Syndicated from ravaya,
මනුවර්ණගේ සතිය මහින්ද රාජපක්‍ෂ මහතාට මේ සතියේ අවුරුදු හැත්තෑව පිරුණි. 69වැනි අවුරුද්දත් 70වැනි අවුරුද්දත් අතර වෙනස කෙතරම්දැ’යි ඔහුට පහුගිය දිනවල කල්පනා වන්නට ඇත. යම් හෙයකින් ඔහු බලාපොරොත්තුව සිටිය ආකාරයට 70වැනි ජන්ම දිනයේත් ජනාධිපතිව හිටියා නම්, මේ දිනවල ඔහුටත් රටටත්, ඔහුගේ ගජමිතුරන්ටත් රජමඟුල්ය. ආගමික පුද පූජා ඉවරයක් නැත. රාජ්‍ය උත්සව ඉවරයක් නැත. ආණ්ඩුවේ මුදල් වියදම් කර මහින්දට සුබපතා පළකරන දැන්වීම්වලින් පත්තර පිටු පිරී යනු ඇත. ඒ දැන්වීම්වල කොමිස් මුදල්වලින් එම ආණ්ඩුවේ ආයතනවල නිලධාරීන්ගේ සාක්කුද යහමින් පිරී යනු ඇත. (මේ කාලයේ මහින්ද රාජපක්‍ෂගේ ආශ්චර්යය ගැන පත්තරවලට ලියන මහත්මයෙක්, ඒ කාලයේ ආර්ථික සංවර්ධනයට සම්බන්ධ අමාත්‍යාංශයක සේවය කරද්දී එම අමාත්‍යාංශයෙන් මාධ්‍ය වලට දෙන හැම දැන්වීමකින්ම අඩු ගණනේ සියයට පහක කොමිස් මුදලක් ප‍්‍රසිද්ධියේම තමාට ලබාගත්තේය.) දැන් ඒ කිසිවක් නැත. බලය අහිමිවීමෙන් හුදෙකලාව ඉන්නා මහින්දට වගේම ඔහු වටා සිටි ගජමිතුරන්ටද දැන් අත්වී ඇත්තේ නරක කාලයකි. බලය අහිමිවූ වහාම තංගල්ලට මහින්ද බලන්නට බස් ගණන් පිරී ආ ජනතාවද දැන් නැත. ඒ කාලයේ කීවේ කිසිම පරාජය වුණු නායකයකුට මේ තරම් ජන හරසරක් ලැබී නැති බවය. එහෙත් ඒවා තාවකාලික බව දන්නෝ දැනසිටියහ. මේ ආකාරයෙන් එක්තරා ආකාරයකට සමාජයෙන් කොන් වී සිටින මහින්ද රාජපක්‍ෂ මහතා මානසිකව දුර්වල වන විට ශාරීරිකවද දුර්වල වන්නේය. එය මිනිස් ස්වභාවයයි. රටේ රජකු ලෙස සිටි මානසිකත්වය නැති වන විට, ශරීරයටද එය බලපායි. එහෙම වන විට ශරීරයේ නිදන්ගත අතුරු අන්තරාද හිස ඔසවන්නට බලයි. බලය ඇති කාලයේ මහින්ද පෙන්නුම් කරන ලද්දේ ශාරීරික ව්‍යායාම්වල යහමින් යෙදෙන, සෞඛ්‍ය සම්පන්න දැවැන්ත පෞරුෂයකින් යුත් කෙනෙකු ලෙසය. එහෙත්, දැන් ඔහුගේ හැසිරීම ඒ සියල්ලටම පරස්පරය. මහජනයා ඉදිරියේ දැන් පෙනීසිටින ඔහුගේ ශරීර භාෂාව ප‍්‍රකට කරන්නේ, ඔහු වනාහි කිසියම් පිරිසක් විසින් අමාරුවෙන් ඔසොවාගෙන යන ශරීර කූඩුවක් පමණක් බවය. ඔහුට වැඩි වේලාවක් සිටගෙන ඉන්නට බැරිය. බිම ඉඳගන්නට බැරිය. අන් අය විසින් අධ්‍යක්‍ෂණය කරන තිරනාටකයකට අනුව දුබල