Skip to main content
කහ උණ නිසා දෙමළ මිනිස්සු මහමඟට
Syndicated from ravaya.lk,
කේ.සංජීව
වෙනදාට මොන රාගලට ගිය විටෙක දැනෙන දාහය මේ දිනවල ඇඟට දැනෙන්නේ නැත. ශුෂ්ක කාලගුණයට තිත තබමින් මොනරාගලට වැසි සමය උදා වී ඇත. ඒ විටෙක මඳ පමණටය. තවත් විටෙක ගිඟුම් හඬ සමගින් මහ වැසි ලෙසටය. වැසි වැටුණත් වෙනදා පරිදිම මරගල කන්ද මොනරාගල නගරය දෙස බලා සිටින්නේය. එහෙත් මොනරාගල මරගල කන්ද නිජභූමිය කරගත් දෙමළ ප‍්‍රජාවට නම් මේ වැසි සමය එතරම් සුවදායක නැත. ඔවුන් දැන් කඳු මදුනේ සිට පහළ නගරයට බැලූම් හෙළන්නේ ද බිය රැුඳි දෙනෙතින්ය. පහළට යන්න වෙයිද? ගෙවල් දොරවල් නැති වෙයිද? ඒ ඔවුන්ගේ දැන් දෛනික ප‍්‍රශ්න කන්දය. පහළ මොනරාගල නගරයේ වෙළඳ ප‍්‍රජාව මෙන්ම බහුතර සිංහල ජනතාව ඈත මරගල කන්දේ දුෂ්කර ජීවිතයක් ගතකරන මේ වතු දෙමළ මිනිසුන්ට ප‍්‍රශ්න කන්දක් ගොඩගසා ඇත. දෛනිකව මරගල කන්දේ හැපුණ මේ මිනිසුන්ට මේ ප‍්‍රශ්න කන්ද පෙනෙන්නේ මහාමේරුව ලෙසටය. ඉතින් අපි ප‍්‍රශ්න කන්ද දකිනු රිසිව මරගල කන්ද තරණය කළෙමු.
කහ උණ
පසුගිය මාසයක දෙකක කාලයේ මොනරාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ විශේෂයෙන් මොනරාගල නාගරික සීමාව තුළ කහ උණ රෝගය ශීීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සිය ගණනකට අධික සිංහල රෝගීහු ප‍්‍රමාණයක් මොනරාගල රජයේ රෝහලට ඇතුල් කරන ලදහ. කහ උණ සුලබව මිනිසුන්ට වැළඳෙන්නේ පානීය ජලය මාර්ගයෙන්ය. ඒ බොහෝ දුරට ජලයට අසූචි මිශ‍්‍ර වීම නිසාය. මොනරාගල මෙම රෝග ව්‍යාප්තියට හේතුව ලෙස බොහෝ දෙනෙකු සැක පළ කළේද ඉහත තත්ත්වයමය. මොනරාගල නාගරික සීමාවට අවැසි පානීය ජලය සපයන්නේ මරගල කන්ද නැතිනම් ජීලෝන් කඳුවැටියේ ජල ප‍්‍රභවයකින්ය. ඒ ව්‍යාපෘති දෙකකිනි. එකක් ජල සම්පාදන මණ්ඩලය සතුය. එය අනෙකට වඩා විශාල ජල ව්‍යාපෘතිය වන අතර අනෙකුත් ව්‍යාපෘතිය වන්නේ මොනරාගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ගොඩනගන ලද ජල ව්‍යාපෘතියයි. ජල සම්පාදන මණ්ඩලය සතු ජීලෝන් ජල ව්‍යාපෘතියේ ඉතිහාසය 1986 තරම් ඈතට දිව යන බව පැවසෙයි. මෙම ජල ව්‍යාපෘති දෙකටම අදාළ ජලමූලාශ‍්‍ර පිහිටියේ වතු ලයින් කාමර පද්ධතියක් ආසන්නවය. එම වතු නිවාස පද්ධතියටම බද්ධ වැසිකිළි පද්ධතියට සමීපවය. මේ හේතුව නිසා මොනරාගල නගරයේ වෙළඳ ව්‍යාපාරික සිංහලයන් මෙන්ම මෙම කහ උණ රෝග ව්‍යාප්තියට විරුද්ධව හඬ නඟන බොහෝ දෙනෙකුගේ මතය මෙම ලයින් කාමර තුළ දිවි ගෙවන මිනිසුන්ගේ අසූචි මෙම ජල මූලාශ‍්‍ර වෙතට පහසුවෙන් එකතුවන බවය. තවත් සමහරෙකු චෝදනා කරන්නේ මෙම ජල මූලාශ‍්‍ර ආරම්භ වන ජීලෝන් කඳුවැටියේ වනගත ප‍්‍රදේශවල දෙමළ ජනතාව මලපහ කරන නිසා රෝගකාරකය පානීය ජලයට එකතු වන බවය. මෙම තර්කවල යම් සාධාරණත්වයක්ද බැලූ බැල්මට පෙනේ. ජල ව්‍යාපෘතියට අදාළව පසුගිය කාලයේ ජල සාම්පල පරීක්ෂා කළ බවද ඒවායේ අසූචි මිශ‍්‍රව තිබූ බවද ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති. මේ වනවිට රෝගය බොහෝ දුරට පහව ගොස් ඇත. එහෙත් ඒ මේ ප‍්‍රදේශයට තවත් ප‍්‍රශ්න කන්දක් නිර්මාණය කර දෙමින්ය. දැන් මොනරාගල නාගරික සීමාවේ ජීවත්වෙන සිංහලයන් කියා සිටින්නේ මරගල කන්දේ ජීවත් වෙන දෙමළ මිනිසුන් එම ස්ථානවලින් ඉවත්කර වෙනත් ප‍්‍රදේශයක පදිංචි කළ යුතු බවය. මේ හඬට සවන් දෙන රජයේ පාර්ශ්වයද කියන්නේ කඳුවැටියේ ජීවත්වෙන දෙමළ ජනතාව එම ස්ථානයෙන් ඉවත් කර කඳුවැටිය රක්ෂිතයක් කළ යුතු බවය. එලෙස සැහැල්ලූවෙන් මේ ප‍්‍රශ්නය දෙස බලා දෙමළ ජනතාව කඳුවැටියෙන් ඉවත් කළ හැකිද? තමන් අවුරුදු 150ක් පමණ ජීවත් වූ මේ කඳුවැටිය හැරදමා එකවරම පහළට බසින්නට දෙමළ ජනතාව කැමතිද? විමසා බැලිය යුතුය. මොනරාගල ජල ගැටලූව පිළිබඳව සිංහල පාර්ශ්වයේ කතා ඕනෑවටත් වඩා පසුගිය කාලයේ මාධ්‍ය මගින් ප‍්‍රචාරය විය. එහෙත් එහි දමිළ හඬට තිබූ ඉඩකඩ සීමිතය.
