව බැංකු වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් චෝදනා කර සිටියි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ මීට පෙර රාජ්‍ය ආයතන සම්බන්ධ ප්‍රශ්න වලදී ජවිපෙ රාජ්‍ය ආයතනය රැක ගැනීමට මිස පෞද්ගලික ව්‍යාපාරික අපේක්ෂා වෙනුවෙන් කටයුතු නොකළ බවත් නමුත් මේ වන විට ඉතා පැහැදිළිව ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් මෙරට ශක්තිමත්ම රාජ්‍ය බැංකුව අවදානමේ දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටුකරණ බවය.
ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අප වෙත වාර්තා වෙමින් ඇත. ඉදිරියේදී අප ඒවා නම් ගම් සහිතව පළකරන්නට බලාපොරොත්තු වෙමු. ඒ වෙනුවෙන් ආරම්භයක් ලෙස මේ වන විට මහජන බැංකුව බිඳ දැමීමට අදාළව දියත්ව ඇති මෙහෙයුමේ පළමු කොටස මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.
ධම්මිකගේ ජොකියා මුසම්මිල්ගේ පුතා
මහජන බැංකුව බිඳ දැමීම වෙනුවෙන් ව්‍යාපාරික මාෆියාව පියවරක් ඉදිරියට තබා කටයුතු කරන්න වැඩ අල්ලන්නේ මහජන බැංකුව මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කිරීමත් සමඟය. මහජන බැංකුවේ යෝජිත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මඟින් මෙරට නව තාක්ෂණය අතින් අංක එකේ බැංකුව හා වඩාත් කඩිනම් බැංකු සේවාව බවට මහජන බැංකුව පත්වේ.
ඒ අදාළ ව්‍යාපෘතිය නිසි කාලසීමාව තුළ සිදුකරගත හොත් එම බැංකුව සමග සම තරගකාරීත්වයක සිටින පෞද්ගලික මුල්‍ය ආයතන පත්වන දුෂ්කරතාවය සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවය. ඒ සඳහා ඔවුන් යොදාගත් පළමු ජොකියා වන්නේ කොළඹ නගරාධිපති එම්.ජේ.එම්. මුසම්මිල්ගේ පුතාය. එම් හිෂාම් ජමල්දීන් නම් ඔහු මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරයි. එසේම ධම්මික පෙරේරා නම් කෝටිපති ව්‍යාපාරිකයාට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි හේලීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයද නියෝජනය කරයි. දැනට ලංකාවේ තාක්ෂණික වශයෙන් ඉහළ සේවාවක් ලබා දෙන්නේ ධම්මික පෙරේරාට විශාල කොටස් ප්‍රමාණායක් ඇති හා ඔහු සභාපතිත්වය ඉසිලු සම්පත් බැංකුවය. මේ නිසා මහජන බැංකුවේ නව්‍ය වෙනසත් සමඟ සම්පත් බැංකුවට පහර වැදීම නිතැතින්ම සිදුවේ.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ පිළිබඳ අවධානයෙන් සිටි ව්‍යාපාරික මාෆියාව ඒ වෙනුවෙන් පොටක් පාදා ගන්නේ මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් අවශ්‍ය දෘඩාංග මිලදී ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමේ අවස්ථාවය. එහිදී කරලියට එන මුසම්මිල් පුතා අදාළ ටෙන්ඩරය පිරිනමන ආකාරය දෝෂ සහිත බව පවසා ඊට විරෝධය පළකර ඇත. එම විරෝධය සලකා බලන මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විශේෂඥ නිර්දේශ ඇතුලත් වාර්තාවක් කැඳවීම සඳහා ටෙන්ඩරය ලබාදීමේ තීරණය කල් දැමීමට තීරණය කර ඇත.
සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකුවක වේවා මුල්‍ය ආයතනයකට එහි කීර්තිනාමය රැකගැනීමේ වැදගත් කම අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් මෙහිදී මුසම්මිල් පුතා හැසිරෙන්නේ ඒ බව හාන්කවිසියක් නොදන්නා තොත්ත බබෙකු විලසින්ය. අධ්‍යක්ෂ මණ්ඩල තීරණය නොමැතිව මුසම්මිල් පුතා ඇතුළුව තවත් එක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ විරෝධය, "මහජන බැංකුවේ රුපියල් කෝටි 70 ක මුල්‍ය වංචාවක්" මැයෙන් ඊට පසුදින ටිරාන් අලස් ගේ 'මව්බිම' පුවත්පතේ මුල් පිටුවේ පුවතක් වන්නේ ඒ අනුවය.