සිරුරකින් යුතුව පෙනීසිටීම පමණක් ඔහු කරනු පෙනේ. මේ හුදෙක් මහින්දට පමණක් විය හැකි දේ නොවේ. ඔහුගේ තත්ත්වයට පත්වන ලෝකයේ ඕනෑම බලවත් පුද්ගලයකුට අත්විය හැකි සාමාන්‍ය ඉරණමේ කතාවයි. මහින්ද රාජපක්‍ෂ මහතාට සමීප අයට වුවමනා වී ඇත්තේ එක් අතකින් මේ අසහනකාරී තත්ත්වයෙන් ඔහු මුදවා තැබීමයි. ඒ සඳහා ඔහු මුල්කොට ගත් පිංකම්, උත්සව, දේශපාලන රැුස්වීම් ආදිය සංවිධානය කෙරෙයි. 70වැනි ජන්ම දිනයට ටිකක් ලොකු උත්සවයක් සංවිධානය කැරුණේද ඒ සඳහාය. එහෙත්, මහින්ද රාජපක්‍ෂට ඒ වෙනස නොදැනෙන්නට නොහැකි යාවක් නැත. ඔහු පළපුරුදු දේශපාලකයෙකි. අත් දැකීමෙන් බොහෝ දේ උගත් කෙනෙකි. මේ නිසා, තමාට අත්වී ඇති ඉරණම මේ සුළු පන්නයේ වැඩවලින් මගහරවා ගත නොහැකි බව ඔහු දනියි. එහෙත්, තමාට එසේ නොවීයැ’යි සිතන්නට බලකරන ඔහුගේ ඇතුළාන්තය විසින්ම දැන දැනම මේ සාටෝපයන් සතුටින් විඳින්නටද බලකෙරෙයි. කොහොම වුණත්, රාජපක්‍ෂ හිතවත් මාධ්‍ය ආයතන කිහිපයකින් ලබාදුන් සුළු ප‍්‍රචාරයක් හැරෙන්නට, ආණ්ඩුවේ වියදමින් ලංකාවේම උපන්දින මඟුලක් විය හැකිව තිබූ පුද්ගලයකුගේ උපන්දිනයක් කිසිම ලකයක් නැතිව ගෙවී ගියේය. මොනවා වුණත් එය රට පැත්තෙන් හොඳය. සෝභිත හාමුදුරුවන් අසනීපව සිටින කාලයේ මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට එන ලෙස තමාට කතාකොට කී බව මහින්ද මාධ්‍යවලට කීවේය. එය අමූලික බොරුවකි. සෝභිත හිමියන් එවැනි කිසිම ආරාධනයක් නොකළ බව රෝහලේදී එහිමියන් ළඟ සිටි අය කියති. මහින්ද ඒ අසත්‍යය කීමෙන් බලාපොරොත්තු වූ දෙයක් තිබේ. එනම්, ජනවාරි 8වැනිදා කළ වෙනස ගැන සෝභිත හිමියන් බලවත් ලෙස කලකිරී සිටි බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස තමන් සමග යළිත් එකතු වන්නට උන්වහන්සේ තුළ හැඟීමක් තිබියා වන්නට පුළුවන් බවත්ය. පහුගිය කාලයේ සිදුවූ දේවල් ගැන සෝභිත හිමියන් කලකිරීමෙන් සිටියාය යන්න බොරුවක් නොවේ. එය සෝභිත හිමියන් තුළ පමණක් පැවැති හැඟීමක්ද නොවේ. ජනවාරි 8දාත්, අගෝස්තු 17දාත් වෙනසට දායක වූ සියල්ලන් තුළම අඩුවැඩි වශයෙන් දැන් වැඩ කෙරෙන ආකාරය ගැන ඇත්තේ කනස්සල්ලකි. එහෙත් ඒ කනස්සල්ලෙන්, නැවත මහින්ද ජනාධිපති පුටුවේ හිඳුවීමේ වුවමනාවක් ප‍්‍රකට නොකෙරේ. වර්තමාන ආණ්ඩුවේ කවර අඩුපාඩු තිබුණත් නැවතත් ජනවාරි 8වැනිදාට පෙර තත්ත්වයට රට ආපස්සට ඇදගෙන යන්නට ඒ වෙනසට දායක වූ කිසිවකුට වුවමනාවක් නැති බව නම් ඉර හඳ සේ ප‍්‍රත්‍යක්‍ෂය. ඒ වෙනස ඇතිකළවුන් සිතන්නේ දැන් තමන් ගෙඟ් සැලකිය යුතු දුරක් පිහිනා ඇති බැවින් ඉතිරි ටිකත් පිහිනා ගෙඟන් එතෙර වනවා විනා ආපස්සට හැරී යෑමක් නැති බවය. ඒ නිසා සෝභිත හිමියන්ගේ කලකිරීම මහින්ද රාජපක්‍ෂට වූ වාසියක් ලෙස හුවා දැක්වීම දේශපාලන කපටිකමකට වඩා දෙයක් නොවේ. කනගාටුවට කරුණ නම්, සෝභිත හිමියන්ගේ කලකිරීම හා මරණය පවා මහින්ද තමාගේ නග්න දේශපාලන ප‍්‍රයෝග සඳහා පාවිච්චි කිරීමය. සෝභිත හිමියන් දැන් ජීවතුන් අතර නැති නිසා පිළිතුරු දෙන්නට හැකියාවක් නැති බැවින් ඕනෑම බොරුවක් ඒ සම්බන්ධයෙන් ගොතන්නට පුළුවන් බව ඔහු සිතනවා විය යුතුය. පසුගිය කාලයේ රටේ පැවැති යුද්ධය ජයග‍්‍රහණය කිරීම ගැන සම්පූර්ණ ගෞරවයම තමන්ගේ සන්තකයට ලියාගත්තේ මහින්දත් ගෝඨාභයත්ය. අඩු ගණනේ සරත් ෆොන්සේකා වත් ඒ වීරයන්ගේ ගොඩට දාන්නට ඔවුන් ඉඩ දුන්නේ නැත. පසුගිය කාලයේ සිදුවූ ඊනියා සංවර්ධනයේ නියමුවන් ලෙස ලියාපදිංචි වූවෝද ඔවුහුමය. ඒ අනුව, ගෞරවාන්විත යැයි පෙනෙන සියලූම දේවල් තමන්ගේ නමට ලියාගන්නට රාජපක්‍ෂවරු දක්‍ෂය. එහෙත්, ඔවුන්ගේ අණ ඉටුකරමින් හෝ ඔවුන් පහදවා ගැනීම සඳහා හෝ අනෙක් රාජ්‍ය නිලධාරීන් කළ වැඩ නිසා ඒ නිලධාරීන් අමාරුවේ වැටෙන විට ඒවා ඔවුන්ගේ ඉරණම ලෙස රාජපක්‍ෂවරුන් සලකන බව පෙනෙයි. ඒ හැම විටකදීම රාජපක්‍ෂවරුන් කරන්නේ අපි නම් ඕවාට නෑ න්‍යාය ඉදිරිපත් කරමින් ගැලවී සිටීමට වෙර දැරීමය. උදාහරණයක් හැටියට රාජපක්‍ෂ දිනවීමේ ව්‍යාපෘතියට කෝටි ගණන් රජයේ මුදල් වැයකොට සිල් රෙදි බෙදාදීමේ වරදට ලලිත් වීරතුංග අධිකරණයට යනවිට ඒ කාරිය ඔහු කළේ තමාගේ වාසිය සඳහායැ’යි කියමින් අඩු ගණනේ සදාචාරාත්මක පෙනීසිටීමක් කරන්නටවත් මහින්ද ඉදිරියට එන්නේ නැත. තමන් වෙනුවෙන් අනෙකා කරදරයට පත්වන විට ඔවුන්ගේ පුරුද්ද අහක බලාගැනීමයි. පසුගිය කාලයේ පෙන්වූ අන්දමට ඔහු නියම වීරයකු නම්, ගෞරවයේදීත් අව මානයේදීත් එක ලෙස නොසැලී පෙනීසිටින්නට හැකියාවක් තිබිය යුතුය. තමන් වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම්වලට