ටීවී එකට දාලා
‘මොනරාගල මිනිස් සුන්ට කහ උණ හැදුණාම ටීවී එකෙන්, පත්තරවලින් ඇවිල්ලා අපේ ලයින් කාමර, ටොයිලට් ෆොටෝ ගහලා දැම්මා. මේ මිනිස්සුන්ගේ ටොයිලට් තියෙන්නේ වතුර ගන්න තැනමයි, මේ මිනිස්සු කැත කරන්නේ කැළේ කියලා. අපි අසරණ වුණා. අපෙන් කිසි දෙයක් ඇහැව්වේ නැහැ. ඒවා ටීවීවල ගියා කියලා කියනකොට තමයි අපිත් දැනගත්තේ. උඹලා ටොයිලට් යන්නේ කැළේටද කියලාවත් ඇහැව්වේ නැහැ. ඉතින් බලන්න මේ නඩු කාටද කියන්නේ.’ ජල ගැටලූව පිළිබඳව කතා කරන්නට මුලින්ම ඉදිරිපත් වූ ලක්නන් පැවසීය. මරගල කන්දේ කුමාරවත්ත ස්ටේට් තුළ කුමාරදොළ සහ මරගල යනුවෙන් ඩිවිෂන් දෙකකි. මෙම ඩිවිෂන් දෙකෙන් අදාළ ජල මූලාශ‍්‍රය පිහිටා තිබෙනුයේ කුමාරදොළ ඩිවිෂන් එක තුළය. ඒ තුළ වතු දමිළ පවුල් 400ක් පමණ ඉතාමත් දුෂ්කර තත්ත්ව යටතේ දිවි ගෙවති. ඩිවිෂන් දෙකේම දමිළ පවුල් ප‍්‍රමාණය 800කට මඳක් වැඩිය. ඩිවිෂන් එකක් තුළ තිබෙන ප‍්‍රශ්නයට කඳුවැටියේ පිහිටි ඩිවිෂන් දෙකම ඉවත් කිරීම මෙහි පවතින එක් ගැටලූවක්ය. මොනරාගල නගරයට සම්පූර්ණයෙන්ම වෙනස් සුවදායක සිසිලක් රැුඳි දේශගුණයකින් සපිරි මේ බිමට වැටී තිබෙන මාර්ගය ඉතාමත් දුෂ්කරය. විදුලි බලය නැත. මිනිසුන් සූර්ය බලශක්තිය පාවිච්චි කරනු පෙනේ. අට-දහය තරම් කුඩා කුකුල් කූඩු බඳු ලයින් කාමර තුළ පවුල් 5ක් පමණ එකට ජීවත් වෙනවා කියන විට දැනෙන හැඟීම කෙබඳුද? මෙහි ජනීජනයාගෙන් 50%ක් පමණ වත්තේ රබර් කර්මාන්තයට තම ශ‍්‍රමය දියකරන අතර අනෙක් 50%ක පමණ පිරිසක් මොනරාගල නගරයේ රැුකියාවේ නිරත වෙති. ඔවුන් බොහෝ දෙනෙකු පහළ ව්‍යාපාරිකයන්ගේ කඩවල රුපියල් 600ක පමණ දෛනික සොච්චම් පඩියකට ශ‍්‍රමය වගුරවන්නෝ වෙති. ඒ ව්‍යාපාරිකයන් අද එකහෙළා කියන්නේ තමන්ගේ කඩ තුළ ශ‍්‍රමය වගුරවන මේ පුද්ගලයන් කඳුවැටියෙන් පහළට ඇදදැමිය යුතු බවය.
රණ්ඩු වෙන්න බැහැ
‘මම මහේ්න්ද්‍රන්. මම මොනරාගල ටවුමේ බස් එකක වැඩ කරන්නේ. උඹලාගේ කට්ටිය පහළට බස්සනවා උඹලා නිසා අපිට වතුර බොන්න බැහැ. උඹලා කැළේටද ටොයිලට් යන්නේ කියලා සිංහල අය අහනවා. රණ්ඩු වෙන්න බැරි නිසා අපි සද්ද නැතුව ඉන්නවා.’
මහින්ද රාජපක්ෂ කාලයේ ජීලෝන් වතු බංගලාව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තමන්ගේ පුද්ගලික පරිහරණයට ගන්නා විට එවක ඌව ප‍්‍රධාන අමාත්‍යවරයා පවසා තිබෙනුයේ මන්දිරයට යන මඟ දෙපස දමිළ ජනතාව වෙනත් ස්ථානයක පදිංචි කරන බවය. ඒ කහ උණ නිසා හෝ පානීය ජලය නිසා හෝ නොවේ. දැන් දැන් පානීය ජලය පෙරට දමාගෙන දෙමළ ජනතාව තමන්ගේ උපන් බිමෙන් ඉවත් කර දැමීමට අඳින සැලසුම්වල යටි අරමුණ අතීත අරමුණමද?
‘මේ වතුර ප‍්‍රශ්නය නිසා පහළට යන්න කියනවා. අපි කොහේද යන්නේ. අපි ඉපදුණේ මෙතැන. නගරයට ගිහින් අපිට ජීවත්වෙන්න
බැහැ. මේ වතුර ප‍්‍රශ්නය බොරුවට හදපු ප‍්‍රශ්නයක්. එයාලා එදා ඉඳලා බොන්නේ මේ වතුර. අපිත් බොන්නේ මේ වතුර. කෝ කවුද අපේ ලෙඩ වුණේ. කවුරුත් නැහැ.’
මේ හඬ පාච්චියම් මහත්මියගේය. ඇය මේ ලැයිමේ වයස්ගතම කාන්තාව වෙයි. දැන් ඇයගේ වයස අවුරුදු හැත්තෑවකි.
අපිත් මිනිස්සු
‘මගේ නම මේරි. මේ වත්තේ ඔක්කොම දෙමළ පවුල් 800ක් විතර. අපිට යන්න පාරක් නැහැ. ලයිට් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔය උඩහ තියෙන බංගලාවට ආ වෙලාවක මේ ලයිම් ළඟ වාහනය නවත්තලා කිව්වා ලයිට් දෙනවා, පාර හදලා දෙනවා කියලා. ඒත් කිසි දෙයක් කරලා දුන්නේ නැහැ. අපි හරිම දුකෙන් ඉන්නේ. අපිට හරියට මාසේ පඩියවත් වෙලාවට ලැබෙන්නේ නැහැ. අපි මේ වතුරවලට කිසිම හානියක් කරන්නේ නැහැ. අපිත් මිනිස්සු. සිංහල අයට අපි කියන්නේ අපි ගැන එහෙම හිතන්න එපා කියලා. අපිව පහළට අරන් යනවාට වඩා හොඳයි මේ ජල ව්‍යාපෘතිය වෙන තැනකට අරන් යන එක. ඒකයි වෙන්න ඕනෑ.’ මේරි තමන් සහ තමන්ගේ සහෘදයන් සිරවී සිටින උභතෝකෝටිකයකට යම් පහන් එළියක් එල්ල කරන්නීය. මොනරාගල ජල ගැටලූවට තිබෙන එකම විසඳුම මේ ජනතාව කඳුවැටියෙන් ඉවත් කර දැමීමද? මෙහි වෙසෙන බොහෝ දෙනෙකු පවසන්නේ තම ජනතාව මෙම ස්ථානයෙන් පිටමං කිරීමේ අරමුණ පිටුපස ජලය බෝතල් කර රට පැටවීමේ කර්මාන්තයක් ඇරඹීමේ වුවමනාවක් තිබෙන බවය.
පාසල වැසෙයි
මරගල කඳුවැටියේ සංචාරය කළ අපි ශ‍්‍රී ගෞරි දෙමළ විද්‍යාලයට ද ගියෙමු. බොහෝ වතු දමිළ පාසල් නිරීක්ෂණය කර පුරුදු මට මේ පාසල දුටු පමණින් යම් වෙනසක් දක්නට ලැබුණි. පාසල හරිම පිිළිවෙළය. පිරිසිදුය. අප එහි යන විට ගුරුවරුන් විදුහල්පතිවරයා ප‍්‍රමුඛව සරස්වතී පූජාවට සූදානම් වෙමින් සිටිනු දක්නට ලැබුණි. මෙම විද්‍යාලයේ අපොස සාපෙළ දක්වා ඉගෙනුම ලැබීමේ පහසුකම් ඇත. විදුහල්පති සුදාහරන් රාවය සමග වත්තේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න බෙදාගත්තේ මෙලෙසින්ය.