ජවිපෙ වසන්තගේ 'සුද්ධ' වූ වගකීම
සැබවින්ම මිලියන 13 ක තැම්පත්කරුවන් සිටින රාජ්‍ය අංශයේ බැංකුවක් බිඳදමා ඒ තුළ මුල්‍ය මාෆියාවේ අවශ්‍යතා ඉටුකරන ඒ පව්කාර මල් වට්ටියට වෙනත් කිසිඳු මාධ්‍යක් කරගසන්නේ නැත. ඒ පුවත පලකිරීම වෙනුවෙන් මුසම්මිල්ලා සම්බන්ධතාව ගොඩනගාගෙන ඇති ආකාරය අප වෙත වාර්තා වී ඇත. ඊට අනුව නම් ඒ මව්බිම ප්‍රධාන කර්තෘ තුෂාර සමඟ මුසම්මිල්ගේ ඇති හිතවත් කමය. අනෙක් අතට මහජන බැංකුවට මඩ ගැසීමේ කොන්තාරාත්තුව තුෂාර දෙගිඩියාවකින් තොරව භාරගන්නේ ඒ වන විටත් මහජන බැංකුව, 'මව්බිම' පුවත්පත ඉල්ලන තරමට වෙළඳ දැන්වීම් ලබාදීම ප්‍රතික්ෂේප කරතිබූ කාරණයය.
තුෂාර මාධ්‍ය කොන්ත්‍රාත්තුව බාරගෙන එය ඉටුකරන්නට කටයුතු කරන අතර තුර එහි ඇත්ත නැත්ත පළකිරීමට තවත් මාධ්‍ය මැදිහත් විය. ඒ අතර 'දිවයින' පුවත්පත සහ 'සත්හඬ' පුවත්පත ප්‍රමුඛ විය. ඒ ඔස්සේ සිදුකල හෙළිදරව් හේතුවෙන් සිය මඩ මාධ්‍ය මෙහෙයුම අර්බුදයට යෑම නිසා අසරණ වන තුෂාරට ඒ මොහොතේ සරණ වන්නේ ජනතා විමුක්ති පෙරමුණය. එහි දුෂණ විරෝධී ජහුට වෙත පණපොවන වසන්ත සමරසිංහ එතැන් මේ පව් කන්දට කර ගසයි. ඒද නිකම් නොව මහජන බැංකුවේ කෝටි 70 මුල්‍ය වංචාවක් ගැන පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ද පැමිණිලි කරන බවට පාරම්බාමින්ය.
ඇත්තටම නම් පෙනුමෙන් මෙය තුෂාරගේ මාධ්‍ය සත්කාරයට වසන්ත උරදීමක් ලෙස පෙනී ගියත් ඊට එහා ගිය සම්බන්ධයක් වසන්තලාගේ පක්ෂයට සහ මුල්‍ය මාෆියාවේ කෙරුමන් සමඟ ඇත. විශේෂයෙන් මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීම තුළ බරපතල අර්බුදයකට ගමන් කරන ධම්මික පෙරේරාගේ සම්පත් බැංකුව හා අනෙකුත් මුල්‍ය සමාගම් රොත්ත රැක ගැනීම වෙනුවෙන් ශුද්ධ වූ වගකීමක් වසන්තලාගේ දේශපාලන ව්‍යාපාරයට ඇත. ඒ ගැන ඉදිරියේදී සවිස්තරාත්මකව අප හෙළිකරන්නට බලාපොරොත්තු වෙමු. ඒ බව කියවෙන ඊළඟ කොටස ඒ අනුව මීටත් වඩා රසවත් වනු ඇති අතර එතෙක් අප ජනතාවට දැනුම්දෙන්නේ මේ පත්තිනි අම්මලාගේ රෙදිවල ඇති තුත්තිරි ගැන ලියන තෙක් කලබලනොවී බලා සිටින ලෙසය.