මුදල් නොගෙවා ප‍්‍රචාරය කිරීම ගැන චෝදනා එල්ලවද්දී ඔහු කීවේ ඒවා පක්‍ෂය විසින් ගෙවිය යුතු බවය. යුද්ධයේ වීරයා, වැරදිවලින් අතහෝදාගන්නේ එලෙසය. එහෙත්, පසුගියදා පෝස්ටර් ගසා තිබුණේ, ‘වීරයාගේ උපන්දිනය’ කියාය. මේ වැඩවලින් පෙනෙන්නේ වීරයා කිව්වාට එහෙමමත් නැති බවය. මුල්ලෙ වයික්කාල්වල යුද බිමේදී මියගිය ප‍්‍රභාකරන් සැඟවී සිටි බංකරයත් කොළඹ රජගෙදර සුඛෝපභෝගී උමං මාලිගාවත් ඒ වෙනස පෙන්වා දෙයි. දැන් මහින්දට වයස 70කි. තවත් අවුරුදු පහක් යනතුරු ජනාධිපති වරණයක්වත්, මහමැති වරණයක්වත් නොපැවැත් වෙයි. ඒ නිසා මහින්ද චරිතය ඔසොවා තබන්නට දේශපාලන වේදිකාවක් ඒ කාලය තුළ ඉදිවන්නේ නැත. තවත් අවුරුදු පහකින් එන මැතිවරණද, ජයග‍්‍රහණය කරන්නට අවශ්‍ය පසුතලය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාපයත්, මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රමුඛ ශ‍්‍රීලනිපයත් සකස් කරගනු ඇත. ඒ දෙපාර්ශ්වය තුළම මහින්ද කෙනෙක් නැත. එහි තේරුම තවත් අවුරුදු පහකින් පසුව වුවද මහින්දට දේශපාලන වේදිකාවක් නොසෑදෙන බවය. ඒ වනවිට අවුරුදු 75ක වයෝවෘද්ධයකු වන ඔහුට ඒ අවස්ථාවත් මඟහැරීමෙන් සිදුවන්නේ සදාකාලිකව දේශපාලනයේ ඉඩ අහිමිවීමක් බව පැහැදිලිය. ඒ විදියට බැලූ විට මහින්ද රාජපක්‍ෂට දේශපාලන අනාගතයක් නැත. එළැඹෙන පළාත් පාලන ඡුන්ද විමසීම්වලදී ශ‍්‍රීලනිප නායකත්වය ගන්නේ මහින්දද මෛත‍්‍රීපාලද යන්නද වැදගත් නැත. ඒ කවුරු හිටියත් ප‍්‍රතිඵලය එකය. නියමිතව ඇත්තේ ශ‍්‍රීලනිපය හා එජාපය අතර මේ පළාත් පාලන ආයතනවල බලය අඩුවැඩි වශයෙන් බෙදීයෑමටය. ඒකාබද්ධ විපක්‍ෂය යනුවෙන් ගොඩනැගී ඇති සන්ධානයට පළාත් පාලන මැතිවරණයේදී සාර්ථක වීමට ඉඩක් ඇත්තේ නැත. පක්‍ෂවලින් සැදුණායැ’යි කීවත් එහි ඇත්තේ පුද්ගල කිහිප දෙනකුගේ එකතුවක් පමණකි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ශක්තිමත් පක්‍ෂයක් නොවේ. බලවත් පක්‍ෂයක් සමග සන්ධානගතවී ඒ පක්‍ෂයේ ඡුන්දවලින් ටිකක් කඩාගන්නවා හැරෙන්නට වීරවංශගේ පක්‍ෂයට තනියෙන් හිටගන්නට හැකියාවක් නැත. ඒ තත්ත්වය වහගන්නට, දේශපේ‍්‍රමී බලවේග එක්ව සිටීම යුගයේ අවශ්‍යතාවයැ’යි කියමින් න්‍යායක් තනා ඔහුගේ පක්‍ෂය හැමදාම අනුන්ගේ ලැයිස්තුවලින් තමන්ගේ සාමාජිකයන් එකකු දෙන්නකු ඉදිරියට දමා ගත්තේය. පිවිතුරු හෙළ උරුමයේ ඉන්නේ උදය ගම්මන්පිළ විතරය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණත්, මහජන එක්සත් පෙරමුණත් සමන්විත වන්නේ වාසු දිනේෂ් හැරුණු විට තවත් විසි දෙනකුටත් අඩු කාඩරයකින් පමණක් බව පෙනෙයි. කොමියුනිස්ට් පක්‍ෂයත්, ලංකා සමසමාජ පක්‍ෂයත් ඒ ඉරණමේම කොටස් කරුවෝය. බලයත් සමග සිටින විට විවිධ වාසි ලබාගැනීම සඳහා තමන් වටා සිටි පුද්ගලයන්, බලය ගිලිහී ගියවිට නැති බව දැනටමත් මේ පක්‍ෂවල නායකයන්ට තේරී ඇතිවා විය හැකිය. මේ ආකාරයෙන් බලන විට පක්‍ෂ නොවන හුදු පුද්ගල බලවේග වන මේවාට දේශපාලන ස්ථාවරභාවයක් ඇතිකර ගැනීමට නම් බලවත් පක්‍ෂයක් සමග අත්වැල් බැඳගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙයි. අවාසනාවකට මෙන්, ඔවුන් සමග ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්නා ශ‍්‍රීලනිප කොටස්කාරයෝ එවැනි බලවත් බලවේගයක් නොවෙති. ඔවුන් ශ‍්‍රීලනිපයෙන් බිඳී සිටින ඉතුරුබිතුරු ටිකකි. පළාත් පාලන ඡුන්දය විධිමත්ව කැඳවූ විට, මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂය තුළ සිය බලය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා තවත් පියවර ගනු ඇත. විශේෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමේ බලය පැවරෙන්නේ ඔහුගේ පාර්ශ්වයටය. මැතිවරණ යකදී එය තීරණාත්මක බලයකි. ඒකාබද්ධ විපක්‍ෂය නම් අනාගතයක් නැති දේශපාලන බලවේගයක් නියෝජනය කරමින් ඉලක්කයක් නැති ගමනක් යනවාට වඩා, පක්‍ෂයේ ප‍්‍රධාන ප‍්‍රවාහය තුළ ගමන් කිරීම පළාත් පාලන ඡුන්දවලින් දේශපාලනයට පියවර තබන්නට බලාපොරොත්තු වන අංකුර දේශපාලකයන්ගේ හුරුවයි. මේ නිසා ස්වාභාවිකවම මෛත‍්‍රීගේ නායකත්වය ඇති ශ‍්‍රීලනිපය වෙත ඔවුන් නිරායාසයෙන්ම නැඹුරු වනු ඇත. ඒකාබද්ධ විපක්‍ෂය සමග පෙරමුණු ගැසීමට ඉතිරි වන්නේ ඒ ගමනත් යන්නට බැරි අතු කිනිති ටිකක්ය. ඒ නිසා එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ ගමනද තේරුමක් නැති එකකි. එහි නිල නොලත් නායකයා වන මහින්ද රාජපක්‍ෂගේ ඉරණමද එය මිස අනෙකක් නොවේ.

Comments
Post a Comment