‘දරුවන් 210ක් ඉගෙනුම ලබනවා. අපිට ගුරුවරුන්ගේ, සම්පත්වල හිඟයක් නැහැ. ළමයින් ගුරුවරු මාපියෝ ගොඩාක් මහන්සිවෙලා තමයි මේ ඉස්කෝලෙ මේ තත්ත්වයට ගෙනාවේ. ඕලෙවල් පාස් වෙලා ඒලෙවල්වලට සුදුසුකම් ලබන ළමයි ප‍්‍රමාණයත් දැන් ටික ටික වැඩි වෙනවා. ඇත්තටම මේ වත්තේ දෙමළ මිනිස්සු වෙන දුරකට ගෙනිච්චා කියමු. මේ පාසල වැහිලා යයි. අනෙක මේ ළමයින්ගේ අධ්‍යාපනය කැඩිලා යයි. අනික් වතුවලට සාපේක්ෂව මේ ළමයි ඉගෙනගන්න උනන්දුයි. මේ මිනිස්සු මේ වතුරට අපද්‍රව්‍ය මිශ‍්‍ර කරනවා කියන එක පිළිගන්න අමාරුයි. දැන් මේ ලයින් කාමරවලට ටොයිලට් පහසුකම් ගොඩක් වෙලාවට තියෙනවා. අපි හොඳ පුරුදු මේ පාසලෙනුත් උගන්වනවා. දැන් වතුවල අපේ දෙමළ අය ඉස්සරට වඩා දියුණුයි. එනිසා මලපහ කිරීම වගේ දේවල්වලට කැලයට යන එක අඩුයි. ඒ නිසා මට නම් කියන්න තියෙන්නේ මේ වතුවල ලයින් කාමර ඉවත් කරලා මේ මිනිස්සු වෙන වෙන තැන්වලට ගෙනියනවාට වඩා මේ වතුර ව්‍යාපෘතිය තව මීටර් 100ක් උඩට ගෙනිච්චා නම් ඉවරයි.’ ඔවුන් මේ ගැටලූව සමග දෛනිකව පොරබදන මිනිසුන්ය. ඒ නිසා මේ අදහස් වැදගත්ය.
උඩට ගෙනියන්න
‘මේක මතක තියාගන්න. මේ ජල ව්‍යාපෘතිය මොනරාගලට අවශ්‍යයි. ඒ වගේම 1877 වගේ කාලෙක පටන්ගත්ත මේ වත්තේ පදිංචිවෙලා ඉන්න දමිළ ජනතාව මේ ප‍්‍රදේශයේම ඉන්න ඕනෑ. මේ ජල ව්‍යාපෘතිය ඒ කියන්නේ ජල සම්පාදනයෙන් කරන බෙදාහැරීම පටන් අරන් තියෙන්නේ 1986-1987 කාලේ. මේ දක්වා කිසි ප‍්‍රශ්නයක් තිබිලා නැහැ. පටන් ගන්නකොටත් ඔය සීමාවේ ලයින් කාමර තිබුණනේ. ඒ නිසා මම නම් කියන්නේ ජලය පිරිපහදුවට පොම්ප කරන බන්ට් එක දැන් තියෙන තැන ඉඳලා මීටර් 100ක් 200ක් උඩට ගෙනියන්න. එච්චරයි. එහෙම ගෙනිච්චා නම් ලෙච්චමි වත්ත කියන එක ඊට උඩින් තියෙනවා. එතන ඉන්නේ පවුල් 20ක් විතර සුළු ප‍්‍රමාණයක්. අපි එයාලාව පහළට එයාලාගේම සහෝදර ජනතාව ළඟින් පදිංචි කරමු. එහෙම කළාම ඔය ජල මූලාශ‍්‍රයට ඉහළින් මොන නිවාසයක්වත් නැහැ. ඕනෑම නම් එතැනින් උඩ කන්ද රක්ෂිතයක් කරනවා. එතකොට එක පැත්තකින් මේ දෙමළ ජනතාව ඒ රක්ෂිතය ආරක්ෂා කරගනී. ඒක තමයි නිවැරදි ක‍්‍රමය.’