ඒ කෝප් කමිටුවේ සභාපති පදක්කම බෙල්ලේ එල්ලා ගනිමින්ය. දැන් සුනිල් මහජන බැංකුවේ නිලධාරීන්ව එළඹෙන 22 වනදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. අප බලං සිටින්නේ එහිදී සුනිල් සහෝදරයා සියලු සාක්ෂි සමඟ මහජන බැංකුවේ නිලධාරීන්ගෙන් වැටෙන්න ප්‍රශ්න අසන තුරුය. එහෙත් ඒ අවස්ථාවද ප්‍රමාණවත් නොවන බව දැනුන නිසාදෝ ජවිපෙ නායකයාද දැන් කරළියට කැඳවන්න මෙරට මුල්‍ය මාෆියාව කටයුතු කර ඇත.
ඒ පාර්ලිමේන්තුවේ මේ කාරණය ප්‍රශ්න කරමින්ය. මාක්ස් ලෙනින් වාදී පක්ෂයක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ජවිපෙ අද ඒ පුවරුවටවත් තමන් නුසුදුසු බව ඔප්පු කරමින් සිටියී. ඊට ආසන්නතම සිදුවීමක් ලෙසද මහජන බැංකු ජහුටේ ජවිපෙ නායකයාගේ හැසිරීම පෙන්වා දෙන්නට පුළුවන. අද ධනපති බැංකුවක සිදුව ඇති වංචාවක් ගැන පාරම්බාන මේ නායකයා අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව බැංකුව විසින් සිදුකර ඇති කරුණු පැහැදිළිකිරීම ගැන කිසිඳු තැකීමක් කරන්නේ නැත. අවම වශයෙන් මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීම සම්බන්ධව සිදුකර ඇති මුලික වරදක් ඇතනම් ඒ කුමක්ද යන්නවත් තකන්නට අවශ්‍යතාවක් ඔහුට තිබී නැත. ඒ වෙනුවට ඔහුට ඇතිව ඇති ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ බැංකුව සම්බන්ධව තම පක්ෂයත්, රාඩා මුදල් වංචාවට චෝදනා ලබා සිටින ටිරාන් අලස්ගේ ගණිකාවක් බඳු පත්තර කඩමාල්ලත් එල්ල කරන චෝදනා සම්බන්ධව පිළිතුරු දෙමින් බැංකුව පළකළ ප්‍රසිද්ධ දැන්වීමය. ඒ දැන්වීම පදනම් කරගෙනවත් එයින් අනතුරුව ප්‍රශ්න කිරීමට හැකියාවක් මේ නඩයට තිබුණානම් ගැටළුවක් නැත. එහෙත් එවැනි හැකියාවක් මේ නඩයට නැති අතර හැමදාමත් එකම කතාව වචන වෙනස් කර හයියෙන් කියමින් සිටියී.
අපි මේ ගැන පුදුම නොවන්නේ ධම්මික පෙරේරාට අයත් රෝයල් සෙරමික් සමාගමෙන් නොමිලේ ලබාදුන් බිම් ඇතුරුම් ගඩොල් ඇති පක්ෂ මුලස්ථානයේ සිට මෙරට මුල්‍ය මාෆියාව ගැන කතා කරන්නට ඔවුන්ට හැකියාවක් නැති බව හොඳින්ම දන්නා නිසාය. අනෙක් අතට පක්ෂ නායකකම ලබාගැනීම වෙනුවෙන් මාධ්‍ය හරහා තමන්ව පුම්බා දැක්වූ ටිරාන්ගේ සහ කිලී මහරාජාගේ කෙරුවාවන් ගැන කතා කරන්නට තරම් ධෛර්යක් මේ නිර්ධන පන්තියේ පක්ෂයේ නායකයාට නැති වග හොඳින්ම අප දන්නා නිසාය. එසේම වසන්ත සුනිල් වැනි මහත්තරුද නායකයා තරම්ම සියඹලා ගෙනා මුදලාලිලා වී ඇති නිසා සුර්ය කෝෂ ව්‍යාපෘතිය මහරාජාගේ සහෝදරයාගේ ඔඩොක්කුවට වැටීම, ගල් අඟුරු ටෙන්ඩර් මගඩිය වැනි කාරනා ගැන කතා කිරීමට නොහැකි බව අප දන්නෙමු.
දගින් දිගටම පක්ෂය දේශපාලන පරාජයන් අත්පත් කර ගන්නා විට දේශපාලනයෙන් සමුගෙන විදෙස් ගතවීමට උත්සහ කළ උදවිය විප්ලවවාදී පක්ෂ වල නායකයන් බවට පත්වූ විට කොහොමටත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අපට පිස්සු විය යුතුය. එහෙත් අවාසනාව හැගීම් බරව දේශපාලනය කරන ජවිපෙ පහල පෙළ ඒ කිසිවක් නොදැන සිටීමය. අනෙක් අතට සමහර විට අයර්ලන්ත සංචාරයේ දී උගත් පශ්චාත් මාක්ස්වාදී න්‍යායක් හරහා දැන් පක්ෂය මෙහෙයවමින් සිටිනවාද විය හැකිය. එනිසා නොවෙන්න ශ්‍රී ලංකා ආර්ථික සමුලුව 2016 අමතමින් ජවිපෙ නායක සහෝදරයා කළ කතා තේරුම් ගන්නට මාක්ස්වාදයෙන් හෝ ලෙනින්ගේ තිසීස් වලින් හැකියාවක් නැත.
"පාඩු ලබන රාජ්‍ය ආයතනවල ණය බරට ආන්ඩුව කර නොගසනතාක් දුරට, ඒවා විකුනා දැමීම සඳහා තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බව", "අතීතයේදී විදුලි සංදේශ දොර්තමේන්තුව සාර්ථකව පුද්ගලීකරනය කරන ලද අවස්ථාව හැර අනෙකුත් සියලු පුද්ගලීකරන වැඩසටහන් අපේක්ෂිත ප්‍රතිපල ලබා නොදුන් නිසා ජනතාව අතර පෞද්ගලිකකරණය සම්බන්ධව සාධාරණ බියක් ඇත", වැනි ප්‍රකාශ ඒ වෙනුවෙන් නිදර්ශන ලෙස ඉදිරිපත් කරන්නට හැකිය. අනෙක් අතට පක්ෂයේ පැහැය රෝසපාට කරමින් පසුගිය වසරේ පාර්ලිමේන්තු මැතිවරනයට ඉදිරිපත් කල ජවිපෙ මැතිවරන ප්‍රකාශනය අනුවද මහා ව්‍යාපාර ඉලක්ක කොට සකස් කළා මිස නිර්ධන පන්තියට විමුක්තිය සළසන සමාජවාදී සමාජ විප්ලවය සිදුකරන්නට කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලෙස සලකන්නට නොහැකිය. ඊටත් වඩා ඉල ඇදෙන මාරාන්තික විහිලුව වන්නේ පක්ෂ සාමාජිකයන් නොමග යවමින් ඊට නවීන සමාජවාදය කියා නමක්ද ලබාදීමය.
ඒ පසුබිමේ මේ සෙල්ලම් විප්ලව සේනලට අප මහජන බැංකුවේ සිදුව ඇති බව කියන වංචාව පහත කාරනා මතවත් ඔප්පු කරන ලෙස අභියෝග කරන්නෙමු.
1.මහජන බැංකුව දැනට භාවිතා කරන මෘදුකාංග පද්ධතියම වැඩිදියුණු කර ඩිජිටල්කරණය සඳහා යොදාගැනීමට අදාළව ගෙන ඇති තීරණය වැරදිද?
2.ඒ සඳහා සිල්වර්ලේක් ආයතනය හැර වෙනත් ආයතනයක් යෝදාගත්තානම් මීට අඩු මුදලකට එය සිදුකර ගැනීමට අවස්ථාව තිබුණාද?
3.නවීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය IBM පදනමක් බවට සිල්වර්ලේක් ආයතනය කර ඇති නිර්දේශයේ ගැටළුවක් තිබේද?
4.දෘඩාංග මිලදී ගැනීම සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීමට මහජන බැංකුව ටෙන්ඩර් කැඳවීමේදී පක්ෂපාතීව කටයුතු කර තිබේද? එසේනම් ඒ කෙසේද?