ස්ථිර විසඳුමක් මෙලෙස යෝජනා කරන්නේ අවුරුදු 5ක් පමණ කුමාරවත්තේ දොස්තර ලෙස සේවය කළ මොනරාගල වතු වෘත්තිය සමිතියේ සභාපතිවරයාය. ඔහු මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙසද කටයුතු කළ පුද්ගලයෙකි. ඔහුගේ නම වෛද්‍ය චන්ද්‍රසිරි ලොකුගේය. ජල ගැටලූව පිළිබඳව ඔහු ප‍්‍රකාශ කළේ මෙම සාධනීය යෝජනා බලධාරීන් පිළිගෙන දෙමළ ජනතාව මෙන්ම ප‍්‍රාදේශීය සිංහල ජනතාවද ආරක්ෂා කළ යුතු බවය. යම් කෙනෙකු ජාතිවාදී ලෙස කටයුතු කරමින් දෙමළ ජනතාව ප‍්‍රදේශයෙන් පිටමං කිරීමට උත්සාහ කළහොත් මානව හිමිකම් කොමිසමට යන බවද ඒ මහතා රාවයට වැඩිදුරටත් පැවසීය.
අපේ සංචාරයේදී ජල පිරිපහදු අංගණයට මෙන්ම ජලය පිරිපහදුවට පොම්ප කරන මූලාශ‍්‍රය අසලට ද ගියෙමු. බැලූබැල්මට පෙනෙනුයේ ජල පිරිපහදුව අක‍්‍රිය බවය. ජල මූලාශ‍්‍රය සහ ඒ අවට භූමිය ද ජල සම්පාදන මණ්ඩලය විසින් නිසි නඩත්තුවකින් පවත්වාගෙන නොයන තත්ත්වයක් දක්නට ඇත. ඒ අවට එළුවන් ඌරන් වැනි සතුන් ගැවසී ඇති බව නිරීක්ෂණය කළ හැකි විය. ජල සම්පාදන මණ්ඩලය සතු මෙම පිරිපහදුව සහ එයට අදාළ ස්ථාන පරීක්ෂා කිරීමේදී පැහැදිලි වූයේ මණ්ඩලය මිනිසුන්ට මුදලට ජලය විකුණුවත් කටයුතු නිසි පරිපාලනයකින් සිදු නොකරන බවය. එනිසා දෙමළ ජනතාව කඳු වැටියෙන් පළවා හැරීමට පිඹුරුපත් සකස් කරන අය මේ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. ඒ හරහා නිසි පිරිසිදු කිරීමක්් තුළින් පානීය ජලය ලබාගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතුය.
සුදුසු තැනක ගෙවල් හදලා දෙනවා| පත්මා කුලසූරිය දිස්ත‍්‍රික් ලේකම්, මොනරාගල
පසුගිය කාලේ පැතිරිලා ගිය ඔය රෝගී තත්ත්වය නිසා එක රෝගියෙක් මිය ගියා. 300කට වැඩි පිරිසත් රෝහල්ගත කළා. අනික ජල සාම්පල පරීක්ෂාවෙන් ඔප්පු වෙලා තියෙනවා ජලයට අසූචි මිශ‍්‍ර වෙලා කියලා. ඒ නිසා අපි දැන් ජනවසමත්් එක්කත් සාකච්ඡා කරනවා. ඒ පවුල් ආවාට ගියාට ඉවත් කරන්නේ නැහැ. අපි එයාලාට සුදුසු තැනක් සොයලා බලලා එක් පවුලකට එක ගෙය ගානේ හදලා දෙනවා.
- See more at: http://ravaya.lk/?p=10352#sthash.XVfR8olh.dpuf
Comments
Post a Comment