5. අදාල මිල ගණන් ඉදිරිපත් කරනු ලැබූ සැපයුම්කරුවා IBM විසින් නිර්දේශ කර නොමැති අයෙක්ද?
6. එම සැපයුම්කාර ආයතනය මීට පෙර බැංකුවේ මෙවැනි කටයුතු වලට සම්බන්ධවී නැතිද?
7. එම සැපයුම්කාර ආයතනය හැර ඊට අඩු මුදලකට සැපයීම් කළහැකි සමාගමක් තිබේද?
8. එවැන්නක් තිබුණා නම් ඔවුන් අදාළ කාලය තුළ ඒ සඳහා මිල ගණන් ඉදිරපත් කර නැත්තේ මොකද?
9.මහජන බැංකුව වෙනුවෙන් මෙහි තාක්ෂණික කටයුතු සඳහා සහභාගී වූ අයට ඒ සඳහා සුදුසුකම් නැතිද?
10.අදාළ සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබාදීමට එරෙහිවූ මහජන බැංකු අධ්‍යක්ෂවරයා කාගේ කව්ද?
11.ඔහුගේ ව්‍යාපාරික සබඳතා මොනවාද?
12. මෙම ටෙන්ඩර් ගනුදෙනුව සිදුවන්නට පෙර මුසම්මිල් සහ පුතා අදාළ සැපයුම්කරුවන් ඇමතීමට උත්සහකර තිබෙනවාද? එසේනම් ඒ ඇයි?
2.ඒ සඳහා සිල්වර්ලේක් ආයතනය හැර වෙනත් ආයතනයක් යෝදාගත්තානම් මීට අඩු මුදලකට එය සිදුකර ගැනීමට අවස්ථාව තිබුණාද?
3.නවීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය IBM පදනමක් බවට සිල්වර්ලේක් ආයතනය කර ඇති නිර්දේශයේ ගැටළුවක් තිබේද?
4.දෘඩාංග මිලදී ගැනීම සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීමට මහජන බැංකුව ටෙන්ඩර් කැඳවීමේදී පක්ෂපාතීව කටයුතු කර තිබේද? එසේනම් ඒ කෙසේද?
5. අදාල මිල ගණන් ඉදිරිපත් කරනු ලැබූ සැපයුම්කරුවා IBM විසින් නිර්දේශ කර නොමැති අයෙක්ද?
6. එම සැපයුම්කාර ආයතනය මීට පෙර බැංකුවේ මෙවැනි කටයුතු වලට සම්බන්ධවී නැතිද?
7. එම සැපයුම්කාර ආයතනය හැර ඊට අඩු මුදලකට සැපයීම් කළහැකි සමාගමක් තිබේද?
8. එවැන්නක් තිබුණා නම් ඔවුන් අදාළ කාලය තුළ ඒ සඳහා මිල ගණන් ඉදිරපත් කර නැත්තේ මොකද?
9.මහජන බැංකුව වෙනුවෙන් මෙහි තාක්ෂණික කටයුතු සඳහා සහභාගී වූ අයට ඒ සඳහා සුදුසුකම් නැතිද?
10.අදාළ සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබාදීමට එරෙහිවූ මහජන බැංකු අධ්‍යක්ෂවරයා කාගේ කව්ද?
11.ඔහුගේ ව්‍යාපාරික සබඳතා මොනවාද?
12. මෙම ටෙන්ඩර් ගනුදෙනුව සිදුවන්නට පෙර මුසම්මිල් සහ පුතා අදාළ සැපයුම්කරුවන් ඇමතීමට උත්සහකර තිබෙනවාද? එසේනම් ඒ ඇයි?
මෙවැනි ප්‍රශ්න සමුහයක් අපට මුල්‍ය මාෆියාව සමඟ නිදිවැද සිටින ජවිපෙ ඊනියා දුෂණ විරෝධීන්ට ඉදිරිපත් කරන්නට පුළුවන. ඒ නමුත් අප අභියෝග කරන්නේ හැකිනම් මේ ප්‍රශ්න පෙළටවත් උත්තර දෙන්නට ඉදිරිපත් වන ලෙසය.
Comments
Post a Comment